මේ දවස් වල එමලිගේ සියලුම සෙල්ලං වලට අරගන්නේ එයාගේ මම්මාච්චිව.ඒ නිසා මට පොඩ්ඩක් විතර බ්රේක් එකක් හම්බෙලා තියනවා
. එමලිට ගොඩක් වෙලාවට “Grandma” වෙනුවට මම්මාච්චිට ” Mommy ” කියලා කියවෙනවා. එමලි හිතන්නේ මම්මාච්චිටත් එයාට වගේම එනර්ජි එක තියනවා කියලා.ඒ නිසා නිතරම ඔන්න ඔය වගේ මම්මාච්චිට කියනවා එයාව වඩාගෙන ඇවිදින්න කියලා
. මට බායි කියලා මම්මාච්චි එක්ක Supermarket යන්නත් හදනවා 
එමලිට එයාගේ ශරීරයේ බර ගැන සහ අනෙකාට ලබා දෙන ශරීර තෙරපුම ගැන අදහසක් නැහැ. මම්මාච්චිගේ උකුළේ ඉදගන්නේ එක පාරටම ඩොහ් ගාලා මුලු ඇගේම බර දාලා.නිකන් ඇඟට පනිනවා වගේ. මේකට හේතුව under-responsive proprioception. ඒ කියන්නේ තමන්ගේ ශරීරය චලනය වීම, තමන්ගේ ශරීරය ස්ථාන ගත වීම සහ කොයිතරම් ශරීර ශක්තිය යමකට ලබා දිය යුතුද යන්න ගැන අවම දැනීමක් තිබීම. මේ නිසා තමයි සමහර බබාලා පැන්සල අරන් තද කරලා ලියනකොට කොළය පවා ඉරිලා යන්නේ. ලබා දිය යුතු Pressure එක ගැන දැනීම අවම වීම.
ඉතිං මේ වගේ අභියෝග අවම කරගන්න තමයි අපි බබාලට Deep pressure Activities කරන්න ඉඩ දෙන්නේ. එමලි ලීටර් පහේ වතුර බෝතල් දෙකක් පුරවගෙන අත් දෙකෙන්ම ඒක උස්සන් Play කරනකොට ඒවා මම වළක්වන්නේ නැත්තේ ඔය හේතුව නිසයි. එමලිට ඒ වගේ Play හරහා තමන්ගේ ශරීරය ගැන තියෙන සංවේදන අවමතාවය සමබර කරගන්න පුලුවන්. ඒ වගේම මේ හේතුව නිසා තමයි එමලි කැමති තදින් එයාව Hug කරන එකට. Mommy Friends කියලා මගේ අත අරන් නිතරම කියනවා බදාගන්න කියලා. ඒ එමලිගේ ශරීරයට ඒ තෙරපුම අවශ්‍ය නිසා. Play හරහාම තමයි මම උත්සාහ කරන්නේ එමලිගේ මේ වගේ Needs සම්පූර්ණ කරන්න. මම්මාච්චිට නං එමලි කියන කියන විදියට වඩාගෙන ,පිටේ තියන් එහේ මෙහේ අරන් යන්න බෑ. ඒත් මම්මාච්චි එමලිගේ හිත රිදෙන්නේ නැති වෙන්න පොඩි වෙලාවක් හරි එමලිව මෙහෙම ඇඟට හේත්තු කරන් ඉන්නවා. ඇත්තටම අම්මගේ ඇඟ නං මේ දවස් වල රිදෙනවා ඇති එමලි නිසාම 
