මම උදේ දැම්ම Development පෝස්ට් එකටත් මේ කියන්න යන දේ අදාළයි. එමලිගේ Special interest එක ( Logos / Brand names) පටන් ගත්ත දවසේ ඉඳන් එයා ඉන්නේ ඒවා එක්ක. ඒක හරියට Artist කෙනෙක් එයාගේ සම්පූර්ණ මානසික සහ ශාරීරික ශක්තිය යොදවලා ලොකු කලා කෘතියක් නිම කරමින් ඉන්නවා වගේ. ඒ නිසා එමලි ගෙදර ඉන්නකොට කාමරේ ඇතුලෙමයි ගොඩක් වෙලා ගත කරන්නේ. logo quiz Games මාත් එක්ක Play කරනවා.කොළ වල Logos අඳිනව.Brand names ලියනවා. ඒත් එක්කම නිතරම වචන Spell කරනවා හයියෙන්. ඒවා අපිත් ආයේ රිපීට් කරන්න ඕනේ. කරන හැම දේම එයාගේ Special interest එකට සම්බන්ධයි. මට වචනින් විස්තර කරන්න බැරි තරමටම අපේ ගෙදර එමලි එක්ක අපිත් ජීවත් වෙන්නේ Logos, Brand names පිරිලා තියන Environment එකක් ඇතුලේ.

මේ ගැන නොදන්න මනුස්සයෙක් අපේ ගෙදර ආවම අනිවාර්යයෙන් ඒ කෙනාට හිතාගන්න බැරි වෙන්න පුලුවන් මේ මොකක්ද වෙන්නේ කියලා.පහු ගිය දවස් වල ගෙදර කරපු Repair වැඩ වගයක් නිසා නිතරම කීප දෙනෙක් ඒ වැඩ වල නිරත උනා.අපි සාලෙ ඉන්න කොට එමලි කාමරේ ඉඳන් අපිට ඇහෙන්න හයියෙන් කෑ ගහනවා ” Samsung , Tecno” කියලා. මමත් එමලිට ඇහෙන්න හයියෙන් ඒක රිපීට් කරනවා. අර ඉස්සර කාලේ හයියෙන් හූ තියලා ඈත ඉඳන් මිනිස්සු එකිනෙකා සන්නිවේදනය කරගත්තා වගේ තමයි මේකත්. අපිට වටේ ඉන්න අය ගැන අදාළත්වයක් නැති වෙලා යනවා ඒ වෙලාවට. නිතරම ඔළුවේ තියෙන්නේ එමලි කියන හැම වචනයක්ම අනිවාර්යයෙන් රිපීට් කරන්න ඕනේ කියන වගකීම.

මේ වගේ කාලයන් දරුවන් පහු කරනකොට ඒ ගැන දෙමාපියන් කලබල වෙන්න පුලුවන්. හේතුව දරුවගේ හැසිරීම සම්පූර්ණයෙන් වගේ වෙනස් වෙන නිසා. වෙනත් විෂයන් වලට අවධානය යොමු නොකරන නිසා. අපි මේ කාලය ගැන පැහැදිලි කරගමු ” developmental jumps” කියන Term එකත් එක්කම. මේක “Wonder Weeks / developmental leaps” කියන අදහස එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා මේ දෙක පටලවා ගන්න එපා. අපි කතා කරන්නේ developmental jumps ගැන.

දරුවන්ගේ යම් කාලවල් එනවා මොළය ඇතුළේ නව සම්බන්ධතා ගොඩ නඟන ( reorganization) . මෙන්න මේ කාලයේ Repetitive behaviors ඒ කියන්නේ නැවත නැවත එකම ක්‍රියාව හෝ චලනයන් කිරීමේ හැසිරීම් වැඩි වෙන.මේක Autistic burnout / Regression එකක් කියලා වරදවා වටහා ගන්න එපා. මේක නව සංවර්ධන අවදියකට යන්න Brain එක සූදානම් වන කාලයක්.

