එමලිගේ Perfect day එකක් කියන්නේ Sensory overload නොවුන, මනස සන්සුන්ව සහ සතුටින් තියන දවසකට. අපි අපිට පුලුවන් විදියට අක්කටයි එමලිටයි එහෙම දවස්ම දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඉතිං හැමදාම එහේ මෙහේ ගමන් යන එක අපිට ප්‍රායෝගිකව කරන්න බෑ. ඒත් ගම වටේ හරි, එහෙමත් බැරි උන දවසකට ටවුමට හරි රවුමක් දෙන්නව අරන් යනවා. අද පෝය දවස උනත් දුර ගමනක් යනවට වඩා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුණේ ඇත්තටම අපිට විවේකයක් ඕනේ නිසා.
ඒත් ඉතිං පොඩි රවුමක් ගම වටේ යමු කියලා අපි මුලින්ම දෙන්නවම අරන් Mack tiles Factory එක පැත්තේ ගියා. ඒ Factory එකේ දිග තාප්පේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ලස්සන ටයිල්ස්. එමලි කොහොමත් Shapes වලට ආසයි. එක එක හැඩ රටා පිළිවෙළවල් බලනකොට එමලිගේ මනස සන්සුන් වෙනවා. ඒ පාරේ තාප්පේ අයිනේ ටිකක් දිගට එමලිව එක්කන් ගිහින් ඒ හරියෙම තිබ්බ රබර් වත්තකටත් අපි ටිකක් ගියා. එතනත් ටිකක් ඇවිදලා බලලා උණු උණු ආප්පත් අරන් දීලා ගෙදර ආවා. අද දවස ඉතිං එමලියි අක්කයි කැමති විදියට ගෙවුනා. ඒ දෙන්නා සතුටින් කියන්නේ අපේ දවසත් ඉබේම සාමකාමී වෙනවා. විශේෂයෙන් එමලිගේ මනස සන්සුන්ව තියනවා කියන්නේ අපි හැමෝගෙම දවස හොඳයි
.
