Child‑led / Neurodiversity‑affirming therapy සහය කියන්නේ දරුවන් අත් හැර දැමීමක් වගේ අදහසක් සමහරුන්ට තියනවා. ඒකට එක හේතුවක් තමයි අපි ඉතිහාසයේ ඉදන්ම පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ව දඩුවම හරහා අණ කිරීම්, විධාන දීම් හරහා අපිට අවශ්‍ය විදියට හදන එක සාමාන්‍යකරණය වුන රටක ජීවත් වෙන නිසා. එතකොට Child – led / දරුවා මූලිකත්වය ගන්නා ක්‍රමවේදයක් කියනකොට ඒක නිකන් දරුවාට ඕනේ විදියට දරුවාට ඕනේම දෙයක් කරගන්න ඉඩ දීමක් වගේ සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්.
මේ ගැන මම ලියන්න ඕනේම කියලා හිතුවේ යම් කොටසක් විසින් Neurodiversity‑affirming / Child – led තෙරපි සහය කියන්නේ දරුවන්ට ඔහේ නිකම්ම ගොඩ නැඟෙන්න ඉඩ දීමක් කියන අදහස පතුරවමින් ඉන්න නිසා. ඒකට හේතුව දැන් දැන් පැරණි තෙරපි ක්‍රමවේදයන් සහ පැරණි දැනුම මත ගොඩ නඟාගත් ව්‍යාපාර ඉතා සීඝ්රයෙන් දෙමව්පියන් හඳුනාගනිමින් ඉන්න නිසා.
Neurodiversity‑affirming / Child – led තෙරපි සහය යනු කුමක්ද?
- Child – led එහෙමත් නැත්නම් දරුවාගේ විවිධත්වය වටහාගෙන ,දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් කිසිදු බලහත්කාරකමක්, පීඩාවක් ලබා නොදී දරුවාට සහය දීම යනු ” දරුවාට අවශ්‍ය ඕනේම දෙයක් කරන්න” ඉඩ දීම නොවේ. Child -led යනු දරුවාගේ කුසලතා සහ අභියෝග වටහාගෙන, දරුවාගේ විවිධත්වය වෙනස් කරන්නට උත්සාහ නොගෙන දරුවාට සුරක්ශිත පරිසරයක් නිර්මාණය කරදී ඒ පරිසරය තුළ දෙමව්පියන් , තෙරපිවරුන් විසින් දරුවාව මූලික කර සකස් කරගන්නා Framework එකක් මත දරුවාට සහය දීමයි.
- Boundaries / සීමාවන් සහ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම ඇතුලත් සහය ක්රමවේදයකි. මෙහිදී දරුවා සහ දෙමව්පියන් , තෙරපිවරුන් අතර මනා අවබෝධයක් ඇත.එකී අවබෝධය තුළ දරුවාට පීඩාවක් සහ බලහත්කාරකමක් නොමැතිව මඟ පෙන්වීම සිදු කරයි.
- දරුවාගේ කුසලතා / Strengths හඳුනාගෙන ,දරුවාගේ Special interest උපයෝගී කරගෙන සංවර්ධනයට සහය දෙයි.උදාහරණයක් ලෙස යම් දරුවෙක් කෝච්චි වලට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ නං එය සන්නිවේදන ඉලක්ක සපුරා ගැනීමට සහ sensory play හරහා දරුවාට සහය දීමට පාවිච්චි කරයි. ලංකාවේ දැනට පවතින පැරණි තෙරපි ක්‍රමවේදය හරහා කරන්නේ දරුවන්ගේ special interest සියල්ල ඇබ්බැහි ලෙස සලකා බලහත්කාරකමින් නතර කිරීමයි.
- දරුවාගේ සංවේදන සංවේදීතා හැඩය, සන්නිවේදන හැඩයට ගෞරව කිරීම, Stimming හරහා මනස සන්සුන් කරගැනීමට සහය දීම,සහ දරුවාගේ හඩ /සිතුවිලි ප්‍රකාශයට සවන් දීම හරහා දරුවාගේ අභියෝග කළමනාකරනය කරගැනීමට සහය දීම.
- දරුවාගේ විවිධත්වය නිවැරිදි කළ යුතු වරදක් ලෙස සලකා දරුවාට බලහත්කාරකමින් විවිධත්වය සඟවා ගැනීමට රඟ පාන්න පුරුදු කිරීම වෙනුවට දරුවාගේ විවිධත්වය පිළිඅරගෙන කුසලතා සංවර්ධනයට සහය දීම.
- දඬුවම් නැති, පීඩාවන් නැති පරිසරයක් තුළ දරුවාගේ විශ්වාසය ගොඩනගාගෙන සහය දීම.
