අද එමලිට එයාගේ යාළුවො හම්බුන දවසක්.අද නං එමලි වෙනදට වඩා Play කරා. එමලි යාළුවො එක්ක එකතු වෙලා වරද්දනේ නැතුව කරන සෙල්ලම තමයි ” කිරි කිරි බෝලේ “. අදත් එමලිම යාලුවන්ගෙ අතින් අල්ලන් එකතු කරන් අක්කගේ අතිනුත් අල්ලන් ඒ සෙල්ලම කරා. එමලි වැඩියෙන්ම කැමති අයියට අද ටිකක් සනීප නෑ. ඒත් එයා එමලි අතින් අල්ලන් ගියාම එමලි පස්සේ ගිහින් එමලි එක්ක Play කරා.
එමලිට මහන්සි දැනෙන තරමටම අද යාලුවො එක්ක පෙරළුනා, වැටුනා, කැරකැවුනා.අන්තිමට ඉදගෙන චිත්ර ඇන්දා.
වැඩිහිටියන්ට වගේම පොඩි දරුවන්ටත් බලහත්කාරකමින් යාළුකම් ඇති කරන්න බෑ. හැම දරුවෙක්ම තමන්ට පහසු සහ තමන්ගේ හැඩේ එක්ක තමයි සම්බන්ධකම් ඇති කරගන්නේ. යාලුවො දහයක් හිටියත්, එකම එක යාලුවෙක් හිටියත් සමහර වෙලාවට තමන් තනියෙන් ඉන්න වඩාත් කැමති උනත් ඒක වරදක් විදියට දියුණු සමාජයක විනිශ්චය වෙන්නේ නෑ. ඒ නිසා විශේෂයෙන් ඔටිසම් දරුවන්ට තමන්ට පහසු පරිසරයක තමන්ට වඩාත් පහසු විදියට සම්බන්ධකම් ඇතිකරගන්න ඉඩ දෙන්න. ඒකට මුලින්ම කරන්න ඕනේ තමන්ගේ විවිධත්වය වරදක් හෝ ගැටලුවක් නෙමේ කියන එක දරුවාට ඒත්තු ගන්වන එක සහ හැම දරුවෙක්ටම විවිධත්වය පිළිගන්න කියලා දැනුම ලබා දෙන එක. එතකොට මේ විවිධත්වය තුළ තියන හැම අභියෝගයක්ම ගැටළුවක් නොවී ලස්සන මනුස්ස සම්බන්ධකම් ගොඩ නගා ගන්න ඉඩක් ලැබෙයි.
