මේ දවස් වල මම සාමකාමී නිවාඩුවක් අරගෙන ඉන්නේ කියලා මම හිතන් හිටියට එහෙම නිවාඩු අපිට නෑ😅. NDIS එකේ පිටු හැටක Document එකක් කියව කියව පේජ් එකට ඒක ලියන ගමන්. දරුවො දෙන්නා වරුවක් තිස්සේ ඉඳන් සාලේ මැද්දේ මැටි පෝච්චි පාට කරනවා.එමලි නං එයාවත් පාට කරගන්නවා. සාලේ කොච්චර හැඩි උනත් දෙන්නට ඇති වෙන්න Play කරන්න දීලා එකපාර සාලේ අස් කරන එක මට ලේසී. අක්කයි නංගියි Play කරන වෙලාවල් වල මට නිදහසක් හම්බෙනවා මගේ දෙයක් කරගන්න. පේජ් එකට ලියන්න.වීඩීයෝ එකක් හදන්න,පොඩ්ඩක් මොනා හරි කියවන්න වගේ දේවල් වලට. ඒ වෙලාව රත්‍තරං වගේ වටිනවා.

අපි පහු ගිය දවස් ටිකේම රෑ ඇහැරිලා හිටියේ. එමලිට නින්ද යන්නේ නෑ.එක පාරට අඩාගෙන නින්දෙන් ඇහැරෙනවා.මොකක් හරි දෙයක් නිසා මනස නොසන්සුන්.ඉතිං දිගටම එමලිගේ මනස සන්සුන් වෙන්න පුලුවන් තරම් මේ වගේ Messy play කරන්න සපෝට් එක දුන්නා. බිත්තර තම්බලා ඒවල කටු සුද්ධ කරන්න දුන්නා.ඒක එමලි කරන්න ආසම වැඩක්.බැලුන් වලට වතුර පුරවලා පුපුරවමුද කියලා ඇහුවම එමලි ඒක එපා කිව්වා.ඒ නිසා කරේ ලොකු බේසමක වතුර පුරවලා එමලිට ඒකට ෂැම්පු දාලා ඇති වෙන්න නටන්න දුන්න එක. මේ වගේ එමලි කැමති දේවල් එක්ක Play කරන්න ඉඩ දීලා එමලිගේ Pattern ,routines වලට පුලුවන් තරම් සහය දීලා ඔන්න ඊයේ රෑ ඉඳන් අද පාන්දර වෙනකල් එමලි හොඳට නිදාගත්තා. ඒ නිසා සති ගාණකින් අපිට නින්දක් ලැබුනා. නිදාගන්නේ නැතුව නිදි මරන එක අපිට දැන් ඉස්සරට වඩා අමාරුයි. හේතුව අපි වයස නිසා. එමලිගේ ශාරීරික ශක්තිය එක්ක අපේ ශාරීරික ශක්තිය පෑහෙන්නේ නෑ.ඒත් අපිට සිද්ධ වෙනවා දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න හිතේ හයියෙන් වැඩ කරන්න.

මම ඉක්මනට මේ බල බලා ඉන්න Document එක පෝස්ට් එකක් විදියට දාන්නම්. හැමදෙනාම සතුටින් සාමයෙන් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ආදරෙයි ❤️❤️❤️❤️

මුල් සබැඳිය : අක්කයි නංගියි Play කරන වෙලාවල්