එමලිගෙයි එමලිගේ තාත්තගෙයි තියෙන්නෙ මේ වගේ අහල පහළටම ඇහෙන්න කෑ ගහලා කරන සෙල්ලං තමා.එමලිව කරේ තියන් අරන් යන එක, කිරි කිරි බෝලේ කියලා වටේ කැරකෙන එක, එමලිව අතේ තියන් පොඩි කාලේ වගේ නළවන එක. එමලි තාත්තා ළඟට යන්නේ Hundred දොයි දොයි කියලා. ඒ කියන්නේ සිය පාරක් පද්දලා දොයි කරන්න කියලා.🤭

ඔය වගේ ගොඩක් වීඩීයෝ මගේ ෆෝන් එකේ තිබ්බට ඒවා දාන්න බෑ.හේතුව තාත්තා ඉතිං ටී ශර්ට් එකක් ඇඳන් නෙමේ ගෙදරට ඉන්නේ.ඒකටත් හේතුව එමලි. තාත්තා ටී ශර්ට් එකක් ඇදගත්ත ගමන් එමලි ලෑස්ති වෙනවා එළියේ රවුමක් යන්න. එහෙම නැත්තන් තාත්තා ගෙදර ඉන්න ඕනේ ටීශර්ට් එකක් නැතුව. අපේ ගෙදරට ඉඳලා හිටලා කවුරු හරි ආවම අපි ඉතිං හරි අපහසුතාවයට පත් වෙනවා මේ නිසා.ඒ වෙලාවට අපිට පැහැදිලි කරන්න වෙනවා ටී ශර්ට් එකක් අඳින්න බැරි එමලි තාත්තා ගෙදරට ටී ශර්ට් එකක් අදිනවට අකමැති නිසා කියලා😅. යාලුවන්ගේ ගෙවල් වල ගියාමත් එමලි තාත්තට කියනවා ටී ශර්ට් එක ගලවන්න කියලා. දැන් නං මම ඒක කරන්න බෑ කියල එමලිට එක එක ක්‍රම වලින් පැහැදිලි කරලා ඒ Pattern එක හෙමින් මඟ හරවලා තියෙන්නෙ. තව කාලයක් තිබ්බා තාත්තා එළියට යනකොට අඳින ඇඳුම එමලිට හරි නැත්තන් ඒක ගලවලා වෙන එකක් තාත්තට දෙනවා අඳින්න. ඉතිං තාත්තා ඒ කාලේ පුරාම ඇන්දේ දුව කැමති ඇඳුම් විතරයි. 😅

මුල් සබැඳිය : එමලිගේ Hundred දොයි දොයි