අපේ සමූහයේ ඉන්න ඔටිසම් දරුවෙක් ගේ අම්මා කෙනක් වන මහීමා තමන්ට මූණ දුන්න සිදු වුන සිදූවීමක් ගැන මට ලියලා එවලා තිබ්බා පේජ් එකට දාන්න කියලා. හැම අම්මෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. සතුට වගේම හිත රිදුන හැම තැනක් ගැනම බෙදාගන්න ඕනේ. මේ වගේ දිගින් දිගටම දරුවන් වෙනුවෙන් පෙනී හිටීම සහ කතා කිරීම හරහා අනාගතයේ දවසක හැම දරුවෙක්ටම ආරක්ෂිත ඉඩක් මේ සමාජේ නිර්මාණය වෙයි. මේ පේජ් එක අපේ නිදහස් ඉඩ. තනියම දරාගන්නවට වඩා අපි එකතු වෙලා හැම අභියෝගයක්ම දරාගන්න ඕනේ. )
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
අනේ සාදු මේ පන්සල අයිති
නැන්දා මට එන්න එපා කිවුවා
මං නරක ළමයෙක් කියලා
එයාගේ Live program එක
අවුල් වුනා කියලා. කිසිම
දෙයක් තාම මට තෙරෙන් නෑ
නෑන්දේ. මං තාම පුංචි ළමයෙක්.
මගේ අම්මා, අත්තම්මා, නැන්දා, තාත්තා
මේ හැමෝම එකතු වෙලා, ලස්සනට අෂ්ඨ පාන හදල, පුජාවට සභාගි වුනේ හරිම සතුටින්.
මං පොඩ්ඩක් දිව්වා කියලා නැන්දට තරහා ගියානේ…෴
පුංචි මගේ කොළම් වලට ගාඨ කියන
සාදු ලවත් මට බැන්නේ නැනේ ..෴
අනේ නැන්දේ මට කතා කරන්න බෑනේ මට තාම පුලුවන් සද්ද කරන්නයි, දුවන්නයි…..෴
නැන්දා දැකපු නරකම ළමයා මං
කියනකොට ….෴
මගේ අම්මා කොහොම
දාරා ගන්නද එ වේදනාව….෴
මගේ අම්මා
මගේ කටින් වචනයක්
ගන්න දරන වෙහෙස නැන්දා දන්නේනෑ.෴
අනේ නැන්දේ
මේ ලොකේ මං වගේ අඩු පාඩු
සහිත ඉපදුනු පුංචි බාබාලා ඉන්නවා..෴
අපිටත් ආදරෙන් කාරැනාවෙන්
සලකන්න නැන්දේ…..෴
#️⃣ මගේ පුංචි පුතාට පන්සලේ ප්රධාන දායිකාව පන්සලට එන්න එපා කියලා කිවුවා. දැක්ක නරකම ළමයා කිවුවා.මේ විදිහට සංවාදය ගියා. මේ විශේෂ දරැවෝ තේරැම් අරන් රැක ගන්න වෙහෙස වෙන තරම දන්නේ එ අම්මලා, තාත්තලා.
මේ සිදුවිමෙදි පුදුමාකාර දුකක්, කෙන්තියක් ආවේ.
එදා එ පන්සලේ පුජාව බාරගෙන තිබුනේ
පුතාගේ අත්තම්මා…
අනේ ඉතිම් අපි හැමෝම සහභාගි වුනා..
මාගේ පුංචි දරැවා ගෙදර දාලා යන්නේ කොහොමද..?.෴
දරැවෝ රැගෙන එන්න එපා විඩියෝ යනවා කිවුවනම්
අපි දරැව එක්ක ගෙදර ඉන්නවා
එසේ නොකියා
පිරිසක් ඉදිරියේ .෴
කිසිම දෙයක් නොතේරෙන අවු 4 මට්ටමේ දරැවෙක්ට බනින්න තරම්
මිනිසුන් කොච්චර කුරිරැද…෴
අනේ මේ වගේ දෙවල් නොවෙන්න..
අපි මේ කතාව සාමාජෙට කියන්න තිරනේ කලේ..෴෴෴
පුංචි දරැවෝ දිහා ආදරෙන් කරැණාවෙන් බලන්න..
විශේෂ දරැවො සමන්ය තත්වයට ගන්න
වචනෙකින් හරි .උදවුවක් කරන්න….෴
කර ගන්නා පිං පමණයි… රැගෙන යා හැකි වෙන්නේ…..
මිල මුදල් ,යාන වාහන , පන්සල් හැදුවට ,පලක් නෑ. පුංචි දරැවෙක් තේරැම් ගන්න බැරිනම්…෴
✍️ Mahima Madu Madumali

