අද එමලිගේ Play Date එක. එහෙම යනකොට Bedsheet එකත් පෙරවන් තමයි යන්නේ. ඒක Routine එකක්. අද එයාගේ බෝනික්කවත් අරන් ගියා. එමලිගේ Mood එකයි සංවේදන සංවේදීතා දැනීමයි එක්ක මේ වගේ ගමන් වල අත්දැකීම් එකිනෙකට වෙනස් වෙනවා. අද හොඳ දවසක් උනා. හැබැයි ගිහින් පොඩි වෙලාවකින් ඇදගෙන ආව ඇඳුම ලස්සන මදි වෙලා මම ගෙදරින් අරන් ගිය වෙන ඇඳුමක් ඇඳගත්තා.🤭

එමලි එයාගේ යාලුවො එක්ක එකතු වෙන විදිය වෙනම හැඩයක්. දැන් අපි එක්ක එමලි එයාට පුලුවන් විදියට වාචිකව සන්නිවේදනය කරගත්තත් යාළුවෝ එක්ක එහෙම නෑ. එයාලා Play කරන්න කතා කරාම යනවා. ඒත් එමලිට යාලුවො ලග ඉන්න එක සතුටක් උනා අද. වැඩියෙන්ම එමලි කැමති උනේ මෙතන හිටිය එකම අයියට තමා😅. හේතුව එයා වැඩි කතා බහක් නැතුව පාඩුවේ තමන්ගේ Play එකක් කරන් ඉන්න නිසා වෙන්න ඇති.

ඉතිං අද එමලි සරුංගල් යවන්න හැදුවා. හුළං මදි නිසා වැඩේ එච්චරට සාර්ථක උනේ නෑ. එමලිට තේරෙන සෙල්ලම තමයි කිරි කිරි බෝලේ. අදත් වෙනදා වගේ ඒකම කරා. යාලුවන්ව බදාගත්තා.ඉම්බා. බෝනික්කව දුන්නා. අද එමලි හිටියේ Happy mood එකේ.

පස්සේ මම්මාච්චිගෙයි අක්කගෙයි අතින් අල්ලන් එළියේ බංකුව ළඟට අරන් ගිහින් ඉන්දුවා.එයත් ඉදගත්තා. මට හිතුනා මේ කියන්නේ ෆොටො එකක් ගන්න කියලා වෙන්න ඇති කියලා.ඉතිං අපි ෆොටොස් ගත්තා. දවසෙම නටලා නටලා හවස් වෙලා Bedsheet එකත් පොරවන් එමලි ගෙදර ආවා.

මම හැම පෝස්ට් එකක් හරහාම කියන්න උත්සාහ කරන්නේ කිසිම දරුවෙක් හෝ මනුශ්‍යයෙක් සාමාන්‍ය හෝ අසාමාන්‍ය වෙන්නේ නෑ. ඒත් හැමෝම විවිධයි. එමලි ඉපදුනේ , ජීවත් වෙන්නේ එයාගෙම ස්වාභාවික හැඩයකට. හැම ඔටිසම් දරුවෙක්ටම තියනවා එයාට අන්න්‍ය වුන හැඩයක්. ඒක අසාමාන්‍යතාවයක් නෙමේ. ඒ වගේම ඔටිසම් දරුවන් සාමාන්‍ය කරන්න ඕනේය කියන අදහස ඇතුලෙම තියෙන්නේ ඒ දරුවගේ හැඩය වටිනාකමින් අවමයි කියලා හිතන එක. ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයක්. ඒ නිසා අපි මේ ස්නායු විවිධත්වය වැරදි විදියට නිර්වචනය නොකර පිළිගන්න උත්සාහ කරමු.

මුල් සබැඳිය : එමලිගේ Play Date එක