මේ වගේ පහළ දාලා තියනවා වගේ වැරදි diagram එකෙන් විස්තර වෙන්නේ Spectrum එකේ හැඩය නෙමේ. මේවා අප්ඩේට් diagram නෙමේ. ඒකට එක හේතුවක් තමයි Autism Spectrum එක කියන්නේ කිසිම වෙලාවක mild” – “severe,” දක්වා විහිදෙන straight line එකක් නෙමේ. ඔටිසම් කියන්නේ හරියට color wheel එකක් වගේ. වෙනස් වෙනස් පරාසයන් වලට විහිදිලා තියන ලක්ශණ සහිතයි. සන්නිවේදනය, සංවේදන, Motor skills ,executive functioning, social interaction වගේ පරාසයන් දක්වා විවිධත්වය විහිදිලා තියනවා. එතකොට අපි මේ Spectrum එක මේ පහළ මුලින්ම තියනවා වගේ line එකකට පැහැදිලි කරනවා නං ඒක වැරදී.
විශේශයෙන්ම high/low functioning කියලා ඔටිසම් වර්ගීකරණය වෙන්නේ නෑ. DSM5 වලින් ඉවත් වුන මේ වගේ වචන හරහා සිද්ධ වෙන නරකම දේ තමයි ඔටිසම් විවිධත්වය ගැන වැරදි අදහසක් සමාජගත වෙන එක.ඉස්සර ඕක උනා.high/low functioning කිව්වම මිනිස්සු ඒක බෙදලා ගත්තේ මොළේ වැඩි ඔටිසම් සහ මොළේ අඩු ඔටිසම් කියලා. ඒ නිසයි මේ වගේ පරණ diagram දැන් පාවිච්චි කරන්නේ නැතුව wheel, pie chart, radial diagram වගේ ඒවා පාවිච්චි කරන්නේ ඔටිසම් ගැන විස්තර කරනකොට. high/low functioning වගේ වචන දැක්ක ගමන් ඔටිසම් ගැන අප්ඩේට් සහ ගෞරවාන්විතව බලන මිනිස්සු නං දන්නවා ඒ වචන දැන් භාවිතා වෙන්නේ නෑ කියන එක.
අනික් එක තමයි ආයතී එකේ ඔටිසම් තහවුරු කරගන්න පාවිච්චි කරන්නේ ADOS 2 කියලා අපෙන් ප්රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න කලින්ම අපේ රැකියා ඔයාලා නිසා නැති වෙනවා කියලා අපෙන් බ්ලොක් වෙලා ගියපු psychotherapist අපි එයාව බ්ලොක් කරේ ADOS 2 ගැන අහපු නිසාය කියලා පුදුමාකාර සතුටකින් කියනවා මම දැක්කා. ඔටිසම් දරුවන්ගේ සංවර්ධනය බලන්න පාවිච්චි කරන ඉතාම පැරණි tool එකක් වෙන ATEC ගැන කතා කරාම ඔටිසම් තහවුරු කරගන්න පාවිච්චි කරන ADOS 2 ගැන අහලා වැඩක් නෑ.මේ Tool දෙක දෙකක්. අපිට ADOS2 ගැන ගැටලුවක් නෑ. හේතුව ඒක අප්ඩේට් tool එකක් නිසා. ඒත් ආයතී එකේ බහුලව පාවිච්චි කරන්නේ ADOS2 නෙමේ.M- CHAT කියන පරණ Tool එක.ආයතී එකෙන් පුහුනු වෙන තෙරපිවරුන්ට උගන්වන්නේත් M- CHAT කියන tool එක ගැන තමයි. ඒ ගැන අපෙන් ADOS2 ගැන අහපු psychotherapist ට පුලුවන් ඒ පැත්තේ ගියාම අහලා බලන්න. කරුණාකරලා තමන්ගේ පවුල් ගැටළු, මානසික ගැටලු, අවධාන ගැටළු, අන්න්යතා අර්බුධ, බලය සම්බන්ධ ගැටළු, රැකියා පිළිබඳව ගැටලු අපිත් එක්ක විසදගන්න එන්න එපා. එහෙම ආව ගමන් බ්ලොක් කරලා යවනවා. මේක ඔටිසම් ගැන දැනුවත් කරන සහ Neurodivergent affirming therapy ක්රමවේදය මේ රටේ ඇති වෙන්න ඕනේය කියලා දැනුවත් කරන පේජ් එකක් මිසක් පොදු වැසිකිළියක් නෙමේ. ඒ නිසා දාන පෝස්ට් එකට කිසිම අදාළත්වයක් නැතුව ප්රශ්න අහන සහ තමන්ගේ පුද්ගලික අසහන ගැටලු නැති කරගන්න එන අයව බ්ලොක් කරනවා. ඊට පස්සේ මේ පහළ තියනවා වගේ ටක් ගාලා Google එකෙන් ගන්න හද්දා පරණ diagram අරගෙන දාලා අවධානය ගන්න එපා.ටිකක් වයසට හරියන්න බුද්ධිමත් මිනිස්සු වගේ හැසිරෙන්න.

