මම නිතරම කියනවනේ එමලි දිහා ඇස් දෙක අලවන් බලන් ඉන්නම ඕනේ කියලා. මොන තත්ත්පරේ මොකක් කරයිද දන්නේ නෑ.නිකන් මීයෙක් වගේ තමා අහු මුලු අවුස්ස අවුස්ස ඉන්නේ
. ඒ තරම්ම පුදුමාකාර කුතුහලයක් තියෙන්නේ. එමලිට තාම වැටහීමක් නැහැ එයා කරන සමහර වැඩ නොකළ යුතු දේවල් කියන එක.
දැන් මේ මම ලියන්නේ ඊයේ රෑ පැයක් ඇතුළත කරපු වැඩ දෙකක් ගැන. එමලිට ගෙදර වොශින් මැශින් එක ගැන පුදුමාකාර කුතුහලයක් ඇති උනේ Brand , logos ගැන උනන්දුවක් ආවට පස්සේ. ඉතිං අපි පොඩ්ඩක් එහා මෙහාට යනකල් ඉඳලා ඒකට මුලු Washing liquid බෝතලේම හලලා on කරනවා.පස්සේ මම ඒවා හංඟලා මැශින් එකත් Plug එකෙන් ගලවලා තිබ්බා. ඒත් මැශින් එක දාලා තියන වෙලාවට දොර ලොක් කරත් තත්ත්පරයක් ඇති එමලිට ඒ කාමරේ උඩ අඟුල ඇරගෙන ගිහින් ඒක ඔබලා එන්න.
ඊයේ මම සාලේ ඉන්න වෙලාවක මට නොපෙනෙන්න කාමරේට ගිහින් මැශින් එකට හාපික් බෝතල් දෙකක්ම හලලා ඒක On කරලා.මට එක පාරටම හාපික් සුවඳක් ආව නිසා ටක් ගාලා ගිහින් බැලුවම අපේ රෙදි හාපික් වලින් හේදෙනවා
.
එමලිගෙන් ඇයි එහෙම කරේ කියලා අහලා තේරුමක් නෑ.එයාට සැර කරලා තේරුමක් නෑ. හේතුව එයාට අනුව එයා නරක හෝ කරන්න ඕනේ නැති වැඩක් නෙමේ කරලා තියෙන්නේ. එමලිට ඕනේ වෙලා තිබ්බේ රෙදි ටික හේදෙන්න Liquid එකක් දාලා හරියටම ඒ වැඩේ කරන්න.
කාමරේ බිම වැටිලා තිබ්බ හාපික් ටික ක්ලීන් කරලා ආයේ රෙදි අලුතින් හේදෙන්න දාලා එනකොට එමලි සීනි පැකට් එකක් අරන් ඒක තනියම කඩලා භාජනේකට හලලා මම එනකොට භාජනේ හිස් කරා බින් එකට
. හැම තැනම සීනි. දැන් ඒකත් එයාට අනුව නොකළ යුතු දෙයක් නෙමේ. එයාට උවමනා වෙලා තිබ්බේ ඒ පැකට් එකේ තිබ්බෙ සීනි ටික කඩලා භාජනේකට දාලා බලන්න. බැලුවට පස්සේ භාජනේ ක්ලීන් කරන්න ඕනේ කියලා හිතපු නිසා ඒ සීනි ටික බින් එකටත් දාලා එයා ක්ලීන් කරා. ඉතිං මම කොහොමද එමලිට කියන්නේ ඔයා මේ කරේ නරක දඟ වැඩක් කියන එක. එයාට ඒ ගැන කිසිම තේරුමක් නෑ. අපි මේ ගැන කතා කරමු.
මේ වගේ දේවල් දරුවන් කරන්නේ curiosity සහ sensory interest එක නිසා. ඒත් දරුවන් ලොකු වෙනකොට එයාලට වැටහෙන්න ගන්නවා බඩු ගන්නේ සල්ලි දීලා සහ ඒවා එක්ක Play කිරීම නාස්තියක් කියන අදහස. එමලි වගේ දරුවෙක්ට තාම ඒ පරාසයන් ගැන දැනීමක් නැහැ. ඒවා සංවර්ධනය වෙන්න යම් කාලයක් ගත වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට එමලිට තාම වැටහීමක් නෑ අපි කඩේට ගිහින් බඩු ගන්නේ සල්ලි දීලා කියන එක. සල්ලි කොළ නාමිකව එමලි හදුනාගත්තත් ඒවා වල වටිනාකමක් එමලිට තේරෙන්නේ නෑ. සමාජ හෝ ආර්ථික Structure එක ගැන දැනීමක් එමලිට තාම නෑ.
දැන් වොශින් මැශින් එකට හාපික් දාලා රෙදි හේදෙන්න දාපු එක දඟ වැඩක් විදියට අපිට හිතන්න බැහැ. ඒක එමලි කරපු හේතුව තමයි එයාට ඕනේ උනා අම්මව අනුකරණය කරන්න. එයා මාව නිරීක්ෂණය කරලා තේරුම් අරන් ඉන්නවා මැශින් එකට රෙදි දාලා ඊට පස්සේ Washing Liquid දාලා අවසාන පියවර තමයි මැශින් එක On කරන එක කියලා. මෙන්න මේ පියවරයන් ටික තමයි එමලි හරියටම කරේ. හාපික් කියන්නේ අපි රෙදි වලට දාන්නේ නැති Chemical එකක් කියන එක එමලිට තේරෙන්නේ නෑ. එයාට පේන මානේ ඒවා තියලා තිබ්බ එක මගේ වරදක්.
