Viraj Dhanda ජීවත් වෙන්නේ ඇමරිකාවේ. වයස අවුරුදු දෙකේදී ඔටිසම් තහවුරුව ලැබුනු දරුවෙක්. ඒ වගේම apraxia තත්ත්වන් තිබුන නිසා ඒකෙන් වාචික සන්නිවේදනය සහ motor planning අභියෝගාත්මක උනා. වෛද්‍යවරුන් කිව්වා මේ දරුවා intellectually disabled කියලා.
වයස අවුරුදු 10 දී විරාජ් ව රැක බලාගත් එයාගේ babysitter විරාජ්ට සන්නිවේදනය කරන්න AAC device එකක් හඳුන්වා දුන්නා. එතනින් පස්සේ letter board එකකුත් විරාජ් ට සන්නිවේදනය කරන්න සහයට ලැබුනා.
එක දවසක් කුඩා විරාජ් ” Super Why” කියන Tv show එක බල බල හිටියා.එයා දැක්කා ස්ක්‍රීන් එකේ waterfall කියන වචනයේ spelling. වචනය සම්පූර්ණ වෙන්න කලින් විරාජ් ඒ වචනය හඳුනාගත්තා. ඒක එයා පෙන්නුවේ Letter board එකෙන්. එදා විරාජ්ගේ පවුලේ අය තේරුම් ගත්තා විරාජ් කියන්නේ එයාලා සහ වෛද්‍යවරුන් විනිශ්චය කරපු දරුවා නෙමේ කියලා.
අන්න ඒ මොහොතින් පස්සේ විරාජ්ගේ ජීවිතය වෙනස් වුනා.එයාගේ තාත්තා විරාජ්ට සන්නිවේදනය කරගන්න වැඩි වැඩියෙන් සහය දුන්නා.Tab එකක් දුන්නා.ඒකෙන් විරාජ් ට පුලුවන් උනා Type කරලා සන්නිවේදනය කරගන්න ( Text to speech ). ඒ හරහා තමන්ගේ දැනුම, හැඟීම්, අවශ්‍යතා සන්නිවේදනය කරගන්න විරාජ් ට ඉඩ ලැබුනා.ඒ ගමන අවසානයේ විරාජ් MIT (Massachusetts Institute of Technology) ක්ලාස් එකට ඇතුළත් වුනා.
Viraj අද වෙනකොට තමන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා. එයා කියනවා තමන් කොයිතරම් අපහසු කාලයක් ගෙව්වද කියලා. ඒකට හේතුව කිසිම කෙනෙක් තමන්ගේ හැඟීම් සහ දැනුම වටහා ගත්තේ නැති නිසා. ගොඩක් අය හිතුවේ විරාජ් වාචිකව සන්නිවේදනය කරන්නේ නැති නිසා විරාජ්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ කියලා. විශේෂයෙන් විරාජ් පීඩනය දරාගන්න බැරුව බිම පෙරළිලා කෑ ගහනකොට හැමෝම හිතුවේ ඒක හැසිරීමේ ගැටලුවක් කියලා. කාලාන්තරයක් තමන්ට හඩක් නැති වීම නිසා විදින්න සිද්ධ වුන පීඩාව අද විරාජ් ලෝකයක් එක්ක බෙදාගන්නේ එයා වගේම තමන් ඇතුළේ හිර වෙලා ඉන්න දරුවන් ඕනේ තරම් ඉන්න නිසා.
දරුවන්ගේ හැසිරීම අසාමාන්‍ය, අමුතු, මුරණ්ඩු කියලා ලේබල් නොකර ඒ හැසිරීම හරහා දරුවා සන්නිවේදනය කරන්න උත්සාහ ගන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. දරුවාට වඩා පහසු සන්නිවේදන ක්‍රමයක් ලබා දෙන්න. පහළ තියෙන්නේ විරාජ් , Robin young එක්ක කරපු සාකච්ඡාවක කොටසක්. බලන්න එයා සන්නිවේදනය කරගන්න විදිය. වාචික සන්නිවේදනය වගේම වෙනත් ඕනේම සන්නිවේද ක්‍රමයකට තියෙන්නේ එක හා සමාන වටිනාකමක්.

