Darius මට මතක හැටියට අවුරුදු 23 ක් 24 ක් වයස ඔටිසම් තරුණයෙක්. Darius කියන්නේ Profound autistic 24/7 ම සහය අවශ්‍ය Non- verbal තරුණයෙක්. Darius ට කෑම කනකොට ඒ කෑම හොඳට හපලා ගිලින්න ඕනේය සහ කෑම කොච්චර ප්‍රමාණයක් එක පාරට කන්න ඕනේද කියන දැනීම අවමයි. මේකට හේතුව ස්නායු විවිධත්වය. දැන් ලංකාවේ සමහරු හිතනවා මේ වගේ අභියෝග වලට මුහුණ දෙන දරුවන්ව දෙමාපියන් හරියට හදලා නෑ කියලා.සමහර දරුවන් අතින් කෑම කන්න කැමති නෑ.හේතුව කෑම අතේ ගෑවෙනකොට දැනෙන දැනීම දරාගන්න අපහසු නිසා. ඒ දෙමාපියන්ව විනිශ්චයට ළක් වෙනවා අම්මා අතින් කෑම කන්න පොඩි කාලේ ඉදන් පුරුදු කරලා නෑ කියලා. අපි මේ විනිශ්චය නතර කරන්න නං නිවැරිදි දැනුම සමාජගත කරන්න ඕනේ වගේම විවිධත්වය පිළිගන්න ඕනේ.
Darius ගේ අම්මා Darius කෑම කනකොට පොඩි විරාමයක් ගන්න කියන එක නිතරම කියන්නේ ” let it Chill on the plate “ කියලා. ඒක සිංදුවක් විදියට තාලෙට කියනවා. මේක පොඩි කාලේ ඉඳන්ම පුතාට පුරුදු කරපු නිසා එයා දන්නවා මම දැන් පොඩි විරාමයක් අරන් කටේ තියන කෑම ටික හපලා ගිලින්න ඕනේ කියලා. මේ වගේ අවධානය දුන්නේ නැත්තන් Darius ට කෑම හිර වෙලා අනතුරක් වෙන්න පුලුවන්. ඉතිං මේ වගේ අභියෝග ජීවිත කාලෙම තියනවා. මම දන්නේ නෑ ලංකාවේ ඇයි Profound autism ගැනවත් සහය අධික ඔටිසම් දරුවන් ,පුද්ගලයින් ගැනවත් අවශ්‍ය අවධානය, දැනුවත් කිරීම සහ පහසුකම් කිසිම රජයකින් ලබා නොදුන්නේ කියන එක. මේ රටේ ඔටිසම් ගැන නිවැරිදි සංවාදයක් ඇති වෙන්න නං මුලින්ම අදාළ සෞඛ්‍ය නිලධාරීන් Spectrum එක ගැන අප්ඩේට් වෙන්න ඕනේ.
