Nicole Bauer ගේ වයස 68 ක් වෙන ඔටිසම් අන්න්‍යතාවය ඇති අන්කල් Clint තමයි මේ වීඩීයෝ එකේ ඉන්නේ. ඔටිසම් level 3 කියලා Nicole එයාගේ අන්කල් ගේ ඔටිසම් විවිධත්වය ගැන කතා කරනවා. ඒ වගේම එයා තමයි අන්කල් Clint ව රැක බලාගන්නේ. මට කියන්න ඕනේ උනේ ඔටිසම් කියන්නේ අවුරුදු 8 න් 16 රිවර්ස් වෙන තත්ත්වයක් කියලා මිත්‍යාමත පැතිරෙන එක අපි නතර කරන්න ඕනේ. විශේශයෙන් ඔටිසම් විවිධත්වය පිළිගන්න අපහසු සහ වටහාගන්න අපහසු අය තමයි වැඩියෙන්ම මේ මිත්‍යා මතය පළ කරන්නේ. යම් දරුවෙක් ඔටිසම් අන්න්‍යතාවය සහිතව ඉපදුනා නං ඒ දරුවාට සහය අවමයෙන් අවශ්‍යද , වැඩියෙන් අවශ්‍යද කියලා නැහැ ඒ දරුවා ජීවිතය ගෙවන්නේ සහ යම් දිනෙක අවසන් කරන්නේත් ඔටිසම් අන්න්‍යතාවය සහිතව.
ඒ වගේම මම දැක්කා එක්තරා පෝස්ට් එකක්.ඒකේ තිබ්බේ සල්ලි තියන දෙමාපියන් කොහොම හරි තෙරපි වලින් තමන්ගේ දරුවන් ගොඩ දාගන්නවා සහ සල්ලි නැති දෙමාපියන්ට දරුවන්ව ගොඩ දාගන්න බෑ කියන එක.මේවා ඉතාමත් නූගත් සහ භයානක මෝඩ කතා. දරුවන් වැලි පස් ගොඩවල් නෙමේ ගොඩ දාන්න. තෙරපි හරහා කරන්නේ දරුවන්ගේ අභියෝග හැකිතාක් දුරට කළමනාකරනය කරගන්න සහය වීමක් මිසක් මැජික් එකක් නෙමේ. USD බිලියන 489.9 වත්කමක් තියන Elon musk ට එයාගේ ඔටිසම් තත්ත්වය වත් එයාගේ පුතාගේ ඔටිසම් තත්ත්වවත් රිවර්ස් කරගන්න පුලුවන් උනේ නෑ. හැම දරුවෙක්ටම ලැබෙන සහය ඒ දරුවා ලබා ගන්නේත් ඒ දරුවාගේ අභියෝග කළමනාකරනය කරගන්නේත් ඒ දරුවාගේ ස්නායු විවිධත්වය මත. ඒ නිසා යම් කෙනෙක්ට අවශ්‍ය නං තමන්ගේ දරුවාට තෙරපි සහය ලබා ගන්න අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගන්න ඒක කරන්න මිථ්‍යාව වපුරවන්නෙ නැතුව. පුද්ගලිකව මම ලෑස්තියි මට පුලුවන් සහයක් ඒ වගේ දෙමාපියන්ට ලබා දෙන්න. ඒත් තෙරපි කියන්නේ මැජික් නෙමේ. සල්ලි තියන දෙමාපියන්ගේ දරුවන් ගොඩ යන්නත් සල්ලි නැති දෙමාපියන්ගේ දරුවන් ගොඩ නොයන්නත් ඔටිසම් කියන්නේ සල්ලි වලින් රිවර්ස් කරගන්න පුලුවන් දෙයක් නෙමේ. ලංකාව වටේම දරුවාව අරගෙන දුවන්න කලින් මුලින්ම ඔටිසම් ගැන A-Z දැනුවත් වෙන්න. තමන්ගේ දරුවාගේ Sensory profile එකක් හදාගන්න.ඒකට අනුව දරුවාගේ අවශ්‍යතාවය තේරුම් අරගන්න. දරුවාගේ මනස සන්සුන් කරගන්න සහය දෙන්න. දෙමාපියන්ගේ වටහා ගැනීම මත විතරමයි තමන්ගේ දරුවාට අවශ්‍ය නිවැරිදි සහය ලබා දෙන්න පුලුවන්.
අන්කල් Clint අද ඉතා Comfortable ජීවිතයක් ගත කරන්නේ එයාගේ විවිධත්වය වටහාගෙන සහය දෙන සහ රැකබලා ගන්නා පුද්ගලයින් වටේ ඉන්න නිසා. ඒ වගේම ඒ පුද්ගලයින් ඔටිසම් විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන්නේ අපි වගේ මේ ගමන අලුතින් ආරම්භ කරපු දෙමාපියන්ව වගේම සමාජය දැනුවත් කරන්න. තමන්ගේ දරුවා, සහෝදරයා, යහළුවා හෝ අසල්වැසියා වේවා ඔටිසම් විවිධත්වය ගැන ඔවුන්ගේ සමීපතමයින් විසින් කරන දැනුවත් කිරීම් ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍යම කාරණයක්. ඒ දැනුවත් වීම හරහා විතරයි ඔටිසම් ගැන තියන දහසක් මිත්‍යා මත දුරු කරන්න පුළුවන් .
