Sri Lankan Airlines විවිධත්වයෙන් යුතු ප්රජාවන්ගේ අයිතිවාසිකම් ගැන සහ ඔවුන්ට පහසුකම් සැපයීමේ වගකීම ප්‍රතික්ශේප කිරීම ගැන කතා කරමු. ලෝකයේ සෑම ගුවන් සේවාවකම වාගේ විවිධත්වයෙන් යුතු ප්‍රජාවන්ට පහසුවෙන් ගමන් ගන්න අවශ්‍ය ඉඩ කඩ ලබා දෙනවා.
උදාහරණයක් විදියට Delta, Emirates, Singapore Airlines, British Airways තමන්ගේ සේවය කරන කාර්ය මණ්ඩලයට පුහුණුවක් ලබා දීලා තියනවා ඔටිසම් දරුවන් සහ පුද්ගලයින් එක්ක ඔවුන්ට බාධාවක් නොවෙන විදියට කතා බහ කරන්න, පහසුකම් සළකන්න, මනස සන්සුන් කරගන්න අවශ්‍ය ඉඩ ලබා දෙන්න. US වල සහ UK වල “Wings for Autism / Autism Friendly Skies කියන වැඩසටහන් හරහා ඔටිසම් දරුවන්ට පෙර සූදානම් වෙන්න ඉඩ දෙනවා ගුවන් ගමනකට සහභාගී වෙන්න කලින්. ඒ වගේම Sunflower lanyard එක Hidden Disabilities පෙන්වා දෙන සංකේතයක් කියන එක සෑම ගුවන් තොටුපලකම සේවක මණ්ඩලය දන්නවා. ඒත් ලංකාවේ Airport එකේ ඉන්න අය හැර. හේතුව ලංකාවේ ඔටිසම් ගැන තියා විවිධත්වය කියන්නේ මොකක්ද කියන එක ගැනවත් දැනුවත් නෑ.
මේ වීඩියෝ එක මට එවලා තිබ්බේ අපේ පේජ් එක බලන ආදරණීය අම්මා කෙනෙක්. මේ වීඩීයෝ එකේ තියෙන්නේ ඔටිසම් දරුවෙක්ගේ අසාමාන්‍ය ශබ්ද කිරීම පිළිගන්න බෑ කියලා Sri Lankan airlines එකේ නිලධාරීන් ඒ flight එකෙන් අම්මාව සහ ඔටිසම් දරුවා ඇතුළු අනෙක් දරුවන් දෙන්නාව ඉවත් කරන හැටි. ඒ අම්මා අහනවා flight එකේ ඉන්න අනික් මඟීන්ගෙන් ” මගේ දරුවාගේ හඬ ඔයාලට බාධාවක් ද “ කියලා. ඒ කිසිම කෙනෙක් ඒකට උත්තර දෙන්නේ නෑ. ඒත් ඒ අම්මව Sri Lankan airlines flight එකෙන් ප්‍රතික්ශේප කරනවා. සරලවම කියනවා නං එළවලා දානවා.
මේ දරුවා අසාමාන්‍ය ශබ්ද නඟනවා නෙමේ.මේ දරුවා කරන්නේ එයාගේ මනස සන්සුන් කරගන්න Verbal Stimming එකක්. ඒ හරහා එයාට පුලුවන් සන්සුන් වෙන්න.ඒ වගේම ඒ අම්මව සහ දරුවාගේ හැඩය තේරුම් ගත්ත , ඒ ගැන ඉගෙන ගත්ත බුද්ධිමත් කාර්ය මණ්ඩලයක් එතන හිටියා නං ඔවුන් කරන්නේ ඒ දරුවාට සන්සුන් වෙන්න අවශ්‍ය සහය ලබා දෙන එක සහ අනෙක් මගින්වත් දැනුවත් කරලා ඒ අම්මට ලැබෙන්න ඕනේ සහය ලබා දෙන එක. දැන් මේ දරුවා ගුවන් ගමන අතර තුර Verbal Stimming කරා නං Sri Lankan airlines එකේ ඔය ඉන්න නිලධාරීන් ටික මොකද කරන්නේ? ප්ලේන් එකේ දොර ඇරලා අම්මවයි දරුවන්වයි විසික් කරනවද?
දිගින් දිගටම විවිධත්වය ප්‍රතික්ශේප වෙන රටක ඉඳන් මේවා දකින්න ලැබීම පවා කණගාටුවට කරුණක්.
