මට මතකයි මීට කාලෙකට කලින් ගෲප් එකේ එක තාත්තා කෙනෙක්ව එයාගේ ඔටිසම් දරුවා සමඟ මුහුණ දෙන අභියෝග හමුවේ ඔහුව ධෛර්යමත් කරන්න ඇල්බට් අයින්ස්ටයින් පවා ඔටිසම් පුද්ගලයෙක් කියලා කිව්වම ඔහු මට මෙහෙම පිළිතුරක් දුන්නා
” හැමෝම ඇලබට් අයින්ස්ටයින්ලා වෙන්නේ නෑ කියලා”
මගේ පිළිතුර උනේ ඔයා කොහොමද දන්නේ දරුවාගේ කුසලතාවය වටහා ගන්න උත්සාහා නොකර කියන එක. මෙන්න මේක තමයි කණගාටුදායක තත්ත්වය ලංකාවේ.බහුතරයක් ඔටිසම් දරුවන් ඉතාමත් සුවිශේෂී දක්ශතාවලින් යුක්තයි. ඔවුන්ට තියනවා පුදුමාකාර Memory එකක්.මේක වටහා ගන්න ඉවසීමක් හෝ සන්සුන්කම සමහර දෙමාපියන්ට නැත්තේ ඔවුන් තමන්ගේ දරුවා වෙනස් කරන්න ගන්න බලහත්කාරකම නිසා .අපේ රටේ ඕනෑ තරම් සුවිශේෂී හැකියාවන් තියන ඉතා සාර්ථක ලෙස ජීවිතය ගෙවන ඔටිසම් පුද්ගලයින් ඕනෑ තරම් ඉන්නවා.ඒත් ඒ කිසිම කෙනෙක් එලියට ඇවිල්ලා අනෙක් දෙමාපියන්ව ධෛර්යමත් කරන්නේ නැහැ .ඒකට හේතුව තමයි සමාජය මේ ඔටිසම් කියන වචනයට ලබා දෙන අවම වටිනාකම.
Sebastian Esposito ඉපදුනේ මෙක්සිකෝවේ. එයාට මේ වන විට අවුරුදු 6 යි. මේ ලෝකෙට Sebastian ඉපදෙන වෙලාවේ එයාට සහ අම්මට මුහුණ දෙන්න උනේ ඒ තරම් ලස්සන සිදුවීමකට නෙමේ.එයාව අම්මගේ Birth canal එකේ හිර උනා.වෛද්‍යවරුන් කිව්වා විනාඩි 30ක් ඇතුලත දරුවාව පිටතට ගන්න බැරි උනොත් දෙන්නගෙම ජීවිත අනතුරේ කියලා.Sabastian ගේ තාත්තා මුලින්ම එයාව දකිනකොට එයා හිටියේ සම්පූර්ණයෙන් නිල් පාට වෙලා.ජීවතුන් අතර නැති දරුවෙක් වගේ.ඒත් වෛද්‍යවරුන් ගේ උත්සාහය මත එයාට ජීවිතය හිමි උනා. Intensive care unit එකේ දවස් නමයක් ඉදලා අවසානේ Sabastian නිවසට ආවා.වෛද්‍යවරුන් තාත්තට කිව්වා දරුවගේ Development ගැටළු තියෙන්න පුළුවන් කියන එක.මාස නමයක් වෙනකල් දරුවා පෙරළුනේ නැහැ.ඇවිදින්න අවුරුදු දෙකක් වෙනකල් ඉන්න උනාSebastian ඔටිසම් දරුවෙක් කියන තහවූරුව වෛද්‍යවරුන්ගෙන් ලැබුනා.
මාස 18 දී Sabastian ලී අකුරු බ්ලොක්ස් වලට පුදුමාකාර විදියට කැමති උනා.එයාට සන්නිවේදනය කරගන්න බැරි උනත් එයා මේ අකුරු බ්ලොක්ස් වලින් අකුරු ඉතා ඉක්මනට හඳුනාගත්තා. ” Cat/ Dog වගේ සරළ වචන හදන්න ගත්තා.වයස අවුරුදු දෙක වෙනකොට එයාට වචන 200කට වඩා ලියන්න පුළුවන් කම තිබ්බා.ඒ වගේම Russian alphabet එක සම්පූර්ණයෙන් ලියන්න හැකි උනා. ඔටිසම් දරුවන්ට පිහිටිය හැකි Hyperlexia තත්ත්වය Sabastian ට තියනවා.ඒකෙන් කියන්නේ දරුවාට ඉතා අඩු වයසින් අකුරු,අංක හදුනා ගැනීම සහ ලිවීමට හැකියාව. මේක බහුතරයක් ඔටිසම් දරුවන්ට අඩු වැඩි වශයෙන් තියනවා.ඒකයි Memory එක ගොඩක් Power full. මෙන්න මේ Memory එකෙන් තමා Sabastian කුඩා කාලේ ඉදන්ම අකුරු හඳුනාගෙන මතකයේ තබාගත්තේ සහ වෙනත් භාශාවල අකුරු හඳුනාගන්න සමත් වුනේ.එයාට පුළුවන් ලෝකයේ සෑම රටක්ම නම් කරන්න.ඒ රටවල් වල කොඩිය,නගර සහ භාශාවන් ගැන කියන්න.
