From Silence to Strength ❤️

Jordyn Zimmerman අවුරුදු 29 යි. වාචිකව සන්නිවේදනය නොකරන ඔටිසම් තරුණියක්. එයා සන්නිවේදනය කරන්නේ AAC – Device එකක් හරහා. අවුරුදු 18 දී තමයි Jordyn ට AAC device එක හරහා සන්නිවේදනය කරන්න අවස්ථාව ලැබුනේ. අවුරුදු 18 වෙනකල් තමන් වෙනුවෙන් ඇයට පෙනී ඉන්න නොහැකි වුනා වගේම ඉතාමත් පීඩාකාරී අත්දැකීම් වලට මුහුණ දුන්නා. ඒකට ප්‍රධානම හේතුව වුනේ බහුතරයක් හිතුවේ Jordyn කතා කරන්නේ නෑ කියන්නෙ ඇයට කියන දේ තේරුම් ගන්නත් හැකියාවක් නැහැ කියලා.ඒ නිසාම විශේශයෙන් පාසල තුළ මුහුණ දෙන්න සිද්ධ වුනේ වේදනාකාරී අත්දැකීම් වලට.

Jordyn ට පාසලේ විශේශ අධ්‍යාපන ඒකකය හරහා ලැබුණු සහය ඉතාම අල්පයි. උදාහරණයක් විදියට ඔවුන් Jordyn ගේ දැනුම අවතක්සේරුවට ළක් කිරීම සහ වටහා නොගැනීම නිසා සිද්ධ වුනේ හැමදාම එකම ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.2013 / 2014 කාලයේදී පවුලේ සහය සහ Ohio වල Disability Rights සහය මත Jordyn ට Ipad එකක් ලබුනා AAC App එකක් Download කරලා. ඒ App එකේ නම තමයි Proloquo2Go. මේක සෑහෙන්න ප්‍රසිද්ධ App එකක්. මේ හරහා Jordyn ට තමන්ගේ හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කරන්න ඉඩ ලැබුනා. පවුලේ අයට වඩා හොදින් පැහැදිලි වුනා තමන්ගේ දරුවා කොයිතරම් බුද්ධිමත් දරුවෙක්ද කියලා.Educators ලට වැටහුනා Jordyn ගැන ඔවුන් තේරුම් අරගෙන හිටපු විදිය කොයිතරම් වැරදිද කියලා.

“This Is Not About Me” කියන Documentary එකේ Jordyn ගේ කතාව ඔවුන් කියනවා.Non- Speaking කියන්නේ තමා අවට ලෝකය වටහා ගන්න බැරි වීම කියන එක නෙමේය යන සත්‍ය ඒ හරහා කතා කරනවා.

Jordyn Zimmerman මේ වෙනකොට ලෝකය හඳුනාගන්නේ Educator කෙනෙක් වගේම ඔටිසම් දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන activist කෙනෙක් විදියට. Non- speaking ඔටිසම් දරුවන් ගැන තියෙන වැරදි වටහා ගැනීම් සමාජයෙන් ඈත් කරන්න Jordyn ගෙන් ලැබෙන දායකත්වය ඉතාම ඉහළයි. Master’s degree එකක් වගේම MBA අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම දක්වා ඉදිරියට යන්න ඇයට වාචිකව සන්නිවේදනය කර නොගැනීම බාධාවක් උනේ නෑ.

දැන් අපි කතා කරන්න ඕනේ ලංකාවේ Non- Speaking ඔටිසම් දරුවන්ව අහිමි වෙලා තියන අයිතිවාසිකම් ගැන. අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සමාජ සම්බන්ධතා පැවැත්වීමේ අයිතිවාසිකම සහ තමන්ගේ හඩට පිළිගැනීමක් නොමැති වීම වගේ බහුතරයක් ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි වෙලා තියනවා. දරුවන්ට වාචිකව සන්නිවේදනය කරගන්න අවශ්‍ය සහය ලබා දෙන ගමන්ම වෙනත් සන්නිවේදන ක්‍රම අත් හදා බලන්න.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හෝ ලංකාවේ පවතින විශේෂ අධ්‍යාපන ක්‍රමය හරහා පහසුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට අපහසු දරුවන්ට Visual tools හරහා අධ්‍යාපනය දෙන්න.තාකශණය දරුවාගෙන් ඈත් කරන්න නෙමේ තාක්ශණය හරහා දරුවාට අවශ්‍ය සහය ලබා දෙන්නේ කොහොමද කියලා දැනුවත් වෙන්න.

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

වාචිකව සන්නිවේදනය කරගන්න අසීරූ වීම නිසාම Jordyn Zimmerman ප්‍රතික්ශේප වුනා.විශේෂයෙන් පාසල තුළ. ඇය ඉදිරියේ ඇයට තේරෙන්නේ නෑ කියලා හිතලා ඇය ගැන හිත රිදෙන කතා කිව්වා. AAC ලැබුණත් ඒ හරහා ඇයට සන්නිවේදනය කරගන්න බැරි වෙයි කියලා ගුරුවරුන් විශ්වාස කරා.ඒ ගැන ඇය පසු කාලයේ අදහස් ප්‍රකශ කළා.

” Within school for years, people talked about me like I couldn’t understand them. And even like I didn’t exist. I was easily controlled and manipulated by adults, restrained and secluded and made to complete repetitive tasks with the belief that I didn’t understand them or my surroundings.” 

 “It was really challenging for me. I was in a perpetual state of discomfort and dysregulation within my own body. There was so much I wanted to say, so much I wanted to add and so much I wanted to change that was all built up in my head. But I had no way to effectively or reliably share it all. I was also in many spaces where the expectations were annoyingly low, which caused my frustration to be really high.”

 “Even after I started communicating with my iPad, there was this notion from my teachers that it wasn’t possible, this idea that I wasn’t that capable.” 

විවිධත්වය වටහා ගන්නවා සහ පිළිගන්නවා කියන්නේ ඔටිසම් ලක්ෂණ වටහා ගෙන ඒවා අවම කරලා සාම්ප්‍රදායික රාමුවකට ගැළපෙන්න දරුවාව සූදානම් කරනවා කියන එක නෙමේ. දරුවාව සමස්තයක් විදියට පිළිගන්න.දරුවාට ඇහුම්කන් දෙන්න.දරුවාගේ හැසිරීම හරහා ප්‍රකාශ කරන දේ වටහා ගන්න. Non- speaking කියන්නේ දරුවාට හඬක් නෑ කියන එකවත් දරුවා දරුවා තුළ නිහඬයි කියන එකවත් නෙමේ. දරුවා බලන් ඉන්නවා දෙමාපියන් එයාගේ සිතුවිලි ප්‍රකාශ කරගන්න ඉඩක් දෙනකල්.

මුල් සබැඳිය : From Silence to Strength