ඊයේ මට inbox එකට මැසේජ් එකක් ආවා. ඒක එව්වේ චාරු නුවන්ති. ගුරුවරියක්. එයා මට කිව්වේ එයාට ” ඔටිසම් “ කියන වචනය දකිනකොට පපුව රිදෙන්න ගන්නවා කියලා. එමලිගේ මූණත් එක්ක ඔටිසම් කියන වචනය පාවිච්චි කරනකොට එයාට නිකන් හරී අපහසුතාවයක් දැනෙනවාය කියලා. මේ පේජ් එකේ තවත් එහෙම අය ඉන්නවා නං පේජ් එක Unfollow කරලා යන්න.නැත්තන් බැරි වෙලා වත් Heart attack එකක් ආවොත් ඒකට අපිට වග කියන්න වෙයි.
දැන් මම කියන්නං ඔටිසම් වගේම මේ සමාජයේ ජීවත් වෙන තවත් ප්රජාවන්ගේ විවිධ අන්න්යතාවයන් ගැන.
ස්නායු විවිධත්වයන්
- ADHD
- Dyslexia
- Dyspraxia
- Dyscalculia
- Tourette Syndrome
- Intellectual disabilities
- Highly Sensitive Person (HSP)
ශාරිරික සහ ජාන විවිධත්වයන්
- Down syndrome
- Williams syndrome
- Cerebral palsy
- Deaf/ hearing deficits
- Blindness / low vision –
මානසික විවිධත්වයන්
- Anxiety difference
- Depression සහ mood diversity
අන්න්යතා සහ සංස්කෘතික විවිධත්වයන්
- LGBTQ
දැන් මෙන්න මේ වගේ විවිධත්වයන් සහ අනෙකුත් විවිධත්වයෙන් යුතු දරුවන් සහ ප්‍රජාව තමන්ගේ විවිධත්වය ගැන කතා කරනකොට, දැනුවත් කරනකොට පපුව රිදෙන්න ගන්නවා නං , නිකන් ඒවා අහන්න,බලන්න බැරි ශාරිරික සහ මානසික අපහසුතාවයක් දැනෙනවා නං , තමන් ඉදිරියෙන් ඉන්න ඒ විවිධත්වයෙන් යුතු දරුවා හෝ පුද්ගලයා දිහා බලන්න බැරි ගතියක් දැනෙනවා නං එහෙනං ඔයාට ලෙඩක්. ඒ ලෙඩේ එක එක විදියෙන් හඳුන්වනවා.
-
Ableism
ඔටිසම් සහ නොයෙක් විවිධත්වයන්, ආබාධයන් විනිශ්චට ළක් කරන සහ නිරන්තයෙන්ම එකී ප්‍රජාව ඉදිරියේ අපහසුතාවයකින් හැසිරීම
-
Disablism
මේක Uk වල පාවිච්චි වෙන term එකක්.උඩ කිව්ව එක වගේම තමයි. විවිධ අන්න්යතාවයන් ඉදිරියේ අපහසුතාවයක් දැනීම
-
Cognitive Dissonance
-
Stigma (Social Stigma)
-
Implicit Bias
-
Empathy Gap
ලංකාවේ මිනිස්සුන්ට , බහුතරයකට සහකම්පනය නෑ. අනුකම්පාව තියනවා. මේක දෙක එකිනෙකට වෙනස්. යම් ප්‍රජාවක් මුහුණ දෙන අභියෝග ගැන සහකම්පනය දක්වන්න තේරෙන්නේ නෑ. ඒත් බුදු සරණයි, අනේ , ඉක්මනට සනීප වෙයි, ලබන ආත්මේට පින් කරන්න කියාගෙන අනුකම්පාව සහ නූගත්කම වපුරන්න තමයි දන්නේ. ඔය සහකම්පනය නැති එකත් ප්‍රධානම හේතුවක් විවිධත්වය ගැන විනිශ්චය කරන්න.
