Henny Kupferstein, Ph.D. කියන්නේ psychologist කෙනෙක්, ඔටිසම් රිසර්චර් කෙනෙක් වගේම Non- speaking ඔටිසම් දරුවන්ට Music therapy ලබා දෙන කෙනෙක්. විශේශයත්වය තමයි ඇය ඔටිසම් අන්න්‍යතාවය සහිත කාන්තවක් වගේම ඔටිසම් දරුවන්ව පීඩාවට පත් කරන ABA තෙරපි වලට විරුද්ධව හඬ නඟන කෙනෙක්.

Dr. Henny ආරම්භ කළා #BanABA සහ Doogri Institute එක. ඒ හරහා ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් Aba තෙරපි හරහා පීඩාවට පත් වීම ගැන ඉතා පුළුල් විදියට කතා බහ කරනවා. ඒ වගේම ඔටිසම් දරුවන්ට අවශ්‍ය සහය පදනම් කරගෙන පොත් කීපයක්ම ලියලා තියනවා.

අද Dr. Henny ට මගේ පේජ් එක අහම්බෙන් හම්බෙලා මට කමෙන්ට් කරා 🥹🥹 ඒ මම මේ කරගෙන යන ABA තෙරපි නතර කරන්න ඕනේය කියන අරගලයට සහයක් විදියට. ඉතිං මට සතුටුයි. ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් විසින් ABA තෙරපි ක්‍රමය තව තවත් ලංකාවේ පවත්වාගෙන යන්න මාව discredit කරන්න නොනවත්වා මට අපහාස කරනකොට Dr. Henny Kupferstein වගේ ඔටිසම් ප්‍රජාව වෙනුවෙන් හඬක් නගන කාන්තාවක් මගේ පේජ් එක හඳුනාගැනීම මට විශාල හයියක්.

Dr. Henny Kupferstein

Official FB Page Henny Kupferstein

මේ ලින්ක් වලින් ගිහින් Dr. Henny Kupferstein විසින් කතා කරන ABA ඇයි ඔටිසම් දරුවන්ව abuse කිරීමක් වෙන්නේ කියන එක වැඩිදුර අධ්‍යනය කරන්න පුලුවන්. ලංකාවේ මේ පවතින ABA තෙරපි ක්‍රමවේදය වෙනස් කරන දවසක් වෙනකල් මම මේ ගැන කතා කරන එක නතර කරන්නේ නෑ. ලංකාවේ ඔටිසම් දරුවන්ට සිද්ධ වෙන invisible සහ visible මානසික සහ ශාරීරික අපහරණයන් තෙරපි කියන ලස්සන වචනයෙන් වහන්න අපහසු වෙන දවසක් අනාගතයේ දවසක නිර්මාණය වෙයි.

#BanABA #EndABA #StopABA #AbolishABA #AutisticsAgainstABA #TraumaInformedNotABA #CommunicationNotCompliance #StopComplianceCulture #PresumeCompetence #RespectAutonomy #NothingAboutUsWithoutUs #ListenToAutistics #ConsentBasedSupport #HumanRightsForAutistics #NeurodiversityAffirming #DignityOverDiscipline #AutisticVoicesMatter #ActuallyAutistic #AutisticAndProud #AutisticAdvocate #AutisticPride #Neurodiversity #DisabilityRights #InclusionMatters #AutismAcceptance #SupportDontSuppress

 

මුල් සබැඳිය : Henny Kupferstein – Autistic Autism Researcher