අවුරුදු 92 ක් වයස අම්මා තමන්ගේ සහය අවශ්‍ය වෙන දුවව Nursing home එකට ඇතුළු කරන්න හිත හදාගන්න බැරිකම තමයි මේ වීඩියෝ එක අවසානය වෙනකල් තියෙන්නෙ.

අම්මා කොයිතරම් ශරීරයෙන් දුබල උනත්, මානසිකව වෙහෙසට පත් උනත් දරුවන්ව කවදාවත්ම හදවතින් අත් හරින්න කැමති නෑ. ඒක කරන්න අම්මෙක්ට බැහැ.මේ අම්මා ගෙවුනු අවුරුදු ගණනාව පුරා කොයිතරම් නම් අභියෝග වලට මුහුණ දෙන්න ඇතිද? තමන්ගේ දුව වෙනුවෙන් කොයිතරම් නම් අරගල කරන්න ඇතිද? දුවව තමන්ගේ ඇස් මානයෙන් තියාගෙන උණුසුම්ව පෝෂණය කරන්න ඇති. ආදරේ අසීමිතව දරුවාට දෙන්න ඇති. ඇත්තටම දරුවගෙන් වෙන් වෙන්න හිත හදා ගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එක ආයේ ආයේ බල බලා හිතනවා.

මේ අම්මා ආයේ ආයේ කියනවා ” මම දුවව ගෙදර අරන් යනවා ” කියලා.🥺

මට මේ හැඟීම, මේ අම්මගේ හදවත කැඩිලා විසිරිලා යන ඒ හැඟීම මගේම හැඟීමක් වගේ දැනෙනවා.මම කල්පනා කරනවා එමලිගේ ලොකු දිලිසෙන ඇස් දිහා බලන් හැම දවසක්ම හිනා වලින් පිරුණු දවස් උනාට මේ ජිවිතය කොයිතරම් නම් අසාධාරණද” කියලා.

Happy Mother’s Day to all the incredible mothers out there. 🌸

Mothers may cry quietly, feel tired, or feel lost sometimes… but giving up on their child is never part of their heart. ❤️

මුල් සබැඳිය : Happy Mother’s Day