⛔ කරුණාකරලා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල විශේෂ අධ්‍යාපන සිලබස් අප්ඩේට් කරන්න. ⛔
මේ උගන්නන ඒවා වල නිවැරිදිබව තහවුරු කරගන්න ක්‍රමවේදයක් හඳුන්වාදෙන්න. එහෙමත් නැත්තන් රජයෙන් එවා නියාමනය කරන්න. මේ වගේ පට්ට පල් බොරු උගන්නන පුද්ගලයින්ට එරෙහිව කරුණාකරලා අදාළ විශ්ව විද්‍යාලීය මණ්ඩලය පියවර ගන්න.
මේ සිලබස් එකේ පටන් ගැන්මේ ඉඳන්ම වැරදී.

◉ ඔටිසම් ලක්ෂණ අවුරුදු 14 න් අතුරුදන් වෙලා යනවා කියලා තියනවා.මොන තරම් බොරු නූගත් මිත්‍යාවක්ද? ඔටිසම් ලක්ශන දරුවාගෙන් දරුවාට වෙනස්.ඒ ලක්ශණ අනුව තමයි ඔටිසම් හඳුනාගැනීමේ කාලය තීරණය වෙන්නේ.ඒ වගේම ඒ හඳුනාගැනීමට අවශ්‍ය Modern tools තියෙන්න ඕනේ. නැත්තන් කරන Assessment එක පවා නිවැරිදි නැහැ. එක දරුවෙක් අවුරුදු එකහාමාරෙන් ඔටිසම් තහවුරුව ගන්න කොට තව දරුවෙක්ගේ ඔටිසම් තහවුරුව අවුරුදු 4/5/6 පහු වෙන්න පුලුවන්. විශේෂයෙන් සමහර දරුවන්ගේ Autism Regression තත්ත්වය මතු වෙනවා අවුරුදු 3 න් පස්සේ. ඒවගේම අවුරුදු 20,60,70 පුද්ගලයින් පවා මේ වෙනකොට තමන්ගේ ඔටිසම් තහවුරුව ලබා ගන්නවා. අවුරුදු 14 න් අතුරුදන් වෙන්න වෛරස් එකක් නෙමේ ඔටිසම් කියන්නේ.

◉ මෙතන දාලා තියනවා රූප සටහනක් ඔටිසම් දරුවන්ගේ මූණේ හැඩරුව කියලා. ඇත්තමයි වෙන රටක නං හිරේ යනවා මේවා ඉගැන්නුවොත්. මේ දාලා තියෙන small head, smooth philtrum, thin upper lip, low nasal bridge වගේ හැඩරුව අයිති වෙන්නේ ඔටිසම් අන්න්යතාවයට නෙමේ. ඒක අදාළ වෙන්නේ Fetal Alcohol Spectrum Disorders (FASD) වලට. සම්පූර්ණයෙන්ම ඔටිසම් සහ FASD කියන්නේ වෙනස් තත්ත්ව දෙකක්. කවුද මේ බොරු ළමයින්ට උගන්වන්නේ? මේවා ප්‍රශ්න කරන්න කවුරුත් නැද්ද?
ඔටිසම් වලදි කිසිම විශේශ පෙනුමක් නැහැ. ඒ නිසා මේ උගනන්න ඒවා ඇත්ත කියලා ඉගෙන ගෙන ඩිප්ලෝමා අරන් එන ළමයි නොදැනුවත්වම මේ මිථ්‍යාවන් සමාජගත කරනවා. අපි කොහෙන්ද මේ කැත ක්‍රමය වෙනස් කරන්න ඕනේ දැන්?
ඔටිසම් කියන්නේ මේ ලියලා තියන විදියට කායික සහ මානසික වර්ධනයේ සිදුවන අක්‍රමිකතා නිසා ඇති වන පාලනය කිරීමට බැරි චර්යා රටා නෙමේ. මෙහෙම ඔටිසම් විවිධත්වය ගැන හඳුන්වන එක පවා ඔටිසම් ප්‍රජාවට කරන දරුණු අපහාසයක්.ඔටිසම් කියන්නේ කායික අක්රමතාවයක් නෙමේ. එතකොට ඔටිසම් කියන්නේ පාලනය කරගත නොහැකි චර්යාවන් ඇති විවිධත්වයක් නෙමේ . ඔටිසම් කියන්නේ ස්නායු විවිධත්වයක්. Neurotype එකක්.ඒකත් එක්ක තමයි සන්නිවේදන, සමාජ සම්බන්ධතා සහ චර්යාමය හැඩයන් ඇති වෙන්නේ. ඔටිසම් කියන්නේ බුද්ධිමය ආබාධයක් නෙමේ. Intellectual disability කියන්නේ වෙනම තත්ත්වයක්.ඒක සහ ඔටිසම් දෙකම එකට තියෙන්න පුලුවන්.

