ජිත්ම අවුරුදු 22 ක සම්පූර්ණයෙන්ම කථාව අහිමි Profound Autism , sensory processing disorder සහ intellectual disability සහිත තරුණ දරුවෙක්. මම බාගෙට ලියමින් හිටපු වෙනත් පෝස්ට් එකක් නතර කරලා මේක ලියන්න හිතුවේ මට මේක නොලියා ඒ පෝස්ට් එක හිත නිදහසින් ලියන්න බැරි නිසා.

මේ දවස් වල J ගේ සහයට අලුතින් එන තුන්දෙනාගේ වයස පිළිවෙළින් 20, 23, 21 යි. මේ අය J ගෙ Personal care සිට Socializing ( J කැමති තැන් වලට ගෙන යෑම, Shopping ,Music ,Walking ) දක්වා J ට සහය දෙන්න ඕනේ. මෙයාලා තරුණ ළමයි උනාට මේ අය Client Dignity , Restrictive practice , personal care, first aid ගැන ඉතාම හොද වෘත්තිමය දැනුම සහිතයි. හැබැයි මට කියන්න ඕනේ උනේ ඒ ගැන නෙමේ.

මට තදින් දැනුන හැඟීමක් ගැනයි මම කියන්න යන්නේ.J ගේ සම වයසේ ඉන්න මේ තරුණ දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් තමන්ගේම වාහනයක් Drive කරගෙන ගිහින් Casual job කරලා වැටුපක් ලබනවා.ඒ වගේම යාලුවො එක්ක කැමති ගමනක් යනවා. ෆිල්ම්ස් බලනවා.ඒත් එක්කම ගෑනු ළමයි එක්ක Date යනවා

නමුත් අපේ J ළමා උද්‍යාන වල ඔංචිලි පදිනවා.තාම Barney, Wiggles,Cocomelon බලමින් Bouncy බෝලේ Bounce වෙනවා.Baby toys වලින් සෙල්ලම් කරනවා.බබෙක් වගේ මගේ තුරුල්ලේ හුරතල් වෙනවා. J ගේ මේ හැමදේම මට ප්‍රශ්නයක් වත් දුකක් වත් නෙමේ සහ මම J ගේ විවිධත්වයට ගරු කරනවා.ඒ වගේම එයාට අවශ්‍ය සහය උපරිමයටම ලබා දෙනවා. J ට අවශ්‍ය ගෞරවනීය ජිවිතය ලබා දෙන්න අවශ්‍ය හැම කැප කිරීමක්ම මම කරනවා. ඒත් මට මේ තරුණ ළමයි J ත් එක්ක ඉන්න කොට මට හිතුනා අනේ J ත් අරන් මේ වගේ තනියම Drive කරන් Girl කෙනෙක් එක්ක Date night එකකට යනවා නම්, එයා Uni එකක ඉගෙන ගෙන යාලුවො එක්ක ෆිල්ම් එකක් නැතිනම් World tour එකක් යන්න පුළුවන් උනා නම් කියලා. හැබැයි ඒ මගේ හැඟීම් සහ මට අවශ්‍ය දේ නේද කියල මට හිතුනේ J එයාගේ මේ පුංචි ලෝකයේ කොයිතරම් නම් සැහැල්ලුවෙන් සතුටින්ද ඉන්නේ කියලා දකිනකොට.

J ගේ ඔටිසම් විවිධත්වයට මම ගරු කරත් ඒකට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් J ඔටිසම් වීම J ගේ විවිධත්වය වගේම එයාගේ අනන්‍යතාවය.අපි හැමෝම විවිධත්වයට ගෞරව කරමින් ජීවත් වීම කොයිතරම් නම් වටිනවද?

✍️ Shalani Weerawardana

 

මුල් සබැඳිය : J ගේ ඔටිසම් විවිධත්වය