ගිය අවුරුද්දේ එක්තරා කාලයක මට මතකයි මම ලෑස්ති උනා සංඥා භාෂාව ඉගෙන ගන්න. ඒකට හේතුව උනේ එමලිට පහසු සන්නිවේදන ක්‍රමයක් විදියට ඒකත් හඳුන්වා දෙන්න. එමලිට වාචික සන්නිවේදනයට සහය දෙන ගමන් AAC, typing , Text to speech වගේ එක එක සන්නිවේදන ක්‍රමයන් මම අත් හදා බැලුවා. ඔය මම කියන කාලය තුළ එමලි ගොඩක් නිහඬ වෙලා හිටියේ.මම එමලිට හඳුන්වා දෙන්න හදපු සන්නිවේදන ක්‍රමයන් වලට එමලි ඒ තරම් කැමති උනේ නෑ. ඒ හැම එකක්ම එමලිගේ මනසට අධික උත්තේජනයක් ගෙනාවා. එමලිගේ වාචික සන්නිවේදනය සංවර්ධනය වෙන්නේ GLP ක්‍රමයට කියලා හදුනගත්තට පස්සේ මම එමලිට සහය දෙන්න සම්පූර්ණයෙන්ම GLP ගැන ඉගෙන ගත්තා. ඒ වගේම මට අර එමලි නිහඬ වෙලා හිටපු කාලයේ හිතුනා තව option එකක් විදියට Sign Language එකත් Try කරලා බලන්න. ඒකට අවශ්‍ය කරන මූලාශ්‍ර ඔක්කොම එකතු කරගත්තට පස්සේ ආයේ එමලිගේ සන්නිවේදනයේ යම් සංවර්ධනයක් මට පේන්න පටන් ගත්ත නිසා ඒ වැඩේ තාවකාලිකව මම නතර කරා.

එමලිට හෙමින් Type කරන්න කියලා දුන්නා. ඒක කරේ එමලිට Meaningful words හරහා. එමලි දැන් තවත් සන්නිවේදන ක්‍රමයන් දෙකක් හඳුන්වාගෙන තියනවා. එකක් Type කරන එක. අනික් එක Voice typing. එමලිට මේක ලෝකය ගැන දැනගන්න අලුතින් විවර උන මාර්ග වගේ දැනෙනවා. එමලි එයාගේ Special interest ගැන Google search කරනවා Type කරලා සහ Voice typing හරහා.

අපේ අරමුණ වෙන්න ඕනේ දරුවාගේ හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කරන්න දරුවාට පහසු සන්නිවේදන ක්‍රමයක් හෝ ක්‍රමයන් හඳුන්වා දීම මිසක් දරුවාව පීඩාවට පත් කර කර එකම සන්නිවේදන ක්‍රමයක් පස්සේ යන එක නෙමේ. මම මේක කියන්නේ ලංකාවේ ඔටිසම් තරුණ තරුණියන් සහ නව යොවුන් දරුවන් ඉන්න නිසා වාචිකව සන්නිවේදනය කරගන්න අපහසු වගේම වෙනත් කිසිම සන්නිවේදන ක්‍රමයක් නොදන්න. ඒක ඒ දරුවන්ගේ අනාගතයට සහ සංවර්ධනයට සිද්ධ වෙන්න පුලුවන් විශාල බලපෑමක්. ඒ වගේම තමයි තවත් කොටසක් ඉන්නවා අපි මේ කතා කරන කිසිම සන්නිවේදන ක්‍රමයක් භාවිතා කරන්න අපහසු. ඒ දරුවන් අංග චලන සහ මුහුණේ හැඟීම් හරහා සන්නිවේදනය කරනවා. අන්න එවැනි සන්නිවේදන ක්‍රමයන් වලටත් නියමිත වටිනාකමක් හිමිවෙන්න ඕනේ.

ඒ නිසා හැම සන්නිවේදන ක්‍රමයක්ම අපි පිළිගන්නවා කියන කාරණය මම එමලිට පොඩි කාලේ ඉඳන්ම ඒත්තු ගන්නලා තියන නිසා දැන් එමලි එක එක ක්‍රමයන් හරහා පීඩාවක් නැතුව සන්නිවේදනය කරනවා. එයා දැන් හරිම උනන්දුයි හැම දේම ගැන දැනගන්න. Type කරලා දේවල් ගැන හොයන්න පුලුවන් කියලා දැනගත්ත දවසේ ඉඳන් එමලි උනන්දුයි වචන Spell වෙන විදිය ගැන ඉගෙන ගන්න. ඊයේ ෆ්‍රිජ් එක ඇරලා කොත්මලේ යෝගට් පැක් එක අරන් මගේ ළඟට ඇවිල්ලා මගේ ෆෝන් එක ඉල්ලගෙන Google ගිහින් අර පැක් එකේ තිබ්බ Kotmale කියන වචනය බලලා Type කරා. ඊට පස්සේ ඒ ආව Products ඔක්කොම හොඳට බැලුවා.

 ඒ වගේම තමයි Voice search කරන එකත්. මේ හැම දේම මම එමලිට Model කරලා පෙන්නලා හඳුන්වා දුන්නේ. ඒක කරෙත් එමලි කැමති සිංදු, Characters සහ එයාගේ Special interest එක පාවිච්චි කරලා ඒවා Type කරලා සහ voice search කරලා එමලිට පෙන්නලා. වැදගත්ම දේ තමයි එමලිට දෙයක් උගන්නනකොට ඒක කරන්න ඕනේ පුදුමාකාර සීරුවෙන්.කිසිම වෙලාවක එමලිට මම Demand කරන්න ගියොත් ඒ ගැන ඉගෙන ගන්න එමලිට තියන උත්තේජනය නැති වෙනවා. ඒ නිසා එමලිට කිසිම වෙලාවක මම දැනෙන්න දෙන්නේ නෑ එයාගේ පාලනය අහිමි වෙනවා කියන හැඟීම.දැන් මේ වීඩියෝ එකෙත් එමලි කියන එක මම රිපීට් කරනවා. මේක Play වලටත් අදාළයි. දරුවෙක්ගේ Play එකක් අස්සට වැඩිහිටියන් කඩන් පැනලා ඒ Play එක කරන්න ඕනේ මෙහෙමයි කියලා හරි ගස්සන්න යනකොට දරුවාට එයාගේ Play එකේ විනෝදය අහිමි වෙලා යනවා. එතනින් එහාට උත්තේජනයක් දැනෙන්නේ නෑ Play කරන්න.

ඉතිං එමලි මේ වීඩියෝ එකේ කරන්නේ Colors Logos කියලා Google ගිහින් Voice typing හරහා search කරලා ඒ එන Logos වල නම් මට කියන එක. මට ගොඩක් සතුටුයි එමලි මෙහෙම කට උල් කර කර වචන කියවන එකට වගේම සන්නිවේදනය කියන්නේ තමන්ට පහසුවෙන් හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කරන එක කියලා එමලි තේරුම් අරන් ඉන්න එක ගැන.

මුල් සබැඳිය : එමලිගේ වාචික සන්නිවේදනය සංවර්ධනය