Dyspraxia bodies
කෙටියෙන් කියනවනම් dyspraxia, apraxia, brain-body disconnect වගේ එක එක නම් වලින් අපි කියන්නෙ අපිට ඔළුවෙ තියෙන දෙයක් ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඒක කරගන්න බෑනෙ කියල දැනෙන හැගීම සහ ඒ නිසා ඒ වැඩේ අත් ඇරල දාන එක. එහෙම හැගීමක් දැනෙන්නෙ ඒ වැඩේ අපිට ඇත්තටම කරන්න දන්නෙ නැති නිසා , නැත්තම් අන්තිමට වෙන්න ඕනෙ දේ ඔළුවෙ තිබ්බත් අදාල පියවරවල් ටික හරියට ප්ලෑන් කරගන්න බැරි නිසා, නැත්තම් ඔක්කොම පියවරවල් දැනගෙන හිටියත් කල යුතු වැඩේ කරන්න හිතා ගන්න බැරුව ඇගේ අවයව ටික නිකම් ගල් ගැහිල වගේ එක තැන නැවතිලා තියෙන නිසා. මේකට තමයි අපි කියන්නෙ motor planning and coordination වල තියෙන අභියෝගයක් කියල. එතකොට අපි එක්කො ඒ වැඩේ අත ඇරලම දානව. ඒක දකින අය කියනව අපෝ එයාට ඒකවත් කර ගන්න බෑ මෝඩයි කියල. එක්කො අපි ඒ වැඩේ දැක්ක ගමන් ලිස්සල යන්න හදනව. ඒක දකින අය කියනවා අපෝ හරිම කම්මැලියෙක්නෙ කියල. එක්කො අපි ඒ වැඩේ කරන්න ගිහින් හොදටම දන්න වෙන වැඩක් කරනව. එතකොට ඒක දකින අය කියනව අපෝ හැමදාම එකම තැන අලුත් විදිහට හිතන්න තේරෙන්නෙ නෑ කියල.
ඔටිසම් දරුවෙක්ට ඔබ එදිනෙදා ජීව්තයේදී කරන සරල ක්‍රියා (උදා : අතින් කෑම කෑම, සපත්තු සෙරෙප්පු දා ගැනීම, ඇදුම් ඇදීම, බෝල ඇල්ලිම වැනි ) අපහසු වෙන්න පුළුවන්ද ? ඔව් පුලුවන් .
ඔටිසම් දරුවෙකුට පාසැලේ දී අනිත් ළමුන් කරන ක්‍රියා (උදා : අකුරු ලිවීම, ක්‍රීඩා කිරීම, කොන්සර්ට් වල නැටුම් ඉදිරිපත් කිරීම වැනි ) අපහසු වෙන්න පුළුවන් ද ? ඔව් පුලුවන්.
පළවෙනිම දේ ඒ අපහසුතාවයට අදාල හේතු සොයා ගන්න. ඒ අපහසුතාවය නිරන්තරයෙන් සිදුවන දෙයක් ද කියල නිරීක්ෂණය කරන්න. ඒ අපහසුතාවය කම්මැලි කමවත්, මොළේ නැති කමවත්, උවමනාවක් නැති කමවත්, නිර්මාණශීලී නැති කමවත් නිසා නොවෙන දෙයක් බව තේරුම් ගන්න. දරුවා හොදින් නිරීක්ෂණය කලහොත් ඒකට හේතුව brain body disconnect ද නැද්ද කියල ඔබට තේරුම් ගන්න අපහසු නෑ.
අපි හිතමු ඔබ එලෙස උපකල්පනය කරන්න පටන් ගත්ත කියල. ඊලගට අපි දැන ගන්න ඕනෙ කොහොමද අපි ඒ වගේ වෙලාවල් වලදි උදව් කරන්නෙ ?
1. ලොකු goals හදා ගන්න එපා.unrealistic goals හදා ගන්න එපා ඒ කියන්නෙ දරුවට මේ මොහොතේ ලගා කරගන්න බැරි බව හොදටම තේරෙනෙ ඉලක්ක හදා ගන්න එපා පුන්චි ගෝල්ස් තියාගන්න (මේ වීඩියෝ එකේ වගේ). , මගේ තියෙන්නෙ හරිම පුන්චි ගෝල්ස්. අපේ බබාට ක්ලේ බෝල පොඩි කරන එක කාලයක් යනකම් අපිට ලොකු අමාරු වැඩක් වුනා.එතකොට නේහා දුව (ඊයෙ පෝස්ට් එක බලන්න ) ක්ලේ වලින් කරල තියෙන නිර්මාණ වගේ දේවල් අපිට goals විදිහට තියාගන්න තාම බර වැඩියි. ඒ වගේම තමයි ක්ලේ රෝල් කරන එක, ක්ලේ ඇතුලෙ හන්ගල තියෙන දේවල් හොයන එක, ක්ලේ අබරන එක, බෝල හදන එක . මේව තමයි අපේ goals . මේව ඔක්කොම එක දවසින් කරන්න යන්නෙ නැතුව අපි එක පියවරවල් පුලුවන් වෙනකම් ටික කාලයක් කරනව. සමහර පියවරවල් දරුව වැඩියෙන් ආස වගේ දැනුනොත් අපි ඒකට වැඩි කාලයක් යොදවනව, මොකද ඒක එයාට ෆන් නිසා. දරුවට පහසු දෙයක් කරනකොට එයාගෙ මනස සැහැල්ලු වෙනව.
