සමහර කාලවල් තියනවා අපිට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති. ඒකට හේතුව අපේ බ්රේන් එකටත් විවේකයක් ඕනේ නිසා වෙන්න ඇති. මට නිකන් මේ දවස් ගෙවෙන්නේ කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕනේ කියන mood එකෙ
. ඒත් ඉතිං එහෙම ඉන්න ටිකක් අමාරුයි අපේ එමලි නෝනා එක්ක. ඊයෙයි අදයි දවස් වල එමලිගේ Mood එක එච්චරටම හොඳ නෑ. ටිකක් විතර Dysregulate වෙනවා. ඒ වෙලාවට අලුත් වචනයක් Verbal stimming විදියට කියනවා. ඒ තමයි ” නේහා ” කියලා. ඕක හයියෙන් නොනවත්වාම කියනවා. එතකොට ඒක මමත් රිපීට් කරන්න ඕනේ. ටිකක් හරි රිපීට් කරන එක පරක්කු උනොත් මූණට එබිලා මගේ කටට එයාගේ චූටී අත තියලා තද කරනවා.
ඒ අතරේ එහේ මෙහේ දුවනකොට වැදිලා උඩු තොල යන්තම් ටිකක් ඉදිමිලා. දැන් එමලිට එයාගේ ශරීරය ගැන දැනීම වෙනදාට වඩා හොඳට දැනෙනවා. සැරින් සැරේ ටැප් එක ඇරලා වතුර අරන් තොල තෙමා ගන්නවා. ඒ Awareness එක සෑහෙන්න හොදයි.
එමලි Dysregulate උනාම ආයේ පහසුවෙන් Regulate වෙනවා යා කරන, Pattern match කරන වගේ වැඩ කරන ඒවලින්. හේතුව එයා ඒවා කරන්න කැමති නිසා කියලා මට හිතෙනවා. කොහොම උනත් අපි හැමදාම එමලිට වැඩ කරන්න Worksheets print කරලා දෙනවා. එමලිට දැන් ඒක Routine එකක් බවට පත් වෙලා. එමලිම ඒ Worksheets print වෙනකල් ලග ඉඳන් ඉවසීමෙන් බලන් ඉන්නවා.කොළ එකින් එක එකතු කරගෙන සාලේ බිම කාපට් එක ළඟට යනවා. ඊට පස්සේ ඒවා කරලා ඒ කොළ ඔක්කොම එකට එකතු කරලා එයාගේ ෆයිල් එකට දාලා වහනවා.
එමලිගේ මේ දවස් වල වැඩ ගැන නං ලියන්න ගොඩක් දේවල් තියනවා. එකක් තමයි එමලි Google map එකෙන් පාරවල් බලන එක.ඒක තමයි එමලිගේ අලුත්ම Hobby එක. මම ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්. ඒත් එක්කම එමලිගේ තාත්තා එමලිට වැඩ කරන්න Education Game එකක් හැදුවා. ඒකේ විස්තරත් මම ඉක්මනට ලියන්නම්.
Thank you පේජ් එක කියවනවට සහ අපිට ඇහුම්කන් දෙනවට. මම වෙලාවකට කල්පනා කරනවා හරි කැමැත්තෙන්ම ඔටිසම් ගැන දැනුවත් වෙන්න එකතු වෙලා ඉන්න මේ හැමෝටම අපි කොයිතරම් නම් ස්තූතිවන්ත වෙන්න ඕනේද කියලා.