මේ උඩ කතා කරපු දේවල් අදාළ වෙන මිනිස්සු අතරේ ඔටිසම් දරුවන් ඉන්න දෙමව්පියන් පවා ඉන්නවා. චාරු නුවන්තිගෙ දරුවත් ඔටිසම් දරුවෙක් වෙන්න පුළුවන්. මම එහෙම හිතන්නේ එයා මැසේජ් එකේ තැනක “අපේ දරුවන් වෙනස්” කියලා සඳහන් කරලා තිබ්බ නිසා. එහෙනං මේ වගේ මේ විදියට හිතනවා කියන්නේ තවත් භයානකයි. සහය අවමයෙන් අවශ්‍ය ඔටිසම් දරුවන් ඉන්න සමහරු පාසලට පවා දරුවව දාන්නේ බොරු කියලා. ඒ නිසාම ඒ දරුවගේ විවිධත්වය හෑල්ලුවට සහ වැරදි වටහාගැනීම් වලට ළක් වෙනවා. දරුවා ලොකු වෙනකොට තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න ගන්නවා ” මගේ මොකක් හරි ගැටළුවක් තියෙනවද” කියලා. ඔටිසම් දරුවන් කුඩා කාලේ ඉදන්ම තමන්ගේ විවිධත්වය අනුව අනෙකාගේ වැරදි වැටහීම් වලට ලක් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට කොහේ හරි ගියාම කෙනෙක් හෙලෝ බබා කියලා එමලි එක්ක හිනා වෙලා කතා කරාම එමලි කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඒ කෙනාගේ මූණවත් නොබලා ඉන්නවා. එතකොට ඒ කෙනා හිතන්න පුළුවන් එමලි මහ නරක පොඩි කාලේ ඉදන්ම අම්මලා උද්ධච්ච විදියට හදපු දරුවෙක් කියලා. මේ වගේ විනිශ්චයන් වෙන්න කලින් මම කියනවා එමලිට කතා කරන්න අපහසුතාවයක් තියනවා.එයා ඔටිසම් දරුවෙක් කියලා. මෑතකදී Pool එකට ගියපු වෙලාවෙත් එමලි Pool එකට බහිනකොට ඒකේ හිටපු දරුවෙක්ගේ ඇහැට වතුර විසික් වෙලා. ඒ දරුවා මගේ හස්බන්ඩ් ළඟට ඇවිල්ලා කිව්වා ” නංගිගෙන් වතුර විසික් උනා.නංගි නිකන්වත් Sorry කිව්වේ නෑ කියලා”. ඉතිං අපිට පැහැදිලි කරන්න උනා නංගිට කතා කරන්න අපහසුයි.එයා Sorry නොකියපු හේතුව ඒකයි කියලා . ඒ නිසා එමලි වෙනුවෙන් අපි Sorry කියලා ඒ දරුවන්ගෙ සමාව ඉල්ලුවා. මේ නුවන්ති වගේ ගෑනූ හිතනවා අපිට පුළුවන් කියලා ” ඔටිසම් ” කියන වචනය පාවිච්චි නොකර ඉන්න. එයා හිතනවා ඒක ලස්සන වචනයක් නෙමේ කියලා.එයා හිතනවා ඒක ගෞරවාන්විත වචනයක් නෙමේ කියලා. මගේ කනට ඕනේ තරම් ඇහිල තියනවා ඔටිසම් තරුණ තරුණියන් ඉන්න ගෙවල් ගැන ගමේ සමහර මිනිස්සු දෙන විනිශ්චය. ” ඒ ගෙදර ඉන්නේ මොළේ ටිකක් අවුල් ළමයෙක්” කියලා. අපි අපේ දරුවන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන්නේ නැත්තන් ලංකාවේ තවත් ඉදිරියටත් මේ වගේ ඉතා කැත විනිශ්චයන් නොවෙනස්ව තියෙයි. ඒ නිසා
ඔටිසම් වගේ විවිධත්වයන් ගැන කතා කරනකොට අහන්න ,බලන්න අපහසුතාවයක් එනවා නං කණ්නඩියෙන් තමන් දිහාම බලන්න.ඔයාගේ තුළ තමයි ගැටළුවක් තියෙන්නෙ.
ඉතිං ඔටිසම් කියන වචනයට පවා අපහසුතාවයට පත් වෙන අයට ඔටිසම් දරුවෙක් ලැබුනම සිද්ධ වෙන්න පුළුවන් නරකම දේ තමයි තමන්ගේ දරුවාගේ විවිධත්වය තමන් විසින්ම පිළිකුළට පත් කරන එක. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්නවා ඒ දරුවගේ විවිධත්වය සඟවන්න. එහෙම බැරි නම් කරන්නේ දරුවව හංඟගෙන ඉන්න එක. ඒ දරුවා ගේ අස්සේ සදාකාලි හිරකාරයෙක් වෙනවා.
ඔටිසම් දරුවන්ගේ සහ ප්‍රජාවගේ අවශ්‍යතාවයන් අබ මල් රේණුවකට වටහා ගත් රටක නෙමේ අපි ජීවත් වෙන්නේ. ඒකට මූලික හේතුවත් අර උඩ කියපු කාරණා. ඒ වගේ පුද්ගලයින් වෛද්‍යවරුන් , තෙරපිවරුන්,ගුරුවරුන් ,සෞඛ්‍ය නිළධාරීන් අතර ඕනේ තරම් ඉන්නවා. ඒකයි 2025 වෙනකොටත් ඔටිසම් දරුවන්ට 1960 කාලයේ කරපු පැරණි තෙරපි ක්රමවේදයන්ම පාවිච්චි කරන්නේ.
වැඩි දේවල් අවශ්‍ය නෑ අඩුම තරමේ ඔටිසම් දරුවෙක්ට පුද්ගලයෙක්ට යන්න තැනක් මේ රටේ තියෙනවද? ඇමරිකාවේ Science Museum එකෙයි Natural History Museum එකෙයි ” Sensory – Friendly ” පැය ගාණක් වෙන් කරනවා ඔටිසම් ප්‍රජාවට. Gatwick, Heathrow වගේ ගුවන් තොටුපොළවල් වල වෙනම නිදහස් ,නිහඬ ඉඩවල් වෙන් කරලා තියනවා.