2. ඔටිසම් දරුවෙකුට කුසලතා සන්වර්ධනය කියන්නෙ,මනස සැහැල්ලු වීම කියන්නෙ, සෙන්සරි සමබර වීම කියන්නෙ, අධ්‍යාපනය ලැබීම කියන්නෙ, සතුටින් සිටීම කියන්නෙ වෙන වෙනම කඩල කොටස් විදිහට යන දෙයක් නෙවෙයි. ඒ ඔක්කොම එකට යන්න ඕනෙ. එතකොටයි දරුවා optimal learning zone එකේ ඉන්නෙ. අපේ බබාට ඕනෙ තරම් වෙලාවක් ලැබෙනව එයා ආස දේවල් කරන්න (සෙන්සරි overload වෙන්නෙ නැති). . ක්ලේ එක්ක සෙල්ලම් කරනකොට මට තියෙන ප්‍රශ්නෙ දරුව ඒව කටේ දාගන්න යන එක. ඒක නිසා මට එයා ලගටම වෙලා ඇහැ ගහගෙන ඉන්න පුලුවන් නම් ඕනෙ තරම් වෙලා එයාට පුලුවන් අත් හදා බැලීම් වලට
3. සෙල්ලම් කරන කොට වැරදි සෙල්ලම් කියල දෙයක් නෑ. හැම පියවරක් තුලින්ම දරුවා දේවල් ඉගෙන ගන්නව . ක්ලේ සෙල්ලම් කරන ගොඩක් ලමයි කරන්නෙ ඔක්කොම පාට ටික එකට එකතු කරන එකනෙ. ඒක අපිට වදයක් වුනත් ඒකෙනුත් දරුව ඉගෙන ගන්නව.ක්ලේ මිලට ගන්න මුදල් වැය වෙන නිසා දරුවා mix කරනවනම් අපිට පුලුවන් පාන්පිටි වලට food colouring දාල දෙන්න. එතකොට වාසි ගොඩයි.
4. Motor skills අවම දරුවෙකුට සමහර වෙලාවට අපිට ශාරීරික වශයෙන් (physically); සහය දක්වන්න වෙනව. bod support දෙන්න වෙනව. brain body disconnect තියෙනකොට දේවල් කරන ආකාරය කොයිතරම් මනසේ පිටපත් කර ගත්තත් , දරුවට අනුකරණය අපහසුයි. එතකොට අපිට මෙන්න මෙහෙමයි කරන්නෙ කියල පෙන්නුවට ඒකෙ සාර්ථකත්වය අඩුයි. උදාහරණ විදිහට පඩියක් නගින්න අමාරුනම් අපි කකුල් උස්සන්න අවශ්‍ය උදව්ව අපේ අතින් කකුල උස්සල දීල දෙන්න පුළුවන්. එහෙම කරන්නෙ ඒ චලනය වෙන ආකාරය ගැන දැනීම දරුවට දෙන්න. එහෙම කරන්න ඉස්සෙල්ල අපි දරුවට කියනව, “මම ඔයාගෙ කකුල අල්ලල උස්සනව ” කියල. එහෙම කියල දරුව ඒකට දක්වන ප්‍රතිචාරය බලන්න. වචනෙන්,මූනෙ ඉරියව් වලින්, අන්ග චලන වලින් දරුවා ප්‍රතිචාර දක්වනව. එතකොට දරුව දැනුවත් එයාට physically අපි දෙන සපෝර්ට් එක ගැන. හැබැයි අපි අපේ ඇගේ මුළු ශක්තියම යොදවල දරුවට පීඩාවක් වෙන විදිහට උදව් කරන්න යන්නෙ නෑ.
මම ඒක තව දුරටත් පැහැදිලි කරන්නම් මේ ක්ලේ සෙල්ලමෙන්ම
අපි හිතමු දරුවට ක්ලේ රෝල් කරන්න තේරෙන්නෙ නෑ කියල. එතකොට ගුරුවරු කරන්නෙ දරුවගෙ අත උඩින් ගුරුවරයගෙ බර අත තියල රෝල් කරන එක. ඒක වැරදියි. ඒක මානසිකවත් ශාරීරිකවත් පීඩාවක්. අපි කරන්න ඕනෙ, රෝල දිගට අරගෙන ඒකෙ එක පැත්තකින් දරුවට අත්ල තියන්න කියලෙ ඒකෙ අනිත් පැත්තෙන් අපි අල්ලගෙන රෝල් කරන එක. එතකොට දරුවට දැනෙනව ඒ චලනය. ඉස්සරහට පස්සට යන චලනය එයාට දැනෙනව. අපිට ඕනෙ එයාගෙ මොලේට යවන්න මේ චලනය සිද්ද වෙන හැටි. එයාට ඕනෙ වෙලාවක එතනින් අත ඉවතට ගන්න පුළුවන්. කිසිම පීඩාවක් නෑ.
Nayana Hewage
