” මමත් ඉන්නේ Spectrum එකේ .හරි සාර්ථකව අභියෝග කළමනාකරනය කරගෙන ජීවත් වෙනවාය “ කියලා ඔටිසම් විවිධත්වය එක රාමුවකට දාලා මේ Spectrum එක විහිළුවට හෝ අවතක්සේරුවට ගන්න ලංකාවේ ඉන්න සමහර psychotherapist ලාට ඔවුන් දැකලා නැති ,ඔවුන් විඳලා නැති ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ අඳුරු පැත්ත ගැන A-Z කියලා දෙන්න ඕනේ.

ඔටිසම් විවිධත්වයට හැමෝටම හරි චූන්, හිනා වෙලා උඩ පනින්න, සමාජයේ අවධානය ගන්න හෝ මමත් ඔටිසම් මේ බලන්න මම කසාද බැදලා ළමයි හදලා රැකියාව කරන් ජීවත් වෙනවාය කියන්න හැමෝටම බෑ.ඇත්තටම කියනවා නං එහෙම සාමාන්‍යයෙන් ඔටිසම් ප්‍රජාව කියන්නෙත් නෑ. ලෝකයේ සහය අවමයෙන් අවශ්‍ය ඔටිසම් ප්‍රජාව කතා කරන්නේ තමන්ගේ අභියෝග ගැන සහ ඔටිසම් විවිධත්වය ගැන සමාජයෙ තියෙන අවම දැනුවත් කම ගැන.එහෙම නැතුව මම කිසිම තැනක දැකලා නෑ ලංකාවේ ඉන්න සමහර මේ මෝඩ psychotherapist ලා වගේ ඔටිසම් කියන්නේ Neurotypical හැඩයට පහසුවෙන් නිර්මාණය වුන ලෝකයක සමරන්න ,උජාරු වෙන්න දෙයක් කියලා පාරම්භානවා. ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයක් සහ ඒ විවිධත්වය ඇතුළේ හැමෝටම මේ වගේ නටන්න උඩ පනින්න සතුටු වෙන්න බෑ. ඒකයි ඇමරිකාවේ Health Secretary Robert F. Kennedy Jr ඔටිසම් දරුවන්ගේ පවුල් දරුවන් ඔටිසම් වීම නිසා විඳවනවාය කියලා කියනකොට ඒක එක පැත්තකින් Abalist ප්‍රකාශයක් විදියට කොටසක් දකිද්දී තවත් කොටසක් ඒක ඉතාමත් සාධාරණ ප්‍රකාශයක් විදියට දැක්කේ.හේතුව ඒක තමයි බහුතර සත්‍ය.

අභියෝග දහසකට මූණ දීලා ඉන්න අවම පහසුකම් සහ නිවැරිදි අප්ඩේට් තෙරපි ක්‍රමවේදයන් ඉල්ලා හිටින දහසක් දෙමාපියන්ගේ අරගල ඉදිරියේ ” මාත් ඔටිසම් .මට සමාජයෙන් අවශ්‍ය සහකම්පනය දෙන්න” කියලා හිනා වෙලා ස්වයං වින්දනයක් ගන්න උත්සාහ කරන මෝරපු වැඩිහිටි ගැහැනුන්ට ඒවා ඉතාමත් නරුම සහ කැත ප්‍රකාශයන් කියලා තේරෙන්නේ නෑ..විශේෂයෙන් 2018 දිත් ඔටිසම් කියන්නේ මනෝ වික්ශිප්තභාවයක් සහ රෝගයක් කියලා විශ්වාස කරපු කෙනා මගේ පේජ් එකෙන් ඔටිසම් ගැන ඉගෙන ගන්න කල් තමන්ගේ ඔටිසම් විවිධත්වය ගැනවත් හරියට නොදැන හිටපු psychotherapist 2025 දී එක පාරටම මමත් ඔටිසම්. මම නං රැකියාවක් කරනවා.මම නං මගේ අභියෝග හොදටම කළමනාකරණය කරගන්නවා කියලා චූන් වෙන්න උත්සාහ කරනවා.මේවා හරි නූගත් කතා. Spectrum එකේ මිනිස්සු රස්සා කරන එකවත්, කසාද බැදලා ළමයි හදන එකවත් අරුමයක් වෙන්නේ Spectrum එක ගැන නොදන්න මිනිස්සුන්ට විතරයි. හැබැයි අයින්ස්ටයින්ලා විතරක් නෙමේ ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ ඉන්නේ. spectrum එකේ ඉන්න හැම කෙනෙක්ටම එක හා සමානව ඒ අභියෝග කළමනාකරණය කරගන්න බෑ. ඇත්ත මඟ හරින්න මේ වගේ ප්‍රකාශ කරන්නේ සහය අවශ්‍ය දරුවන්ට සහ Profoundly autistic ප්‍රජාව ගැන සමාජයෙන් හංඟන්න උත්සාහ කරන්න .