UK වල National Autistic Society (NAS) එකෙන් “Autism Hour” කියලා වෙනම campaign එකක් කරලා සමාජය දැනුවත් කරා ඔටිසම් දරුවන් සහ පුද්ගලයින්ගේ විවිධත්වය අනුව ඔවුන්ට පහසුවෙන් Shopping කරන්න අවස්ථාවන් නිර්මාණය කරගන්න.
Sweden වල අධ්‍යාපනයේ ඉදන්ම පොදු සේවාවන් දක්වාම ඔටිසම් ප්‍රජාවට Sensory-friendly විදියට හදලා තියනවා. Toronto Zoo එකෙයි Ripley’s Aquarium එකෙයි වෙනම දවස් වෙන් කරලා තියනවා ඔටිසම් දරුවන්ට. නිකමට හිතන්නකො ලංකාවේ මිනිස්සු Private bus වලට කණ පැලෙන්න සද්දෙට සිංදු දාන් යනවා කියලා කොයිතරම් චෝදනා කරනවද කියලා. ලංකාවේ ඔටිසම් දරුවන් බහුතරයක් එදිනෙදා ජීවත් වෙන්නෙම හයියෙන් සිංදු දාගෙන යන බස් එකක ඉන්නවා වගේ තමයි . ඒ දරුවන්ගේ සංවේදන සංවේදීතාවය ගැන හිතලා ඊට ගැළපෙන්න නිර්මාණය කරලා තියන එක ඉඩක් ලංකාවේ තියනවද? එක පාසළක්,විශේශ අවශ්‍යතා ඒකකයක් තියනවද Sensory friendly විදියට හදපු? එහෙම දේවල් ඔටිසම් දරුවන්ට,ප්‍රජාවට අවශ්‍ය දේවල් කියලවත් සමාජය,රජය දන්නේ නෑ.
සිංගපූරුවේ Changi Airport එකේ වෙනම sensory Room තියනවා. අපේ එයාර්පෝර්ට් එකේ නිළධාරීන් අඩුම ගානේ Sunflower lanyard එක ගැන දන්නෙ නෑ. ඒකෙන් සංකේත කරන්නේ සැඟවුණු ආබාධිත තත්ත්වයන්. ඔටිසම් දරුවෙක්ට පුළුවන් sunflower lanyard එක කරේ දාගෙන ලෝකේ ඕනේම Airport එකක එයාට අවශ්‍ය යම් සහයක් තියනවා නං ඒක ලබාගන්න. ලංකාවේ Airport එකේ නිළධාරීන් දන්නවද Hidden Disabilities පෙන්නන සංකේතය කියලා Sunflower කියන්නෙ.
ඔටිසම් නිර්වචනය වෙනවා “Hidden disability” එහෙමත් නැත්නම් “Invisible disability” කියලා. හේතුව කෙනෙක්ට එක පාරට ඔටිසම් විවිධත්වය වටහා ගන්න,පිටතට පේන්නේ නැති නිසා. ඒ නිසාම තමයි ඔටිසම් ප්‍රජාවට අවශ්‍ය සහය සහ පහසුකම් ඉතාම අවමයෙන් ලැබෙන්නෙ.ඉතිං මේ දේවල් කතා කරනකොට ඔටිසම් කියන සත්‍ය අන්න්‍යතාවය පාවිච්චි නොකර වෙන අන්වර්ත නාමයන් පාවිච්චි කරන්න ඕනේ ද? ඒ ඇයි? නුවන්ති වගේ අයට පපුව අමාරුව හැදෙන නිසා ඔටිසම් ගැන විවෘතව කතා නොකර ඉන්න ඕනේද?
ලංකාවේ කෙනෙක් මූණ වහගන්නේ එක්කො සමාජයට මූණ දෙන්න බැරි උනාම. එහෙම නැත්තන් යම් ආගමික කාරණා නිසා. එහෙමත් නැත්තන් දරුවන්ගේ මූණ වහනවා ඇස් වහ කට වහ වදී කියලා. ඒත් තමන්ගේ ස්වාභාවික මනුශ්‍ය විවිධත්වය සමාජයෙන් හංඟන්න ගෝනී රෙදි පෙරවන් ඉන්න අවශ්‍ය නෑ. කෙනෙක්ට අනෙකාගේ විවිධත්වය අපහසුතාවයක් නං ඔවුන් වහාම මානසික වෛද්‍යවරයෙක් මුණ ගැගෙන්න ඕනේ. නුවන්ති වගේ ඔටිසම් වචනය ඇහුවම පපුව රිදෙන අයට පුළුවන් නිදාගන්න යන්න කලින් ඔටිසම් කියන වචනය දහ පාරක් හයියෙන් කියලා නිදා ගන්න. මාසයක් දෙකක් ඒක කරනකොට ඒ පපුවේ කැක්කුම මඟ හැරිලා යයි.
