ජයග්රහණයන් හෝ අභියෝගයන් පසු කර යෑම කියන්නේ ඔටිසම් අඩු වීමක් නෙමේ. ඔටිසම් කියන්නේ Spectrum එකක් කියන කාරණය අපිට ඒ නිසා ආයේ ආයේ මතක් කරන්න වෙනවා. Sensory Processing Differences ( SPD) / සංවේදන සංවේදීතා කළමනාකරනයේ විවිධත්වය කියන්නේ ඔටිසම් තත්ත්වය සමඟ තියෙන්න පුලුවන් තත්ත්වයක්. ඒත් හැම ඔටිසම් දරුවෙක්ටම හෝ පුද්ගලයෙක්ටම SPD නැහැ. ඒත් එමලිගේ එක අභියෝගයක් තමයි මේ SPD කියන්නේ. එමලිට සංවේදන සංවේදීතාවයන් දැනෙන්නේ හා ඒවා මොළයේ කළමනාකරනය වෙන්නේ වෙනස් විදියට. ශබ්ද, රූප, ස්පර්ශය ,රසය, ගඳ/සුවඳ, ශරීරයේ අභ්‍යන්තර අවයව වල දැනීම( (interception) සහ ශරීරයේ චලනයන්හි දැනීම ( Movement ) සම්බන්ධයෙන් එමලි අඩු වැඩි වශයෙන් සංවේදීතාවයක් දක්වනවා.
දැන් එමලිගේ දෘශ්‍ය සංවේදන සංවේදීතාවය ( visual sensitivity) අධික නිසා එමලිට සමහර රූප, වස්තූන්, පාට, චලනයන් දරාගන්න අපහසුයි. අපි Worksheets වල වැඩ කරනකොට එමලි එක පාරටම කෑ ගහලා කනක් වහගන්නේ ඒ එයාට දරාගන්න අපහසු තැන් වලදි. ගොඩක් වෙලාවට සත්තුන්ගේ රූප වලදී එහෙම වෙනවා.ඒ වගේම යම් යම් වචන කියවනකොටත් ඒක වෙනවා. මේකට එක හේතුවක් අවට දෙවල් සහ තමන්ගේ අත්දැකීම් එක්ක ඔටිසම් පුද්ගලයින් ඉතා හැඟීම් බරව ගැඹුරට සම්බන්ධ වෙන නිසා. එමලි කන් වහගන්නේ ශබ්ධ දරාගන්න අපහසු උනාම විතරක් නෙමේ. යම් දෙයක් නිසා ස්නායු අධිකව උත්තේජනය වෙනකොට කන් වහගන්නවා. ඉතිං මේවා එමලි ලොකු වෙනකොට මඟ හැරිලා යන දේවල් නෙමේ.
ඉතිං සාම්ප්‍රදායික ස්නායු පද්ධතියක් තියෙන දරුවෙක්ට පොතක වැඩක් කරනකොට ඒ දරුවාගේ මොළයට පැවරිලා තියන කාර්යභාරයට වඩා ඒ වැඩේම එමලි කරනකොට විශාල කාර්යභාරයක් එමලිගේ මොළයට පැවරෙනවා. එමලිට සරල Task එකක් කියලා අපිට හිතෙන දේවල් cognitive load එකක් වෙන්නේ ඒකයි.
එකක් එමලිට එයාට ඇහෙන , දකින සෑම තොරතුරක්ම හැම දේම අධිකව සංවේදීව දැනෙන නිසා ඒවා කළමනාකරනය කරගන්න ඕනේ. පැන්සල ඇල්ලීමේ ඉඳන් කොළයේ ස්පර්ශය, කොළයේ පේන්න තියන රූප, වචන මේ හැමදේම එමලි දරාගන්න ඕනේ. ඒත් එක්කම අවධානය පවත්වාගෙන යන්න ඕනේ.ඒ නිසා යම් ඉලක්කයක් සපුරා ගැනීමේ ජයග්‍රහණය කියන්නේ මේ හැමදේම කළමනාකරනය කරගෙන හෙමින් ඉදිරියට යෑම මිසක් ඔටිසම් ටික ටික අඩු කරගෙන යෑමක් නෙමේ.
මම ඒකයි එමලිගේ හැඩය තේරුම් අරන් එයාට අමතර පීඩාවක් නොදෙන්න හරිම පරිස්සමට සහය දෙන්නේ. එමලි වැඩ කරනකොට උදව් ඕනේ වෙලාවට උදව් කරලා නිහඬව එයාට වැඩ කරන්න නිදහස දෙන්නේ ඒකයි.
මමත් අභියෝග රැසක් පහු කරගෙන යන දරුවන්ගේ අනෙක් අම්මලා වගේම තමයි. මටත් ඉතා දැඩි වෙහෙසක් නිරන්තරයෙන් දැනෙනවා. ඒත් අපි දරුවෙක්ට සහය දෙන්න නං දරුවාගේ හැඩය ගැන පුලුවන් උපරිම දැනුවත් වෙන්න ඕනේ. මම කියවන හැම දේම, හැම මූලාශ්‍රයක් ගැනම මම ලියන්නේ ඒකයි. මාසෙට ඩොලර් 25 ක් ගෙවලා වෙබ්සයිට් එකක් පවත්වාගෙන යන්නේ ඒකයි. හරියටම මේ දක්වා ඒ වෙබ්සයිට් එක පවත්වාගෙන යන්න මම ගෙවලා තියනවා එක්ලක්ෂ අසූපන්දාහක්. මම මෙහෙම වියදන් කරන්නේ අවශ්‍ය අම්මා කෙනෙක්ට දරුවාගේ විවිධත්වය ගැන නොමිලේ , මහන්සියක් නොවී එක තැනකින් හැම මූලාශ්රයක්ම එකතු කරගෙන දැනුවත් වෙලා දරුවට සහය දෙන්න. ඒ නිසා ඒක කියවන්න. බෙහෙත් පෙත්තක් දීලා හරි එක හැසිරීමක් යන්තම් වෙනස් කරගන්න හරි පුළුවන් වීම නෙමේ ඔටිසම් දරුවෙක්ට සහය දෙනවා කියන්නේ. මම මේක කියන්නෙම සමහරු මගෙන් අහන ප්‍රශ්න වලට සරල උත්තරයක් දෙන්න බැරිකම නිසා වෙබ්සයිට් එක කියවන්න කිව්වම ආපිට මට එන උත්තරය තමයි ” හ්ම්ම්ම් ” කියන එක. ඉතිං මම කල්පනා කරනවා ඔය හ්ම්ම්ම් කිය කියා ඉන්න වෙලාවේ ළමයා නිදි කරලා හරි ටිකක් වෙබ්සයිට් එකට ගිහින් කියෙව්වා නං දරුවගේ අහියෝග කළමනාකරනය කරගන්න උත්සාහ පුලුවන් නේද කියලා.
අද එමලි කරපු වැඩ ටිකක් තමයි මම මේ වීඩියෝ එකේ දැම්මේ.Edit කරන්න පවා මට මහන්සි නිසා ලොකුවට Edit කරේ නෑ. මැදින් බලු බබාලා උඩු බුරන සද්දෙයි එමලිගේ තාත්තා එයාලට සැර කරන සද්දෙයි වීඩියෝ එක මැදින් ඇහෙයි
. ඒකට සමාවෙන්න.

. ඒකට සමාවෙන්න.