එමලි උපරිම නිදහස සහ ළමා කාලය විඳින දරුවෙක්. මේ අසීමිතව පේන නිදහස ඇතුළේ තියනවා ඒමලිගේ අභියෝග සහ කුසලතා මත නිර්මාණය කරලා තියන Neurodivergent-Affirming Support Framework එකක්. මෙන්න මේ Framework එක හරහා තමයි එමලිට අවශ්‍ය සහය සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ . සරළවම කියනවා නං Healthy Boundaries වල ඉදන් එමලිගේ Sensory needs සම්පූර්ණ කරගන්න පුළුවන්, සංවේදන සංවේදීතා වෙනස්කම් කළමනාකරණය කරගන්න සහය , Co – Regulations / self regulations වගේ හැම පැත්තකටම මේ Framework එක එහෙම ඇතුළේ සහය ලැබෙනවා.
මම පියවරෙන් පියවර ඒ සකැස්ම පැහැදිලි කරන්නම්.
1) දරුවාව ගැඹුරු ලෙස වටහාගැනීම. අපි මේකට කියනවා Foundation Layer එක කියලා. ඒ කියන්නේ අඩිතාලම ඉතා ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට මුලින්ම කරන්න ඕනේ දෙමව්පියන් ” ඔටිසම් විවිධත්වය” ගැන දැනුවත් වෙන එක. ඒ දැනුවත් වීම වෙන්නත් ඕනේ දරුවාගේ විවිධත්වය පිළිගන්න, ඒක අසාමාන්‍යතාවයක් නෙමේ කියන අදහස තුළ. එතකොට මුලින්ම කරන්න ඕනේ ඒ දැනුවත් වීම හරහා දරුවාගේ කුසලතා සහ අහියෝග පැහැදිලිව තේරුම් ගන්න එක. උදාහරණයක් විදියට එමලිගේ ප්‍රධාන අභියෝග විදියට මේ මොහොතේ මම අවධානය යොමු කරන්නේ සන්නිවේදනය/ සංවේදන සංවේදීතා වෙනස, මනස සන්සුන් කරගැනීම( Self regulations ) සහ මගේ සහය ඇතුව මනස සන්සුන් කරගැනීම ( Co- regulations ) වගේ පැති.
එතකොට එමලිගේ Strengths තමයි Pattern recognition, Numbers / letters, Books ගැන තියන Special interests, Drawing වගේ දේවල්. එතකොට මේ මොහොතේ එමලිගේ සන්නිවේදන හැඩය තමයි Echolalia හරහා Conceptual linking එහෙම නැත්තන් වස්තූන්,සිදුවීම් හරහා සන්නිවේදනය සංවර්ධනය වීම.
*ඒ වගේම මම එමලිගේ Strength එකක් විදියට දකිනවා මනස සන්සුන් කරගන්න මම ලබා දෙන ක්‍රම ඉතා පහසුවෙන් ග්රහනය කර ගැනීම.
උදාහරණයක් විදියට එමලිට Meltdown එන්නේ හරිම කලාතුරකින්. සරළවම කිව්වොත් අන්තිම Meltdown එක ආව කාලය මට මතකවත් නෑ. ඒ වගේම සතුට, තරහා, කළකිරීම,දුක,වේදනාව වගේ හැඟීම් දරාගන්න ලබා දෙන සහය තුළ ඒක සාර්ථකව අනුගමනය කිරීම.මේක තමයි අපි දරුවෙක්ගේ විවිධත්වය වටහා ගැනීම හරහා දරුවාට සහය දෙන්න මුලින්ම නිර්මාණය කරන අඩිතාලම. මේ පියවරේ ඉලක්කය තමයි දරුවාව වටහාගෙන දරුවාගේ විවිධත්වය පිළිඅරගෙන තමන් ගැන වටිනාකමකින් ඉදිරි අහියෝග වලට මුහුණ දෙන්න දරුවාව සූදානම් කිරීම සහ කුසලතා සංවර්ධනයට සහය දීම.
2) Relational Layer
මේක සැහෙන්න වැදගත් පියවරක්. දරුවාගේ විශ්වාසය පවත්වාගෙන යෑම. ඒක ගොඩ නගා ගන්න නම් මුලින්ම දරුවාට තමන් තමන්ගේ දෙමව්පියන් ලඟ ආරක්ශිතයි කියන එක වැටහෙන්න ඕනේ.මෙතන ආරක්ෂාව කියන්නේ දරුවාට අනෙකාගෙන් සිද්ධ වෙන්න පුළුවන් ශාරිරික සහ මානසික අනතුරු ගැනම නෙමේ. මෙතනිදී ආරක්ශිතයි කියන්නෙ දරුවාට බය නැතුව එයාගේ විවිධත්වය පිළිගන්නා පරිසරයක් තියෙන්න ඕනේය කියන එක. දරුවාගේ Energy එක ගැන අවබෝධ කරගන්න.දරුවාගේ Play වලට බාධා නොකර ඒවාට එකතු වෙන්න සහ දරුවාගේ Special interest පාවිච්චි කරලා Play නිර්මාණය කරලා දෙන්න. Co – Regulations වැදගත්.
