ලංකාව තරම් ඔටිසම් ප්‍රජාවට සහ ඔටිසම් විවිධත්වයට ඕනේම අපහාසයක්, හානියක්, අයිතිවාසිකම් කඩ වීම් බලාගෙන නිහඬව ඉන්න රටක් නැතුව ඇති.අඩුම තරමේ ලංකාවේ පවතින්නේ ඉතාමත් පැරණි තෙරපි ක්‍රමවේදයක් කියන එක ගැන පවා බහුතරයක් දැනුවත් නෑ. එහෙම දැනුවත් අය පවා තෝරගන්නේ නිහඬව ඉන්න එක . ඒ ගැන කතා කරන අවම පිරිසවත් නොයෙක් චෝදනා එල්ල කරලා මුල්ලට කරන්න උත්සාහ ගන්න පිරිස වැඩී.

දැන් ටික කාලයක ඉඳන් ලන්ඩන් වල Amazon ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට ඔටිසම් පුද්ගලයින් එකතු වෙලා උද්ඝෝෂණය කරනවා. ඒකට හේතුව ඉතාමත් හානිදායක ඔටිසම් සුව කිරීමේ ක්‍රම ඇතුළත් කරපු පොත් සහ ඔටිසම් ගැන වැරදි මත සමාජගත කරන්න උත්සාහ ගන්න ලියවුණු පොත් විකිණීම නතර කරන්න කියලා. මේ උද්ඝෝෂණණයත් එක්ක Amazon එකෙන් පොත් 3 ක් අයින් කරා. ඒත් තවත් පොත් 40 කට කිට්ටු වෙන්න තියනවා. ඒ අතර ABA තෙරපි ක්‍රමවේදයට විරුද්ධවත් උද්ඝෝෂකයන් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒත් ඇයි ලංකාවේ තාමත් පැරණි තෙරපි ක්‍රමවේදයන් පවත්වාගෙන යන්නේ? ඒකට හේතුව දෙමාපියන්ගේ නොදැනුවත්කම.මේ පැරණි ක්‍රමවේදයන් හරහා තමන්ගේ දරුවන්ට කෙරෙන හානිය ගැන දෙමාපියන් දන්නෙ නැති කම නිසා. විශේෂයෙන් නිහඬව ඉන්න එක පුරුද්දට ගිහින් නිසා.

තමන්ගේ දරුවන්ගේ විවිධත්වය වෙනුවෙන් පෙනී ඉන්න.මීට වඩා නිවැරිදි සහ සුදුසු තෙරපි ක්‍රමවේදයන් ලංකාවේ ඇති විය යුතුයි කියන එක වටහාගන්න දැනුවත් වෙන්න. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඕනේම බාධකයක් පහු කරගෙන යන්න තරම් හයිය වෙන්න. පැරණි තෙරපි ක්‍රමවේදයන් සහ ඔටිසම් විවිධත්වයට අපහාස වෙන ඕනේම දෙයක් ප්‍රශ්න කරන්න ඔයාට තියන අයිතිය පාවිච්චි කරන්න.

මුල් සබැඳිය : දරුවන්ගේ විවිධත්වය වෙනුවෙන් ඔයාට තියන අයිතිය