මේ දවස් වල එමලි දවස ගෙවන්නේ එයාගේ බෝනික්කො එක්ක. ඇඳ උඩ එමලි එයාගේ කැමතිම ගවුම් තියලා ඒ හැම ගවුමක් උඩම එකකට එකක් ගැළපෙන විදියට බෝනික්කෙක් ව තියනවා. ඒක එමලිගේ Play එකක්. එමලිගේ Visual sensory sensitivity එක වැඩි නිසා අපි අවුරුදු දෙකකට කිට්ටු කාලයක් Tv එක ගැරේජ් එකට දාලා තිබ්බේ. ඉතිං ලගදි එමලි Tv එක ආයේ ඉල්ලපු නිසා අපි ඒක ආයේ ගෙට ගත්තා. Sounds sensory sensitivity එක වැඩි නිසා Tv එකේ සද්දේ නැතුව තමයි එමලි බලන්නේ. ඒකත් එයා කැමතිම Word party show එක විතරයි. ලස්සනම වැඩේ තමයි බෝනික්කො ඔක්කොම කාමරේට අරන් තමයි ඒක බලන්නේ. ඒ වෙලාවට අපි බාධා කරනවට ලොකු කැමැත්තක් නෑ.
එමලිගේ මේ බෝනික්කන් එක්ක Play කරන කැමැත්ත එක්ක මට හරිම ලේසියෙන් දේවල් Model කරන්න පුලුවන්.Daily Routines , Emotions, Social Interaction වගේ හැමදේම Model කරන එකෙන් එමලි හරි පහසුවෙන් ඒ දේවල් ඉගෙන ගන්නවා. විශේෂයෙන් Speech එකට සහය දෙන්න පුලුවන් මේ වගේ Special interest පාවිච්චි කරලා. ලංකාවේ ගොඩක්ම කරන්නෙ Model කරන එක නෙමේ.prompt කරන එක. දරුවාගේ Play එකේ ඉඳන් හැමදේම prompt කරනවා. හැබැයි ඒ හරහා දරුවාට ආතතියක් ඇති වෙන එක පහසුවෙන්ම වෙන්න පුලුවන් . තමන්ගේ දරුවාට සහය දෙන්න වඩා සුදුසුම ක්‍රමය මොකක්ද කියන එක රජයේ සායන වලින් අහලා දැනගන්න පුලුවන්. මම මින් එහාට පේජ් එක හරහා මතුපිටින් කතා කරනවා මිසක් දේවල් විස්තර කරන්න මගේ කාලය කොහෙත්ම වැය කරන්නේ නෑ. විශේශයෙන් මාසෙට දහ දාහක් ගෙවලා වෙබ්සයිට් එකක් නඩත්තු කරන්නේ නෑ.ඒ සල්ලි එමලිගේ පොතකට දානවා දරුවට අනාගතයේ දවසකට ප්‍රයෝජනයට. අවශ්‍ය සියළුම දැනුම රජයේ සායන හරහා දෙමාපියන්ට ලැබෙයි. ඒ නිසා සායන වලට ගියාම හැම ප්‍රශ්නයක්ම අහලා දැනුවත් වෙන්න පුලුවන් 