දැන් Sabastian ට තාම හරියටම සන්නිවේදනය කරගන්න බැහැ. එතකොට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න Sabastian කරන්නේ ලියන එක.එයාට භාශා 10 කින් ලියන්න මේ වෙනකොට පුළුවන්
දැන් ලංකාවේ මෙහෙම දරුවන් නැද්ද? ඕනේ තරම් ඉන්නවා.මේ දරුවන්ගෙන් බහුතරයකට වෙලා තියෙන්නෙ අවශ්‍ය සහය නිවැරිදිව ලැබිලා නැති කම. ලංකාවේ වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් සම්පූර්ණයෙන් දරුවාගෙන Puzzles අයින් කරනවා.සිංදුවක් අහන්න පවා දෙන්න එපා කියනවා අංක සහ අකුරු වලට කැමති නං ඒවලින් අයින් කරන්න කියනවා.එතකොට දරුවාගේ කුසලතා ඉදිරියට එන්න කලින් ඒවා මිය යනවා.ඕක තමයි ලංකාවේ තත්ත්වය. මේ නිසාම තමයි මේ ඔටිසම් කිව්වම සමහරු හිතන්නේ බුද්ධිය නැහැ කියන එක.
ඔටිසම් දරුවන් තුළ තිබෙන සුවිශේෂී දක්ශතාවයන් Neurotypical දරුවන්ට නැහැ.ඒකට හේතුව ඔටිසම් දරුවන්ගේ ස්නායු පිහිටීමේ විවිධත්වය. Sabastian ගේ දෙමාපියන් එයාගේ කුසලතාවයන් හදුනාගෙන එයට අවශ්‍ය සහය ලබා දුන්නා. Puzzles දරුවාගෙන් ඈත් කරේ නැහැ.දරුවා බිත්ති පුරා නොනවත්වා අකුරු ලියනකොට ඒක නතර කරන්න උත්සාහා ගත්තේ නැහැ.ලී බ්ලොක් අකුරු පේලියට සාලය මැද්දේ තියනකොට බාධා කරේ නැහැ.ඒ නිසයි අද වන විට ලෝකයේම අවධානය දිනා ගත් පුංචි අයින්ස්ටයින් කියන නාමය ලබා ගන්නට Sabastian ට හැකි වුනේ.ඉතිං Sabastian ගේ දෙමාපියන් අද ඔටිසම් පිළිබඳව සමාජය දැනුවත් කරනවා.ලංකාව වගේ රටක ඔටිසම් ගැන දැනුවත් කරන්න ගියාම ගොඩයට මැජික් වගේ බලලා අපහාස කරනවා. ලෝකයේ සිය දහසක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් සමාජය දැනුවත් කරනවා.මේවා තමයි රටකට වැදගත්.හේතුව රටේ අනාගතය කියන්නේ Neurotypical මිනිස්සුන්ට විතරක් අයිති දෙයක් නෙමේ.එතකොට Neurodivergent පුද්ගලයින් තමන්ගේ උපන් රටේ පහසුවෙන් ජීවත් වෙන්න ඕනේ.
මම අදටත් දකිනවා රාජ්‍ය මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ ඔටිසම් රෝගී තත්ත්වයක් ලෙසට හඳුන්වනවා.අඩුම තරමින් ඔටිසම් කියන්නේ රෝගයක් නෙමේ කියන එක ගැන මේ සමාජය දැනුවත් කරන්න ඕනේ. අසත්‍ය ප්‍රකාශ පතුරවන්න එපා.සමාජ මාධ්‍ය නිවැරිදිව පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ.විශේශයෙන් තමන් නොදන්නා විශය පද්ධතියක් ගැන කතා කරනකොට ඒ ගැන සම්පූර්ණයෙන් කියවලා Study කරලා කතා කරන්න.එතකොට අපිට පුළුවන් මීට වඩා මේ සමාජේ ඉන්න Neurodivergent දරුවන්ට එයාලගේ වටිනාකම ලබා දෙන්න.

මුල් සබැඳිය : අවුරුදු 6 පොඩි අයින්ස්ටයින් (Hyperlexia)
