( Chris Luke විසින් පේජ් එකට ලියූ ලිපියකි )

බඩ ඉරිඟු !! මම ඔයාලට ඉරිඟු ගැන කියන්න යන්නේ. මේ ෆොටෝ එකේ මම නිකන් Corn pit එකක වැතිරිලා සෙල්ලම් කරනවා වගේ පේන්න පුලුවන්. ඒත් ඊට එහා ගිය කතාවක් තියනවා. ඉරිඟු , weighted blankets, ඇඳුම් කීපයක් එක් වර ඇඳීම , අවම ඉඩ කඩක් තියන තැන් සිටීම වගේ දේවල් තමයි මට ඕනේ මගේ මනස සන්සුන් කරගන්න. ඒවා මගේ ශරීරය සන්සුන් කරගන්න සහය දෙනවා. තෙරපුම සහ ඒ බර ශරීරයට දැනෙනකොට ඒ දැනීම ලොකු තෘප්තියක්.

ඔටිසම් මනස නිරන්තරයෙන් සොයාගෙන යනවා ශරීරයට දැනෙන යම් තෙරපුමක් සහිත යටපත් වීමක් වගේ දැනීමක්. ඒකට හේතුව අපේ මනසට නිරන්තරයෙන් Deep pressure input එකක් ( දැඩි තෙරපුම් දැනීමක්) අවශ්‍ය නිසා.

මේක නිකම්ම නිකන් සෙල්ලමක් නෙමේ. මේක අධික උත්තේජනයට පත් වුන ඔටිසම් මනසක් නිරන්තරයෙන් සන්සුන් වෙන්න ඉල්ලා සිටින අවශ්‍යතාවයක්. ඉතාමත් ශබ්ධකාරී, නොසන්සුන් ලෝකය කළමනාකරණය කරගන්න සමහර වෙලාවට අපි පොළොව මට්ටමටට කිඳා බැහැලා ශරීරයට ලබා දෙන යම් තෙරපුමක් හරහා අවට ලෝකය අමතක කරලා ස්නායු පද්ධතිය සන්සුන් කරගන්නවා.මගේ පොඩිම කාලයේ මේ ෆොටෝ එක දිහා බලලා මම ඇත්තටම තේරුම් ගත්තා ඇයි මම මේ ක්‍රියාවට මෙච්චර කැමති උනේ කියලා.

———

Corn!! Oh, let me tell you about corn. 🌽 What might seem like just me playing in a corn pit, is actually much more than that!

Corn, weighted blankets, layers of clothing, water, tight spaces… these are all what makes me calm. They keep my body regulated. The sensation of compression and weight on top of yourself feels amazing!

The autistic mind often seeks full-body submersion because our brains constantly craves for compression. (Deep Pressure Input.)

This isn’t just “for fun”. This gives a highly overstimulatory, autistic brain the grounding input it constantly asks for.

The loud, chaotic world can sometimes be hard to navigate through, and sometimes… letting our bodies lower to the floor, and sink into something heavy is the best way to cope and find a true sense of relief. 💙

Looking back at this photo of me when I was young, I finally understand why I loved this so much!

#ActuallyAutistic #AutismAcceptance #SensorySeeking #AutisticChildren #DeepPressure #SensoryProcessing

✍️ Autism Advocacy with Chris 

මුල් සබැඳිය : Autism Advocacy with Chris  – 3