අපි හැමෝටම පුලුවන්ද මගේ දරුවාත් ඉන්නේ spectrum එකේ කියලා හිනා වෙන්න සතුටින්? අපිට නං බෑ. හේතුව අපේ දරුවන්ට තියන අහියෝග ඉස්සරහා අපි ජීවත් වෙන්නේ පුදුමාකාර අනියත බයකින් නිසා.Sensory overload වුනාම, Meltdown ආවම Burnout ආවම වාචිකව සන්නිවේදනය කරගන්න බැරි උනාම දරුවන්ට තියන පීඩනය, දැනුම ලබා දෙන්න අපි උත්සාහ ගන්නා මහන්සිය , දරුවාට නිදාගන්න අපහසූ උනාම එළි වෙනකල් ඇහැරිලා නිදි නැතුව ගෙවන දවස්.දරුවා කන කෑම කටක් කටක් ගානේම ප්‍රතික්ශේප කරනකොට මේවා ඉස්සරහා අනේ මගේ දරුවත් Spectrum එකේ කියලා හිනා වෙන්න අපිට බෑ. මම දැන් දවස් ගාණක් එක දිගට ඇහැරිලා.හේතුව එමලි හරියටම පාන්දර 1 වෙනකොට ඇහැරෙනවා අඩාගෙන.මනස සන්සුන් නෑ. නිදි නැතුව දැන් දවස් ගාණක් දරුවාට මනස සන්සුන් කරගන්න සහය දෙන මට නං මේ වගේ මමත් Spectrum එකේ කියලා චූන් වෙලා නටන ගෑනුන්ව පිළිකුල්.

අම්මේ මට බඩගිනී, අම්මේ මගේ ඇඟ රිදෙනවා කියලා අවම අවශ්‍යතාවය වත් වචනින් කියාගන්න බැරි ඔටිසම් දරුවන් ඉන්න අම්මලා ඉස්සරහට ගිහින් මමත් Spectrum එකේ කියලා හිනා වෙලා කියලා බලන්න හම්බෙන ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා.මේ වගේ නූගත් ගෑනුන් ඔටිසම් කියන වචනය පවා කියන්න සුදුසු නෑ.

ඔය වගේ නූගත් ගෑනුන්ට පුලුවන් ද සහය අධිකව අවශ්‍ය වෙන ඔටිසම් දරුවන් සහ තරුණ තරුණියන්ගේ පවුල් ඉස්සරහට ගිහින් අනේ මාත් ඔටිසම් කියලා හිනා වෙලා කියන්න.ඔය ගෑනු අයට පුලුවන් ද මනසේ පීඩාව දරාගන්න බැරුව තමන්ගේම මළ මුත්‍ර බිත්ති වල ගාන දරුවන්ගේ දෙමාපියන්ගේ මූණට හිනා වෙලා මාත් ඔටිසම් කියන්න. හැන්දක් අල්ලගෙන කෑම කටක් කන්න අසීරු, ඇඟට ඇදුමක් වැටෙනකොට දරාගන්න බැරුව ඒක ඉරා දාන, ශරීරයෙන් වයස 16 ක් උනාට අත දරුවෙක්ගේ මනසක් තියන ඔටිසම් දරුවන් ඉන්න ගෙවල් වලට ගිහින් කියන්න අනේ මාත් ස්පෙක්ට්‍රම් එකේ කියලා? නිකන් නරුමයන් විදියට හැසිරෙන්න එපා නූගත් උනාට. ඕවා එච්චරට ලස්සන දේවල් නෙමේ.අපි හැමෝටම හිනා යන්නේ නෑ අපේ දරුවන් ඔටිසම් වීම ගැන. අපි ඒකයි මේ අවුරුදු කීපයක් පුරා කියන්නේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේය කියලා. අවධානය ගන්න මමත් ඔටිසම් කියලා කියන එකයි ඔටිසම් තරුණ තරුණියන් වැඩිහිටියන් තමන්ගේ හඩ ඔටිසම් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාවිච්චි කිරීමයි දෙකක්. ඒ නිසා මේ නූගත් ගෑනුන්ට බෑ ලංකාවේ ඇතුළේ අභියෝග දහසකට මූණ දීලා ඉන්න ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් ඉස්සරහා මාත් ඉන්නේ ස්පෙක්ට්‍රම් එකේ කියලා හිනා වෙලා අමුතු චූන් ගන්න.

