Neurodiversity affirming therapy (NAT) කියන්නේ 1990 පටන් ගත්ත Movement එකක්. මේ වෙනකොට යුරෝපයේ බහුතරයක් තෙරපිවරුන් Follow කරන ක්‍රමය සහ පිළිගන්නේ මෙන්න මේක.එතකොට මේ යටතේ තමයි පේජ් එකේ අපි හැම දෙයක්ම වගේ කතා කරලා තියෙන්නෙ.

එතකොට මේ Movement එක හරහා ගෙනාවේ සහ පිළිගන්නේ Neurodivergent ඒ කියන්නේ විවිධත්වය අන්න්‍යතාවය කර ගත්ත දරුවන් Fix කරන්න ඒ කියන්නේ හදන්න අවශ්‍ය බිඳුනු දෙයක් නෙමේ කියන එක.තවත් පැහැදිලි කරොත් හිතන්න මලක් ලස්සනට පිපෙන්න නං අපි පැළය හැදෙන්න අවශ්‍ය සාධක ලබා දෙනවා මිසක් අපිට බෑ නේද මලට බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්න.අන්න ඒ වගේ තමයි Neurodivergent දරුවන්ට සහය දෙනවා කියන්නේ සහ හදන්න (Fix) කරන්න යනවා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් ක්‍රම දෙකක්.

 

ලංකාවේ එදා ඉදන් අද වෙනකල් මේ කරමින් යන්නේ ඔටිසම් දරුවන් නිකන් බිඳුනු වීදුරු කියලා සළකලා පැළැස්තර දාලා අලවන එක.මේක අසාර්ථක වගේම දරුවන්ට කරන Abuse එකක් විදියට තමයි NAT කියන අදහසින් වැඩි දුරට කියන්නේ.

දැන් පහු ගිය කාලේ මම දැක්කා නර්සරි වල මේ ඔටිසම් දරුවන්ගේ අයි කන්ටැක් බලහත්කාරයෙන් හදන්න යනවා.නාඩගම් කාරයෝවගේ මූණ පුරා ස්ටිකර්ස් අලවන් අයි කන්ටැක් හදන්න යනව ඒ හරහා.එතන්න් එහාට ළමයින්ව බලෙන් ඇක්ටිවිටීස් කරවන්න යනවා.මේ හැම දේම එන්නේ පැරණි ABA තෙරපි හරහා.මේවා පිළිපදින ගුරුවරුන් හෝ පුද්ගලයින් දන්නේ නෑ එයාලා මේ නොදැනුවත්වම කරන්නේ ඔටිසම් දරුවන්ගේ මොළයට හානි කිරීමක් කියන එක.මේවල ප්‍රථිපල ඒ දෙමාපියන්ට දකින්න ලැබෙන්නේ කාලයක් ගියාම.

එතකොට Neurodiversity කියන්නෙම ස්වභාවික විවිධත්වය කියන එක.ඒකෙන් කියවෙන්නේ නෑ දරුවන්ට තෙරපි නොකර ඉන්නවාය කියන එක.මේක සම්පූර්ණයෙන් අසත්‍යක්.මේ හරහා කියන්නේ දරුවාට අවශ්‍ය සහය ලබා දෙන්න කියන එක මිසක් දරුවාව බලහත්කාරයෙන් කණපිට හරවන්න උත්සාහා ගන්න එපා කියන එක.එතකොට සෑම දරුවෙක්ටම අවශ්‍ය සහය වෙනස් වගේම කිසිම දරුවෙක්ම බලෙන් වෙනස් කරන්න යෑම සම්පූර්ණයෙන් ඒ දරුවාගේ අන්න්‍යතාවය විනාශ කර දැමීමක්.

