මේ පහළ තියෙන්නේ පේජ් එකේ ලියපු ඔටිසම් දරුවන්ගේ Stimming , Pattern ගැන. ඔටිසම් බබලා ගැන කතා කරනකොට ,පොදු ලක්ශණ ගැන කතා කරනකොට Toys පේළියට තියන එක, රෝද කරකවන එක, ෆෑන් එකක් කැරකැවෙන ,බල්බ් එකක් නිවි නිවී පත්තු වෙන එක දිහා බලන් ඉන්නවා වගේ හැසිරීම් කිසිම දෙයක් අසාමාන්‍ය නෑ. මේ හැම හැසිරීමකටම හේතුවක් තියනවා.ප්‍රධානම හේතුව ” මනස සන්සුන් කරගැනීම”. එමලි පොඩි කාලේ ඉඳන්ම එක එක දේවල් පේළියට,හැඩයකට තියන එක කරා. ඒ හැඩ ,පේලී වලට අපි ගෞරව කරා සහ සහය දුන්නා. ඒ Stimming පාවිච්චි කරලා අපි කරේ එමලිට අංක,අකුරු හඳුන්වා දුන්න එක.
◆ එමලි පොඩි කාලේ ඉදන් එක එක දේවල් පේලියට තියන එක
එමලි අද මම්මාච්චිගේ ගෙදරට ගියාම කරේ මම්මාච්චිගේ පොත් කබඩ් එකෙන් පොත් අරන් ඒවා පේළියට දිගට සාලේ බිම තිබ්බ එක.එක සමාන , එක ප්‍රමාණ වලින් පොත් තෝරලා ඒවා එමලිගේ ඔළුවේ ඇඳුන හැඩයකට තිබ්බ එක. මේ පොත් වල පොඩි කොනක් හරි ඉරිලා තිබ්බොත් එමලිගේ මනස හරිම ඉක්මනට කලබල වෙනවා. පොඩි කාලේ නං ඒවට Meltdown පවා ඇති උනා. දැන් එමලිට වෙනදට වඩා මනස සන්සුන් කරගන්න පුලුවන් නිසා එමලි කරන්නේ එහෙම කැඩුන දේවල් ,ඉරුණ දේවල් ගම් ගාලා එයාම හරි ගස්සන එක. අද නං මම්මාච්චි ඉරිලා තිබ්බ පොත් සෙලෝටේප් ගහලා අලවලා එමලිට දුන්නා. කිසිම බාධාවක් නැතුව පොත් අරන් පේළියට සාලේ කෙළවර වෙනකල්ම තියලා එමලි Happy mood එකේ ගෙදර ආවා. අද එමලිට හොඳ දවසක් 
