කොහෙන් ගියත් ඔටිසම් ගැන නොදන්න බොරු මිථ්‍යාවන් පතුරවලා තමයි මේ මිනිස්සු නතර වෙන්නේ. තමන් නොදන්න විශයක් හෝ සංවේදී මාතෘකා ගැන, විශේෂයෙන් ප්‍රජාවකගේ විවිධත්වයක්, අන්න්‍යතාවයක් ගැන සඳහන් කරනකොට ඒ ගැන ටිකක් අප්ඩේට් වෙන්න ඕනේය කියන දැනීම නෑ. එතකොට මේක ලියලා තියන මේ Hasantha කියන මනුස්සයට අනුව ඔටිසම් කියන්නේ රෝගයක්. ඒක ඇති වෙන්නේ පොඩි කාලේ. ඒ වගේම ඒකෙන් මොළේ එක අංශයක් වැඩ කරනකොට තව අංශයක් වැඩ කරන්නේ නෑලූ.

දැන් මේ කරන්නේ හිටපු ජනාධිපති රනිල්ගේ තියන එයාට අන්න්‍ය වූ පුද්ගල හැසිරීම සහ සමාජය සමඟ පවත්වාගෙන යන සමාජ සම්බන්ධතා හැඩය ඔටිසම් අන්න්‍යතාවය එක්ක සම්බන්ධ කරලා ඔටිසම් අන්න්‍යතාවය ආයේ ආයේ විනිශ්චයට පත් කරන එක. ෆේස්බුක් හෑලී ලියන්න කලින් යම් ප්‍රජාවකගේ අන්න්‍යතාවය ගැන සඳහන් කරනකොට අඩුම ගානේ ඒ අන්න්‍යතාවය ගැන නිවැරිදිව සඳහන් කරන්න. 

දැන් ඒ ලියපු එක කියවන මිනිස්සු කීයෙන් කීදෙනෙක් ආයේ ආයේ ඔටිසම් කියන්නේ රෝගයක්, ඒක පොඩි කාලේ හැදෙනවා වගේ මිත්‍යාවන් සත්‍ය කියලා වටහාගන්නවා.හෑලී ලියන්න ගියාම හුස්මක් ගන්න මේ මිනිස්සුන්ට මතක නෑ. දියුණු සමාජ සංස්කෘතිය පුද්ගල අන්න්‍යතාවයන් අල්ලාගෙන ඒවා විකෘතියට ළක් කරන්නේ නෑ.

රනිල් ඔටිසම් ද නැද්ද ADHD ද නැද්ද කියන එක පිටස්තර මිනිස්සුන්ට තහවුරු කරන්න බෑ.විශේෂයෙන්ම ඒ අන්න්‍යතාවය මත පුද්ගල චරිතයක් විනිශ්චයට ළක් කරන්නත් බෑ. ඒ නිසා කරුණාකරලා මේ හෑලී සතියේ රනිල්ගේ චරිතය ගැන පර්‍යේශණය කරන ෆේස්බුක් මාධ්‍යවේදීන්/ මනෝ විශ්ලේශකයින්, වීරයින්, අවධානය ඉල්ලා හිටින්නන් ඔටිසම් අන්න්‍යතාවය ආයේ ආයේ සදාචාරාත්මක නැති විදියට අපහාසයට පත් කරන්න කලින් ඒ අන්න්‍යතාවය ගැන අප්ඩේට් වෙලා ඉන්න. ඔටිසම් වටා නිර්මාණය වෙලා තියන අතිශය භයානක Social stigma එක මොකක්ද කියලා දැනුවත් වෙන්න සහ ඒ හරහා ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් වගේම ඔටිසම් ප්‍රජාව පත් වෙන අපහසුතාවය ගැනත් හිතන්න.

මුල් සබැඳිය : Ranil Wickremesinghe