උදාහරණයක් විදියට අයි කන්ටැක් හදනවා කියන එක සම්පූර්ණයෙන් මුලාවක් හා හිතළුවක්.මේක එහෙම හදන්න පුළුවන් දෙයක් නෙමේ.දරුවා එයාට කෙනෙක්ගේ ඍජු බැල්මක් ( Gaze) දරාගන්න පුළුවන් උනාම හෝ පහසු වුනාම කෙනෙක්ගේ ඇස් දිහා බලනවා.මේක ස්වාභාවිකව දරුවා තුළ ඇති වෙන දෙයක් මිසක් කාටවත් හැදුවා කියන Credit එක ගන්න බැහැ.එතකොට ඒ දරුවාගේ ජීවිත කාලය පුරාම එයා තමන්ට පහසු කෙනෙක් දිහා බලන්න හා තමන්ට අපහසුවක් දැනෙනවා නම් ඒ බැල්ම මඟ හරින්නත් පුළුවන්.මේක තමයි ඒ දරුවාගේ අයිතිය.

ඒවගේම ඔටිසම් කියන අන්න්‍යතාවය ගැන NAT වලදී කතා කරනවා.එයාලා කියනවා මේ ඔටිසම් කියන එක අන්න්‍යතාවයක් මිසක ලේබල් කිරීමක් නෙමේ කියලා.ඒ වගේම එයාලා ප්‍රශ්න කරනවා ඔටිසම් පුද්ගලයෙක් තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය පිළිගැනීමට වඩා සමාජය විසින් ඔටිසම් පුද්ගලයින්ගේ වෙනස්කම විහිළුවට ලක් කරමින් නොයෙක් නම් පට බැඳීම සදාචාරාත්මක වෙන්නේ කොහොමද කියලා.එතකොට පහු ගිය කාලේ මේ පේජ් එක හරහා Autism awareness ගැන කතා කිරීමට විරුද්ධව ආව සෑම විවේචනයක්ම අයිති වෙන්නේ Ableist language වලට.ඒ නිසා අපි නිවැරිදි අන්න්‍යතාවය දරුවාට නොදී සිටීමෙන් වෙන්නේ මිත්‍යාවන් වලට තවත් සමාජය පුරා පැතිරී යන්න ඉඩ හැදීම.

එතකොට මේ NAT වල නැහැ පැය ගාණක් දරුවාව බලහත්කාරයෙන් ඇක්ටිවිටීස් වල යොමු කිරීම.මම පහතින් KEY POINT ටික දාන්නම් මේක තවත් පැහැදිලි කරන්න.
  • Eye contact කියන්නේ කිසිසේත්ම බලහත්කාරයෙන් හදන්න අවශ්‍ය දෙයක් නොවේ.
  • Stimming හෝ Hand flapping කිසිම විටක නැවැත්වීම නොව් ඒවා කිරීමට නිදහස ලබා දිය යුතුය.දරුවා Emotions regulate කර ගන්නේ ඒ හරහා නිසා.
  • Communications යනු වචන පමණක් නොවේ.ඒ නිසා දරුවා Communicate කරගැනීමට පාවිච්චි කරන අංග චලන,මුහුනේ ඉරියව්,හැසිරීම,AAC device යන සියල්ලම Communication වලට අයිති වේ.
  • ඔටිසම් දරුවන්ට Play කිරීමට ඉගැන්වීම සම්පූර්ණයෙන් නිවැරිදි නොවන අතර ඕනෑම ආකාරයට Play එකක් Play එකකි.
  • NA තෙරපිවරුන් කිසිම විටක ඔටිසම් දරුවාව ඔටිසම් නොවන දරුවෙක් ලෙස මාරු කිරීමට නොව දරුවා මුහුණ දෙන අභියෝග හඳුනාගෙන ඒවාට පහසුවෙන් මුහුණ දීමට සහය දෙයි.
  • Adult Directed Play තෙරපි වෙනුවට Child- Led therapy භාවිතා කරයි.
     මෙහි අදහස දරුවා ඇක්ටිවිටි කළ යුත්තේ වැඩිහිටියන් විසින් නිර්මාණය කර දෙන හා ඔවුන් විසින් පාලනය කරමින් නොව දරුවාගේ ස්ව කැමැත්තෙන් බවයි. ලංකාවේ මේ වන දරුවන්ව බලෙන් වැඩිහිටියන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ඇක්ටිවිටි කිරීමට යොමු කරයි.මෙය නිවැරිදි ක්‍රමය නොවේ.
  • Autism red flag යනුවෙන් දෙයක් නැත.ඇත්තේ Autism Traits එසේත් නැත්නම් ඔටිසම් ලක්ශණ පමණි. ( ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් මේ නොමනා වචනය එනම් ඔටිසම් Red flag යන්න පාවිච්චි කරන අතර එය සහ මුලින්ම වැරදිවේ. භාවිතා කළ යුත්තේ ඔටිසම් ලක්ශණ යන වචනයි.
  • ඔටිසම් දරුවන් මැශින්ස්,වාහන,සතුන්,පාට වැනි දේවල්ට ඇබ්බැහි වීම යනු අමූලික මිත්‍යාවක් වන අතර සැබෑ අර්ථය වන්නේ ඔටිසම් දරුවන් ඔවුන් වඩාත් කැමති විශයන් ලෙස ඒවා තෝරා ගැනීම හා ඒ හරහා වඩාත් දීර්ඝ අධ්‍යනයන් වල දරුවන් නිරත වෙයි .
  • ඔටිසම් දරුවන් තනිවම ඔවුන්ගේ ලෝක වල අතරමං වනවා කීම තවත් එක් මුලාවකි.ඔවුන් කිසි විටෙක ඔවුන්ගේ ලෝකයේ අතරමං වන්නේ නැත.ඔවුන්ට සිතීමේ නිදහස ලබා දෙන්න.

