එමලිගේ සෙල්ලම් Next Level එකට ගිහින් තියෙන්නෙ දැන්
සෙල්ලම වැඩි නිසා එයාගේ බෝනික්කගේ කොන්ඩෙත් තැනින් තැන ගිහින්
. ටෙඩි බෙයාර්ට නං බෙහෙත් කරන්නත් වෙයි. ඒකව උස්සන් යනවා ගොරකා ගහ පාමුලට. ඔළුවට තොප්පිය වගේ කෙහෙල් කොළ තියනවා. මල් කඩලා දුන්නම ටෙඩීගේ නහයට කරනවා. එමලි පොළොවෙ ගල් කැටේට පවා පණ දෙන දරුවෙක්.මම මේවා බලන් ඉන්නේ හරිම සතුටින්. මට ඉතිං ටෙඩීව ක්ලීන් කරන්න ගියාම ටිකක් කරදර උනාට ඒවා ගැන නං මම සතේට මායිම් කරන්නේ නෑ. හැම දවසකම එක එක Play වලින් මම එමලි හිතන විදිය ගැන තේරුම් ගන්නවා.
Neurotypical දරුවන් වාචිකව සන්නිවේදනය කරගෙන, චරිත මවාගෙන කරන Play ම තමයි එමලිත් වචන නැතුව අංග චලන, හැසිරීම්, මූණේ ඉරියව් වගේ Gestures වලින් කරන්නෙත්. එමලි මෙහෙම Play කරන්න පටන් ගත්තේ මෑතකදි. කිසිම වෙලාවක දරුවෙක්ට බලහත්කාරකමින් Play පුරුදු කරන්න යන්න එපා. අපි දරුවන්ගේ ඕනේම Play හැඩයක් පිළිගන්න සහ ඒකට නිදහස දෙනකොට අපිට පේනවා ඒ Play හරහා දරුවන් සංවර්ධනය වෙන හැටි. මම මේ දවස් වල එමලිගේ බෝනික්කො සහ ටෙඩී ව පාවිච්චි කරලා Emotions ගැන එමලිට කියලා දෙන ගමන් ඉන්නේ. ” ඔයාට වගේම අනික් හැමෝටමත් Emotions තියනවා “ කියන එක එමලි තේරුම් ගත්තට පස්සේ මට බලන්න පුළුවන් එමලි කොහොමද ඒ Emotions වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා
.

එමලි හා ටෙඩියා ගේ වත්ත පුරා යන සංචාරයේ රසමුසු තැන්.