◉ ගැටලුකාරී හැසිරීම් සහ සුදුසු හැසිරීම් කියලා ඔටිසම් ගැන කතා කරනකොට පාවිච්චි කරන්නේ විවිධත්වය පිළිගන්න බැරි මෝඩයො විතරයි. Routines ,pattern , Stimming කියන්නේ ගැටළුකාරී හැසිරීම් නෙමේ.මේවා දැන් විස්තර වෙන විදිය නව දැනුම සමඟ සෑහෙන්න වෙනස්. එතකොට සුදුසු හැසිරීම් කියන්නේ මොනවද? neurotypical හැසිරීම් සුදුසු හැසිරීම් කියලා සලකන්නේ නෑ.කරුණාකරලා විවිධත්වයක් ගැන කතා කරනකොට අප්ඩේට් වෙලා කතා කරන්න.උගන්නන්න.

◉ දිගින් දිගටම ඔටිසම් රෝගීන් ,රෝගීන් කියලා පුදුමාකාර කැත සහ සදාචාරාත්මක නොවන විදියට ඔටිසම් විවිධත්වය ගැන කතා කරලා තියෙන්නේ.
මේවා ඉගෙන ගන්න ළමයින්ගෙන් තමයි අනාගතයේ ඔටිසම් දරුවන් තව තවත් අපහාස සහ විනිශ්චයන්ට ළක් වෙන්න නියමිත..
මම ඒ අදාළ කැම්පස් එකට කතා කරා. මේ සම්බන්ධව කතා කරන්න ඕනේ කිව්වම කවුද සර් කෙනෙක්ට දුන්නා.එයාගෙන් ඇහුවා ඔයාලා මේ උගන්නන ඒවා බලන්නේ නැද්ද කියලා.එයා අලුතින් ආව කෙනෙක් කිව්වා.කැම්පස් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරන්නම් කියලා ඒ සිලබස් එකේ කොපිය එවන්න කිව්වා එයාට. එයාට ඒක මම යවන්නේ ඇයි. ඔය ළමයි ලග තියනවා.මගේ ලග ඔක්කොම තියනවා. ලේසී තැනකින් හොයාගෙන ඔයාලගේ සිලබස් අප්ඩේට් කරලා ගෞරවාන්විතව විදියට විවිධත්වය ගැන උගන්වන්න නිවැරිදිව.
අපේ දරුවන් invisible නෑ. අපේ දරුවො ඉන්නේ මේ ලංකාව ඇතුලේ. එතකොට ඒ දරුවන් තමන්ගේ අන්න්‍යතාවය එක්ක මේ රටේ ගෞරවයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම නැති කරන්න නිකන් සත පහකට ගණන් ගන්නේ නැතුව ඕනේම මල විකාරයක් ඔටිසම් ගැන කතා කරන්න ඔයාලට බෑ. ඒක නීතියෙන් පවා බෑ. ඒ නිසා කරුණාකරලා සිලබස් අප්ඩේට් කරගන්න.
අදාළ කැම්පස් එකේ හෝ මේ උගන්වන කෙනාගේ නම දැනට සඳහන් කරන්නේ නෑ. හේතුව කැම්පස් එකෙන් මේ ගැන කළමනාකරණ මණ්ඩලයට දන්වන්නම් කියපු නිසා.දැන් දන්වලා මේක නිවැරිදි වෙනකල් ඉන්නවා. එහෙම උනේ නැත්තන් අපිට මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට කෙලින්ම පැමිණිලි කරලා ඔටිසම් ප්‍රජාවට අපහාසාත්මක වෙන විදියේ වැරදි තොරතුරු සමාජගත කරනවා කියන එක යටතේ පියවර ගන්න පුලුවන්.
මුල් සබැඳිය : ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල විශේෂ අධ්‍යාපනය