දැන් මේ කාලයේ එමලි ලොකුවට එළියට යන්න කැමති නෑ.අපි එක්ක මම්මාච්චිගෙ ගෙදර යන්න ,ඕනේම දුරක Drive එකක් යන්න, Swimming වලට යන්න කැමැත්තෙන් ආවට නිකන් එළිමහනේ ඇවිදින්න , ඉඳගෙන ඉන්න, බීච් එකට ගිගින් එන්න වගේ දේවල් වලට කැමති නෑ. ඒවා එමලිගේ මනසට බාධාවක් විදියටයි දැනෙන්නේ.

මේක තවත් පැහැදිලි කරොත් මකුළුවෙන් මකුළු දැලක් වියනවා වගේ Brain එක මේ කාලයේ හෙමින් හෙමින් ඉදිරි සංවර්ධන පියවරට සූදානම් වෙනවා. එකක් තමයි Brain එක Special interest එක හරහා එකතු කරගන්න පුලුවන් හැම තොරතුරක්ම අරගෙන එවා හරි සකැස්මකට හදාගන්නවා ඉදිරියේදී පාවිච්චි කරන්න ( Building cognitive organization). පුස්තකාලයක රාක්ක වල තියන පොත් ටික ඔක්කොම බිම එහා මෙහා අපිළිවෙළට තියනවා වගේ හැම තැනම තියන තොරතුරු මොළයට අරන් ඒවා වෙන වෙනම කළමනාකරනය කරගන්න එකයි මේ කාලයේ වෙන්නේ. ඉතිං ඒක ඒ තරම් පහසු කටයුත්තක් නෙමේ. දරුවට අපෙන් නිදහස සහ සහය අවශ්‍ය වෙනව.

අනික් එක තමයි මේ කාලයේ දරුවන් වෙනදට වඩා සංවේදී වෙන්න පුලුවන්. තමන්ගේ හුරුපුරුදු ඉඩ හැරුනම ඉන් එහාට එහේ මෙහේ ගමන් යන්න කැමති නැති වෙන්න පුලුවන්. මේ හැසිරීම ස්නායු පද්ධතියේ protection strategy එකක් මිසක් regression එකක් නෙමේ.

මේ වීඩියෝ එක මම ගත්තේ එමලිව අද උදේ ටිකක් එළියට ඇවිදින්න එක්කන් ගිහින්.එමලිගේ මූණ දිහා බැලුවම නිකන් පේන්නේ අවුරුදු ගාණක් පොළොව යට ගුහාවක ඉඳලා පළවෙනි වතාවට එලිමහන් ලෝකය දකිනවා වගේ 😅. එමලිට මේ එළියට යෑම එයා මේ ගත කරන කාලයට ලොකු බාධාවක්. ඒ නිසා එමලි ලොකු කැමැත්තක් නෑ එළියට යන්න. ඒත් අපි කරන්න ඕනේ දරුවට පීඩාවක් නොවෙන්න පොඩි වෙලාවකට මෙහෙම එළියට අරන් යන එක. දිනපතාම මම මෙහෙම පොඩි වෙලාවකට එළියට අරන් යන එක එමලිගේ මනසට හම්බෙන විවේකයක්.

මේ වගේ කාලයන් වලදී අපි කල්පනාවෙන් ඉන්න ඕනේ දරුවන්ගේ හැසිරීමේ හැඩය ගැන. දරුවා නොනසන්සුන් නම්, නින්ද අක්‍රමවත් නම්, නොනවත්වාම නොසන්සුන්ව Routines හදාගන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ ස්නායු පද්ධතිය too activated කියල.එතකොට අපි දරුවට සහය දෙන්න ඕනේ එයාගේ special interest එක වෙනස් නොකර කොහොමද මනස සන්සුන් කරගන්නේ කියලා.

දැන් මම ඉවසීමෙන් බලන් ඉන්නේ මේ කාලය පහු වෙලා එමලිගේ ආරම්භ වෙන අළුත් කාලය , හැඩය, සංවර්ධනය මොන වගේ වෙයිද කියලා. මේක නැවතුමක් නැති , ගමනාත්‍තයක් නැති Journey එකක්. ❤️

මුල් සබැඳිය : එමලිගේ ආරම්භ වෙන අළුත් කාලය