එමලිට අදත් Worksheets දුන්නා. ඒවා හරි ඉක්මනට ඉවර කරා. එයාගේ ගමනේ ඉක්මන වගේ තමයි වැඩත්. ඒත් දවසකට දෙන ප්‍රමාණෙට එහා ගොඩක් වැඩ කරන්න දුන්නොත් එමලිට නොතේරුනාට එයාව හරි ඉක්මනට වෙහෙස වෙන්න පුලුවන්. ඒත් හවස පරණ Worksheets වගයක් හොයන් එමලි මගේ අතත් අල්ලන් එයා වැඩ කරන තැනට ආවා. ඒ සාලේ මැද බිම කාපට් එකේ. ඒ Work sheets වල තිබ්බේ කොටසක් පාට කරන්නයි කොටසක් අලවන්නයි.පාට කරන ටික කරාට පස්සේ අලවන ටික කරන්න බලනකොට ගෙදර ගම් නෑ
. එමලි තමයි තිබ්බ ගම් බෝතල් ඔක්කොම ඉවර කරලා තියෙන්නෙත්. ඉතිං එමලිට කිව්වා තාත්තා ඔෆිස් එකේ ඉඳන් එනකොට ගම් ගෙනෙයි එතකොට අපි මේ ටික අලවමු කියලා. ඒත් මට එමලිගේ තාත්තට ගම් ගේන්න කියන්න අමතක උනා
.
ආයෙත් ඒක මතක් වෙලා එමලි කතුරකුත් හොයන් අර කපලා අලවන්න තියන රූප කොළ ටිකත් අරන් මගේ ළඟට ආවා. දැන් ගම් නෑ කියන්නත් බැරි නිසා මම එමලිවත් අරන් ගිහින් අපි ගම් හදමු කියලා පාප්ප හැදුවා. එමලි බලන් හිටියා අම්මා මේ මොනවද කරන්නේ කියලා
.
පාප්ප ටික දුන්නම හොඳට පුරුදු කාරයෙක් වගේ අර පාප්ප හෙමින් රූප වල ගාලා කොළ වල ඇලෙව්වා. පාප්ප වැඩෙත් නරකම නෑ කියලා මට අද හිතුනා
.
