J ( ජිත්ම) ගේ Social Connect වැඩසටහනේ x – mas party එක. ඒත් Jට ඒ ගැන අවබෝධයක් තිබුනද නැද්ද කියන්න මම දන්නේ නෑ. Party එක ගැන සහ නත්තල් සීයා ගැන මම පුතාට ෆොටෝස් සහ එයා හරි ආසාවෙන් බලන Barney ශෝ එක හරහා පැහැදිලි කලත් එයා කරේ මගේ දිහා බලලා හිනා උන එක විතරයි. ඒත් සමහර විට Jට තේරුම් යන්නත් ඇති. එහෙමත් නැත්තන් එයාට මේ දවස වෙන දවස් වගේම වෙන්නත් ඇති.
වෙනදා වගේ සැහැල්ලුවෙන් , සතුටින් පුතා එතන්‍ට ගියත් එතන තිබ්බ Party vibe එක එයාට වෙලාවකට හිරිහැරයක් උනා කියලා මට හිතුනේ එයා සැරින් සැරේ ලොකු ටෙඩියෙක් ඉන්න කාමරේට ගිහින් මනස සන්සුන් කරගන්න උත්සාහ ගත්ත නිසා.
Santa ලොකු ගිනි නිවන රථයකින් center එක ලගට ආව එක Jට ලොකු excitement එකක් උනේ වත් ඒකට එයා ලොකු අවධානයක් දුන්නේවත් නෑ. ඒත් 38 ට එළියේ තිබ්බ උශ්නත්වය දරාගන්න බැරුව ආයේ ඇතුළට ඇවිල්ලා සෝෆා එකේ ටිකක් Rest කරා. J ට සැන්ටව දරාගන්න බැරි උනා.ඒ නිසා අඩුම ගානේ එයාගේ තෑග්ග ගන්නවත් සැන්ටා ලඟට ගියේ නෑ. අපි කිසිම කෙනෙක් ඒකට පුතාට බල කරෙත් නෑ. මේක ඔයාට සැන්ටා දුන්නේ කියලා අපි ඒ තෑග්ග දුන්නත් පුතා ඒ දිහා බැලුවෙවත් නෑ. මේ හැම දෙයක් ගැනම එයා Care කරේ නෑ වගේ අපිට පෙනුනට එදා දවස පුරාම J උඩ පැන පැන රස කෑම කාල හරිම Happy එකේ ගෙදර ආවා.

Shalani Weerawardana