එමලිට පුලුවන් එයාගේ රෙදි එයාටම ස්වාධීනව හෝදගන්න කියන Positive sign එකට එහා දෙයක් මම ඒ වැඩෙන් දැක්කේ නැහැ..
සීනි පැකට් එක අරන් පැන්ට්‍රි එකෙන් භාජනයක් අරන් සීනි පැකට් එක තනියම ඇරලා භාජනේට දාපු එක එමලිට හරිම Interesting සහ
Satisfying වැඩක්. එයාට ඒ වගේ කෑම ,dry foods පැකට් දැක්කම පාලනය කරගන්න අපහසු දැඩි උවමනාවක් එනවා ඒවා ඇරලා භාජන වලට දාන්න. ඒ හරහා එමලි ලබා ගන්නවා ස්පර්ශය , චලනය, ශබ්ධ, දෘශ්‍ය කියන sensory input එක.අන්න ඒ ශරීරය සහ මනස ඉල්ලා හිටින Need එක අනුවයි එමලි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවශ්‍යතාවය දැඩි වෙනකොට rule-based decision Follow කරන්න අපහසු වෙනවා.
අනික එක තමයි ” මේ දේ කරන්න එපා ” කියන කියන එක ” වැරදියි”කියන එක එමලිට abstract Concept එකක්.මොළය ඒ අවස්ථාවේ
exploration mode එකේ තියන නිසා එයාට අනුව ඒ අවස්ථාවේ කරන ක්‍රියාව වැරදි එකක් නෙමේ.
ඒ වගේම මට සතුටු වෙන්න පුලුවන් කාරණයක් තියනවා. ඒක තමයි එමලි මේ හැමදේම කරන්නේ ගෙදර.ගෙදරින් පිට තැනකට ගියාම ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ නෑ. ඒකට හේතුව එමලි දන්නවා ගෙදර තමයි තමන්ට හිතූ හැටියට Experiment කරන්න පුලුවන් Safe place එක කියලා.
ඔටිසම් දරුවන් කරන මේ වගේ Experiment සහ ක්‍රියාවන් ගොඩක් වෙලාවට සමාජය හෝ පවුලේ අනෙකන් හිතන්නේ discipline ගැටලුවක් විදියට. දරුවෙක් කුතුහලය සහ Sensory need එකක් විදියට කරන ක්‍රියාවන් කිසිම වෙලාවක discipline වලට අදාළ වෙන්නේ නැහැ. නීතී රීතී, දෙයක් කරන්න පෙර සිතා බැලීම සහ ඒ දේ කරන්න ඕනේය කියලා දැනෙන දැඩි හැඟීම වළක්වා ගන්න හැකියාව තියන දරුවෙක්ට නං අපිට පුලුවන් discipline ගැන Lecture එකක් දෙන්න. ඒත් මේ වගේ වැඩ misbehavior නෙමේ. මේ වැඩ අයිති වෙන්නේ exploration + learning + imitation වලට.
දැන් මම මගේ පැත්තෙන් මේ වගේ දේවල් හැකි තාක් අවම කරගන්න කරන්න ඕනේ. පැන්ට්‍රි ලොක් කරලා තියන්න පුලුවන් විදියට හදාගන්න ඕනේ. එමලිට Visuals හරහා පාවිච්චි කරන්න ඕනේ සහ පාවිච්චි නොකළ යුතු Chemicals ගැන කියලා දෙන එකත් කරන්න ඕනේ.ඒත් එක්කම එමලිට වැඩි වැඩියෙන් හාල්, පොල් කුඩු, වැලි, මඩ වගේ දේවල් දීලා Sensory Play කරන්න ඉඩ දෙන එක. උදේම මම එමලිට ඒවා කරන්න බඩු ලෑස්ති කරා. ඒ ගැන මම පෝස්ට් එකක් දාන්නම්.
දරුවන් කරන මේ වගේ දේවල් වලට ගහන්න, තරවටු කරන්න යන්න එපා. මට මතකයි මම පොඩි කාලේ තාත්තගේ හොඳම අත් ඔරලෝසුවක් කෑලි වලට ගැළෙව්වා. මට ඕනේ උනේ ඒ ඔරලෝසුවේ ඇතුල කොහොමද කියලා බලන්න. ඒ දැනුණ තද උවමනාව නිසා ඒ කරන වැඩේ නොකළ යුතු දෙයක් කියන එක තේරුනේ නෑ. කොහොම උනත් ඒකට ගෙදරින් හොඳටම ගුටි කෑවා මතකයි.
එමලි නං හරි ආඩම්බරයෙන් ඉන්නේ එයාට තනියම රෙදි හෝදන්න පුලුවන් උන එක ගැන.මම තාම රෙදි වල හාපික් යවන ගමන්

