සමහර දෙමව්පියන් සහ පුද්ගලයින් මෙන්න මේ වගේ වාක්‍ය පාවිච්චි කරනවා ඔටිසම් දරුවන් ගැන කතා කරනකොට

  • මට හොඳ ළමයි දෙන්නෙක් සහ ඔටිසම් ළමයෙක් ඉන්නවා 
  • මගේ එක දරුවෙක් සාමාන්‍යයි. අනික් ළමයා ඔටිසම් 
  • අපි අපේ ඉස්කෝලේට භාර ගන්නේ සාමාන්‍ය ළමයි විතරයි 
  • ඔයාට ඉන්නේ Normal ලමයෙක් නෙමේද?
  • ඔයාලා පව්. හැමදේම තිබ්බට වැඩක් නෑ. ළමයා ඔටිසම් නේ..
  • අනේ ඔටිසම් ළමයි වෙනුවෙන් දෙයක් කරන එක පිනක්..

මෙන්න මේ වගේ වාක්‍ය හරහා අපිට හඳුනාගන්න පුළුවන් Ableism කියන එක. ඒ කියන්නේ ඔටිසම් දරුවා වටිනාකමින් අවම කියන රාමුව අස්සට ඔබලා ඒ දිහා ඉතා ආත්ම අනුකම්පාවෙන් බැලීම.

බිත්තර තියෙන්න පුළුවන් හොඳ බිත්තර සහ නරක් වුනු බිත්තර. පොල් තියෙන්න පුළුවන් හොඳ පොල් සහ නරක් වුනු පොල් කියල. එතකොට දරුවො ඉන්න පුළුවන් ද හොඳ දරුවන් සහ නරක් වුනු දරුවන් කියලා?  එන්න ඉතිහාසය ඉගෙන ගන්න.

1895 දී ඇමරිකාවේ නිර්මාණය වුනා Movement එකක් Eugenics කියලා. හරියට හෙළ බොදු / රාවණා/ සිංහල බෞද්ධ යක්කු වගේ මේ ලංකාවේ කාලෙන් කාලෙට ඇති වෙන Movements  වගේ. මෙන්න මේ Eugenics සමූහයෙන් ඉදිරිපත් කළ අදහස තමයි ජාන සුද්දයක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නරක් වුනු ජාන ඉදිරියට නොයන්න ක්‍රමයක් ආරම්භ කරන්න ඕනේ කියලා. මෙතන නරක් වුනු ජාන කියල අදහස් කරේ Neurodivergent දරුවන්ට සහ ප්‍රජාවට. ඔවුන් විශ්වාස කරා දරුවන් (Neurotypical) නිර්මාණය කිරීමට නොහැකි හෝ සුදුසු නැති අයට දරුවන් හැදීම තහනම් කළ යුතුයි කියලා. මේ හරහා මේ Gene pool එක එහෙමත් නැත්තන් ජාන හැකිතාක් පිරිසුදුව Neurotypical මිනිස්සු විතරක් නිර්මාණය කරන තැනකට ගේන්න උත්සාහා කරා. අපි මේකට කියනවා dehumanize කරනවා කියලා. අර මම කලින් කිව්වා වගේ හොඳ බිත්තර තියලා නරක බිත්තර සියල්ලම විනාශ කළ යුතුයි කියන Eugenics movement එක සමග Neurodivergent / Neurodiversity ප්‍රජාව අරගල කරා. ” Hands of our DNA ( අපේ ජාන වලට අත තියන්න එපා) ”  කියලා ඔවුන් පාරට බැස්සා. කෙසේ හෝ මේ Movement එක අහෝසී වෙලා ගියා වගේම 1993 කාලයේදී වගේ Autism acceptance movement එක ආරම්භ උනා. Eugenics කියන්නේ ඇමරිකාවේ කළු ජාතිකයින්ට පවා ඉතා අභියෝගාත්මක කාලයක් ලබා දුන්න Movement එකක්. ඒ ඉතිහාසයේ සරළ විස්තර කිරීමක් විතරයි මේ.

කෙසේ හෝ Eugenics ගැන දැනගන්න ඕනේ නෑ මනුස්සයෙක්ට විවිධත්වය පිළිගන්න සහ මනුශ්‍යයෙක් විදියට තව මනුශ්‍යයෙක්ගේ පැවැත්ම ප්‍රශ්න නොකර ඉන්න. මේක පවුල ඇතුලින් සහ පාසල් අධ්‍යාපන ක්‍රමය ඇතුලින් සෑම දරුවෙක්ටම ලබා දෙන්න ඕනේ දැනුම.

ඉතිහාසයෙන් ඉගෙන ගන්න කොහොමද තමන්ගේ අන්න්‍යතාවය හෝ දරුවාගේ අන්න්‍යතාවය වෙනුවෙන් අරගල කරන්නේ කියලා.  දරුවන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වීම් ඉදිරියේ නිහඬව ඉන්න එපා. 

ඔටිසම් කියන්නේ යමෙක්ගේ අන්න්‍යතාවය මිසක් ඒක වටිනාකමින් අඩු වීමක් නෙමේ. එතකොට තමන්ගේ පවුල ඇතුලේ Neurotypical දරුවන් සහ neurodivergent දරුවන් ඉන්න පුළුවන්. මේ දරුවන් හොද සහ හොඳ නැති කියලා මැදින් ඉරක් අදින්න දෙමාපියන්ට බැහැ. එහෙම කරනවා නම් ඒක ඒ දෙමාපියන්ගේ දරුවන් කෙරෙහි තිබෙන ආදරය සහ පිළිගැනීම ආයේ ආයේ ප්‍රශ්න කිරීමට ළක් වෙන්න ඕනේ කාරණයක්.

Stephen Hawking කියන්නේ theoretical physicist කෙනෙක්. එතකොට ඔහුට තිබුනා 

(ALS) කියන තත්ත්වය . අවුරුදු 21න් ඇවිදීමේ හැකියාව නැති උනා. එහෙත් ඔහුට ලෝකයේ වඩා ප්‍රසිද්ධ theoretical physicist කෙනෙක් වෙන්න පහසුකම් නොඅඩුව ලැබුනා. සන්නිවේදනය කරන්න අවශ්‍ය සහය ලැබුනා. ඒ වගේ අපි අපේ අවධානය ලබා දෙන්න ඕනේ දරුවාගේ විවිධත්වය වෙනස් කරන්න නෙමේ. අපි උත්සාහ කරන්න ඕනේ දරුවන්ගේ විවිධත්වය සමඟ ඔවුන් මුහුණ දෙන අභියෝග අවම කරගන්න පහසුකම් සහ සහය ලබා දෙන්න.

නරක් වූ බිත්තර සහ හොද බිත්තර තියරි එක ලංකාවේ පවුල ඇතුලේ, පාසල, රැකියා ස්ථානයේ, අසල්වැසියන් ගේ නිවාස තුළ සහ සෝශල් මීඩියා වල තාමත් ජීවමානව පවතිනවා. මේවාට විරුද්ධව අරගල කරන්න. මේ අරගලය බුද්ධිමය අරගලයක්. ඒකට අවශ්‍ය දැනුම ආයුධ ලෙස පාවිච්චි කරන්න නං නව දැනුම සොයා යන්න.