Neurodiversity Affirming Therapy Movement එක හරහා කතා බහ කෙරෙන බහුතරයක් කාරණා ඉදිරියේදී පේජ් එකෙන් කතා කරමු. දැනට සරළවම වටහා ගන්න අවශ්‍ය දෙයක් තමයි ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්න සහ කරන්න උත්සාහා ගන්න මේ දරුවන් Fix කරනවා කියන එක පිළිගන්නා දෙයක් නෙමේ.එතකොට මේ Fix කිරීම නැතිව දරුවා මුහුණ දෙන අභියෝග වලට සහය දීම කරගෙන යන්න පුළුවන් නම් ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ට තියන ගැටළු ගොඩක් අවම වෙන්න පුළුවන්. යම් තෙරපිවරයෙක් හෝ වෛද්‍යවරයෙක් විසින් ඔටිසම් දරුවන් Fix කරන්න හදනවා නම් මතක තබා ගන්න ඔවුන් Ableist තෙරපිවරුන් හෝ වෛද්‍යවරුන් විය හැකියි කියන එක.ඒ කියන්නේ ඔවුන් විස්වාස කරනවා Neurodivergent කියන්නේ වටිනාකමින් අවම කියන එක.ඒ නිසා තමයි ඔවුන් Neurotypical සඳහා සහය දෙන ගමන් Autism දරුවන් Neurotypical දරුවන් බවට බලහත්කාරයෙන් පෙරලන්න ක්‍රියා කරමින් ඉන්නේ.

මේ පහත දාලා තියෙන්නෙ ඉතා ප්‍රවීන Occupational therapy කෙනෙක් වෙන Greg Santucci ABA තෙරපි ගැන සදහන් කරලා තියන පෝස්ට් එකක්.ඔහු කාලයක් ABA තෙරපි මෙතඩ් Follow කරපු කෙනෙක් හැටියට එහි තිබෙන ම්ලේච්ඡත්වය සහ බලහත්කාරකම වටහා ගන්නවා.ඉන් පසු ඔහු NAT movement එක පිළිගනිමින් ඔටිසම් දරුවන් Fix කිරීමට එරෙහිව ලෝකය දැනුවත් කරනවා.

Greg Santucci