මාස්කින්ග් ගැන ඇමෙරිකාවෙ SLP කෙනෙක් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනය . masking වලට තනි වචනයෙ සින්හල පරිවර්ථනයක් නෑ. එහි සරල තේරුම වෙස් මුහුණක් පැලද සිටීම මගින් තමන් තමන් ලෙස පෙනී නොසිටීම වගේ අර්ථයක්. ස්නායු විවිධත්වය ගැන කතා කිරීමේදී ඔටිසම් පුද්ගලයන්, ඔටිසම් නොවන පුද්ගලයන් සේ සමාජය ඉදිරියේ පෙනී සිටීමට masking කියන වචනය භාවිතා කරනවා.
ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ දරුවට masking පුරුදු කරනවද ?
Masking කිරීමට පුලුවන් වීම යනු සමාජය සමග එකතුවීමේ කුසලතාවයක් නොවේ. නමුත් බොහෝ අය සිතන්නේ ඒ සමාජ සම්බන්ධතා කුසලතාවය දියුණු වීමක් ලෙසයි. එය වැරදියි. එය, masking නොකලහොත් තමාට තමාගේ ජීවිතය නැති වේ යැයි ඇති බිය නිසා ජීවිතය රැක ගැනීමට ගන්න උත්සාහයකි (survival mode).
ඔටිසම් දරුවන්ට ඔවුන්ටම අනන්‍ය වූ stimming සඟවා ගන්න කියල දෙනකොට, බලහත්කාරයෙන් ඇසට ඇස බලන්න කියල දෙනවිට, කතා කලයුතු දේවල් බලෙන් කියල දෙන විට, ඔවුන් ආසාවෙන් කරන දේවල් (special interests) යටපත් කරන්න කියන විට, සංවේදන වේදනාවන් (sensory pains) විද දරාගන්න යැයි උපදෙස් දෙන විට , ඔවුන් බලහත්කාරයෙන් ඔටිසම් නොවන සාම්ප්‍රදායික ස්නායු හැඩයක් සහිත දරුවන් ලෙස සමාජය ඉදිරියේ හැසිරෙන්න පටන් ගන්නව. ඒවිට වැඩිහිටි අප ඒ දෙස බලා, දරුවට ප්‍රශංසා කරනව .
දරුවා දියුණු වෙලා
දරුවා සංවර්ධනය වෙලා
දරුවා නිරෝගි වෙලා
අපි එහෙමත් කියල සන්තෝෂ වෙනවා


නමුත්,
Masking කරන්න කරන්න දරුවාගෙ අභ්‍යන්තරය සිද්ධවෙන දේ ඔබ දන්නවද ?
️දීර්ඝ කාලීන ලෙස පැවතිය හැකි, මරණය වුණත් සිද්ධ විය හැකි තරම් anxiety තත්ත්වය
Burnout
️තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව වටහා ගැනීමට නොහැකි වීම
️පාසලේ සිට ගෙදර පැමිණි පසු meltdown තත්වය
️තමන්ව වටහා ගැනීමට හැකි කෙනෙක් මේ ලෝකයේ නැති බව හැඟීම
බොහෝ ඔටිසම් පුද්ගලයින් පවසනවා ඔවුන් ඇත්තටම දන්නෙත් නැහැ ඔවුන් masking කරන බව කියල. ඔවුන්ට දැනෙන්නෙ හරිම බර ගතියකින්, හරිම ආතතියකින් පිරි නොසතුටු, නොසන්සුන් ජීවිතයක් ගත කරනවා කියලා පමණයි.
අපි ඔටිසම් දරුවෙකු පිළිගන්නේ හෝ දරුවෙකුට ගෞරව කරන්නේ ඔවුන් අපිට අවශ්‍ය විදිහට හැසිරෙන විට පමණක් නම් එය අන්තර්කරණය (inclusion) නොවේ. එයට කියන වචනය compliance එහෙම නැත්නම් විධානයකට අනුව අනුකූලව ජීවත්වීම කියල.
අපේ ස්නායු විවිධත්වය සහිත දරුවන් neurotypical දරුවන් ලෙස පෙනීමට උදව් කිරීම අපේ අරමුණ නොවිය යුතුයි
අපේ අරමුණ විය යුත්තේ ඔටිසම් දරුවන් සැඟවී ජීවත්වීමට අවශ්‍ය නොවන පරිදි ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමයි.
Masking පුරුදු කිරීමට නොව දරුවන්ට ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර දීමට දෙමව්පියන් වන ඔබත් ගුරුවරුන් වන ඔබත් සමාජයේ ජීවත්වන සියලුම දෙනාත් දායක වන්න 

*******************

ok but in all seriousness…
Masking is not a social skill.
It’s survival.
When autistic kids learn to hide their stims, force eye contact, script conversations, suppress their interests, or push through sensory pain just to look “typical,” we often praise it.
We call it progress.
We call it growth.
We call it “doing so well.”
But masking comes at a cost.
Chronic anxiety.
Burnout.
Identity confusion.
After-school meltdowns.
The feeling of never being fully known.
And the most heartbreaking part?
Many autistic adults say they didn’t even realize they were masking…they just knew they were exhausted.
If a child only feels accepted when they’re performing, that’s not inclusion. That’s compliance.
Our goal shouldn’t be:
“How do we help them look neurotypical?”
It should be:
“How do we create environments where they don’t have to hide?”


සිංහල පරිවර්තනය – Nayana Hewage