දරුවාගේ මනස කලබල මොහොතවල් වල අපි ඉතා ශක්තිමත්ව සහ සන්සුන්ව දරුවා ඉල්ලා සිටින සහය දෙන්න ඕනේ.එහෙම නැතුව දරුවාට දඩුවම් කරන්න හෝ නරක හැසිරීම් කියලා දරුවාව නොසලකා හරින එක Co – regulations නෙමේ. Autonomy එහෙමත් නැත්තන් ශාරීරික, මානසික විවිධත්වයට ගෞරව කිරීම. දරුවා ” No” කියනවා නං ඒක පිළිගන්න .දරුවාට තෝරාගැනීමට අයිතිය දෙන්න. මේ පියවර සරළවම අපිට කියන්නේ “Relationship is the therapy.” කියන එක.
3) දරුවාට මූලිකත්වය ලබා දෙන වැඩිහිටියන්ගේ සහය ලබා දෙන ආකාරය සැලසුම් කිරීම.මේ පියවරට අපි කියනවා Planning Layer කියලා.මේකේ කොටස් දෙකක් තියනවා.
* Set goals together
ප්‍රායෝගික සහ දරුවාට අර්ථවත් ලෙස ඉලක්කයන් සැලසුම් කිරීම. උදාහරණයක් විදියට දරුවාගේ මනස සන්සුන් කිරීමට සහය වීම, දරුවා වඩාත් කැමති වස්තූන් , විශයන් හරහා Play නිර්මාණය කර දීමට සැලසුම් කිරීම. පුටුවක දරුවාව විනාඩි 30 ක් ඒකාකාරීව ඉදගෙන ඉන්න දරුවාට පුහුණු කිරීමට සැළසුම් කිරීම Goals නෙමේ.
* Scaffold gently
දරුවාගේ හැකියාවන් පාවිච්චි කර නව හැකියාවන් ඉගැන්වීම. අපි දරුවන්ගේ Guides විදියට වැඩ කරනවා මිසක් Directors ලා වගේ වැඩ කරන්නේ නෑ.
4) බලහත්කාරකම නැතුව සහය දීම
Implementation Layer එක . දරුවන්ගේ සංවේදන සහ සංවේදීතා හැඩය වටහාගෙන දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම. උදාහරණයක් විදියට ශබ්දයට අධික සංවේදීතාවයක් දක්වන දරුවෙක් නං Noise-cancelling headphones ලබා දී ඒ අභියෝගය කළමනාකරනය කරගන්න සහය දීම. Stimming පිළිගැනීම. දරුවා උනන්දුවක් දක්වන දේවල් භාවිතා කර කුසලතා සංවර්ධනය කිරීම.විධාන දෙනවා වෙනුවට Skills Model කිරීම. උදාහරණයක් විදියට ” මම අත සෝදනවා , මම බෝලය උඩ දානවා වගේ ක්‍රියාවන් නම් කර දරුවාට පේන්න ඒ ක්‍රියාවන් කිරීම.ඒවට අපි කියන්නේ Skills model කරනවා කියලා.
ආදරයෙන් සහ කරුණාවෙන් සීමාවන් හඳුන්වා දීම.Boundaries අනිවාර්යයි.එත් ඒවා දරුවන්ට හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ දරුවාගේ දැනීම, විවිධත්වය හඳුනාගෙන ඉවසීමෙන් සහ ආදරයෙන් මිසක් දඬුවම් හරහා නෙමේ.
5) අවසාන පියවර තමයි Adaptive Layer එක.අපි දරුවාව නැතුව අපිවම ප්‍රශ්න කරන පියවර.අපි දරුවාව නිරීක්ෂණය කරලා අපි දෙන සහය ක්‍රමවේදය තුළ අවශ්‍ය වෙනස්කම් කිරීම.දරුවාගේ මනස වඩාත් සන්සුන්ද? දරුවා අපිත් එක්ක සම්බන්ධ වෙනවාද? සන්නිවේදන මාධ්‍ය හරහා දරුවා සන්නිවේදනය කරගැනීම වැඩිද වගේ දේවල් නිරීක්ෂණයක් කරලා අපි කළ යුතු යැයි සිතෙන වෙනස්කම් කිරීම.
මේක තමයි සරළවම Neurodiversity‑affirming Framework එක කියන්නේ. දරුවාට අපි සහය දෙන්න හදාගන්න ක්රමානුකූල සකැස්ම. සෑම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවාට සහය දෙන්න ඕනේ කොහොමද කියන සැලැස්මක් හදාගන්න ඕනේ.. ඒක කොළේක Goals සටහන් කරගෙන දරුවාව කොහොම හරි ඒ ඉලක්ක කරා ගෙනියනවාය කියන එක නෙමේ..ඊට වඩා Healthy සහ දරුවාගේ විවිධත්වය පිළිගත්ත සහයක් අපි නිර්මාණය කරගන්න ඕනේ..
