මේ දවස් වල නිතරම උදේ ඉඳන් වහින නිසා එහේ මෙහේ දුර යන එක ටිකක් අනතුරුදායක නිසා ඒත් එමලිව රවුමක් අරන් යන්නත් ඕනේ නිසා Pizza hut එකට අරන් ගියා. මට ටිකක් එමලි එහෙම ගිහින් පොඩි වෙලාවක් හරි ඉදගෙන ඉන්නවා බලන්නත් ආසයි. ඇයි ඉතිං පැය 24ම කරන්ට් එක වැදිලා වගේ එහෙට මෙහෙට දුවන ගමන් නෙ ඉන්නේ. හැබැයි ඉතිං කොහේ අරන් ගියත් එමලි Try කරන්නෙම දුවලා යන්න. හරි අමාරුවෙන් තමයි මුල්ලක් බලලා ඉන්දවලා අපි එමලිට දුවන්න නොදී වටේ රැකලා ඉන්නේ.
අපිට Pizza hut එකට ගිහින් Order කරපු කෑම ටික එනකල් විනාඩි 20 ක් වගේ බලන් ඉන්න උනා. ඔය විනාඩි 20 එමලිට සහ අපිට පැයක් දෙකක් වගේ දැනුනේ. හැබැයි ඉස්සර වගේ එමලි අඩන්නෙ නෑ. හේතුව දැන් එමලි ලොකු නිසා ගොඩක් දේවල් තේරෙනවා. කෑම හම්බෙනකල් ඉවසීමෙන් කොහොම හරි ඉන්නවා. හැබැයි වයින් කරලා වගේ එහා මෙහා යන්න බලනවා. දෙතුන් පාරක් මගේ කර උඩින් පිටිපස්සෙන් පැනලා දුවන්න හැදුවා.ඊට පස්සේ එතන තිබ්බ Posters වල Letters කියෙව්වා. Tomato sauce පැකට් එකේ තිබ්බ අකුරුත් කියෙව්වා.
හොඳම දේ තමයි ” Hurry up / yes pizza ” කියලා සැරින් සැරේ කියපු එක. ඒ කිව්වේ ඉක්මනට කෑම ටික ගේන්න කියලා
. එමලි මේ වගේ එළියට ආවම මෙහෙම කිව්ව පළවෙනි වතාව තමයි මේ. මට ඒකට නං හරිම සතුටුයි. කොහොම හරි දඟල දඟල හරි එක තැන ඉඳලා කෑමත් කාලා එනගමන් Supermarket ගිහින් එයාට ඕනේ Cologne දෙක තුනකුත් තාත්තට කියලා අරගෙන තමයි එමලි ගෙදර ආවේ. මම ” 2024 දි Waiting ” ගැන කලින් ලියපු පෝස්ට් එකක ලින්ක් එක තමයි මේ තියෙන්නෙ. දැන් ඒ කාලෙට වඩා එමලිට තරමක් වැඩි වෙලාවක් උනත් නොසන්සුන් වෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වෙන්නේ ඒ Environment එක අනුව. එමලිගේ මනසට හිරිහැරයක් නොවන Sensory overload නොවන පරිසරයක් නං යමක් ලැබෙන කල් බලන් ඉන්න සිද්ධ වීම එමලිට ලොකු අපහසුතාවයක් නෙමේ.