අපි ඔටිසම් ගැන සත්‍ය පෙන්නලා දෙන්නේ.ඔටිසම් කියන්නේ පිළිගත යුතු ස්නායු විවිධත්වයක් මිසක් හිනා වෙලා බොහොම සැහැල්ලුවෙන් අවධානේ ගන්න උත්සාහ කරන්න පාවිච්චි කරන්න ඕනේ විවිධත්වයක් නෙමේ. ලංකාවේ අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි වුන, සෞඛ්‍ය සේවයේ අප්ඩේට් තෙරපි සහයක් නැති නිසා නොමිළේ සහය ලබා ගැනීමේ අයිතිවාසිකම අහිමි වුන, තමන්ගේ විවිධත්වය නිසා සමාජයෙන් ප්‍රතික්ශේප වෙන ඔටිසම් දරුවන් සහ ප්‍රජාව කොයිතරම් නම් ඉන්නවද? ඒ සියල්ල මැද්දෙ මෝරපු මහ ගෑනූ මමත් ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ. මට අවධානය දෙන්න.මට සහකම්පනය දෙන්න කියලා ඉල්ලා හිටිනවා.මොන ලැජ්ජා නැතිකමක්ද මේ? මොන සහකම්පනයක්ද එක පාරට ඔටිසම් වුන මේ වගේ අවධාන රෝගීන් ඉල්ලා හිටින්නේ. මේ කොයිතරම් නම් Toxic ගෑනුද කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන් මාත් එක්ක නිකන් හුරතල් වෙන්න හදන්න එපා සහ ඔටිසම් ගැන , අපේ දරුවන්ට අවශ්‍ය සහය ඉල්ලා හිටීම වෙන පැති වලට හරවන්න එපා.විශේෂයෙන් සල්ලි තියන අම්මලා නැති අම්මලා කියලා බෙදන්න හදන්න එපා.හැම කෙනෙක්‍ටම එක හා සමාන පහසුකම් සහ අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ.විශේෂයෙන් දරුවන්ගේ ජිවීත සහ අනාගතය ගැන කතා කරනකොට ඔටිසම් දරුවෙක්වත් නැති ගෑනූ මැද්දට පැනලා මමත් ඔටිසම් කියලා හිනා වෙලා විනෝද වෙන්න හදන්න එපා.

ඔටිසම් දරුවන්ගේ අම්මලා ඉන්නවා තමන්ගේ දරුවව තවදුරටත් රැක බලාගන්න අපහසු නිසා දරුවව නතර කරන්න මධ්‍යස්තාන හොය හොය. සහය අධික ඔටිසම් දරුවන් ඉන්න දෙමාපියන් ඉන්නවා දරුවව කාමරේට දාලා වහල තියන, අවුරුදු 20,25 වෙලත් ඇඟේම මළ මූත්‍රා කරගන්න ඔටිසම් තරුණ තරුණියන්, කවම දාකවත් තමන්ගේ දරුවාගේ හඬ අහලා නැති , තමන්ගේ දරුවා රැකියාවක් කරන, විවාහ වෙන , දරු මල්ලන් හදන හීනය තමන් ඉදිරියේ දිය වෙලා ගියපු වේදනාව හිතේ හංඟගෙන ජීවත් වෙන අම්මලා ඉන්නවා මේ රටේ. අපි හැමෝටම අපේ දරුවන් ගැන හීන තියනවා.ඒවා සාධාරණ හෝ අසාධරණ හෝ සාම්ප්‍රදායික හෝ නැතා ඒවා හීන.ඒ හැම හීනයක්ම සැබෑවක් වෙන්නේ නෑ. අපි සතුටු නෑ අපේ දරුවන් මේ වගේ Toxic ලෝකයක විවිධත්වයෙන් ඉපදුනාට. අපි උත්සාහ කරනවා හැකිතාක් අපේ දරුවන්ට අවශ්‍ය නිවැරිදි සහය සහ පිළිගැනීම ලබා ගන්න. රජයේ ක්‍රමවේදයන් වෙනස් වෙන්න ඕනේ කිව්වම ලංකාවේ ඉන්න Toxic ගෑනුන්ට බෑ මමත් ඔටිසම් .මම නං රස්සාවක් කරන් ළමයි හදන් හරි සාර්ථක ජීවිතයක් ගත කරනවා.ඔයාල ඔටිසම් ගැන කතා කරන එකෙන් මට ලැබෙන්න ඕනේ සමාජ සහකම්පනය නැති වෙනවා කියන්න. මොකක්ද ඔයාට ලැබෙන්න ඕනේ සහකම්පනය? ඔයාට අධ්‍යාපන අයිතිවාසිකම නැති වෙලාද? ඔයාට ගෙදරින් එළියට ගියාම Meltdown එනවද දරාගන්න බැරි? ඔයාට Sensory overload වෙනවද?.ඔයා තාම ඩයපර්ස් පාවිච්චි කරනවද? ඔයාට වාචික සන්නිවේදනය අසීරුයිද? ඔයාගේ විවිධත්වය නිසා ඔයාව සමාජයෙන් ප්‍රතික්ශේප වෙලාද? ඔයා එකපාරටම ගිය සතියේ ඔයා ඔටිසම් කියලා දැනගන්න කොට පුදුම හිතුනද? ඔයාට තියෙන්නෙ අයින්ස්ටන් ඔටිසම් ද? ඔයාට ඇත්තටම ඕනේ අවධානයද? මම මෙතන ඉදන් මේ අලුතින් ඔටිසම් වුන psychotherapist ව පන්තියේ ඉස්සහරම පුටුවේ ඉන්දවලා අවධානය දෙනවා.

⛔ කැත ගෑනු වෙන්නේ නැතුව ලස්සන මිනිස්සු විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතා සංවේදී විවිධත්වයක් හෑල්ලුවට සහ තමන්ගේ ස්වයං වින්දයට ගන්න එක නතර කරන්න. ⛔

මුල් සබැඳිය : කැත ගෑනු