ඉතාමත් අසීරුවූත් ,විනිශ්චයන් දැඩි ව නොනවත්වා අකුණු පහරවල් සේ එල්ල වන මාවතක මා එමලිවත් කරපින්නාගෙන කන්ද මුදුනත දක්වා ඇවිද යන්නෙමි.කන්ද මුදුනෙහිම සිට ගත හොත් ඇයට නිල් පාට ආකාසයත්, කොළ පාට තෙත පොළොවත්, දේදුනු මෙන් වර්ණවත් මිනිස්සුත් වඩා පැහැදිලිව පෙනෙනු ඇතැයි මා සිතන්නෙමි.
මා නොනිදා පහන් කළ මාස ගණනාවකින් පසු ඔබගේ ගමන නොවැරදෙන්නට මේ පොත ඔබට භාර දෙන්නෙමි.ඔබට ඔබගේ දරුවාගේ හැඩය පිළිගැනීමටත් ඔටිසම් ප්‍රජාවගේ මනුශ්‍ය විවිධත්වය සමාජයට වටහා ගැනීමටත් මේ පොත මා සමාජගත කරන්නෙමි.
ඉතිං එමලි මේ අම්මාට කොපමණ මහන්සිදැයි ඔබ දැනගැනීමට උවමනා නැත. ඔබ කවදාක හෝ දැනගත යුත්තේ මා ඔබගේ මනුශ්‍ය හැඩය මගේ හදවතින්ම ආදරයෙන් බදා වැළදගත් බව පමනි 

