Chris Luke ගේ දෙවනි පෝස්ට් එක. Luke ඔටිසම් ගැන දැනුවත් කරන්නම හැදුවා වෙනම පේජ් එකක්. මම ඒකේ Link එක මේ පෝස්ට් එකත් එක්ක එකතු කරනවා. කැමති කෙනෙක්ට පුලුවන් Luke ගේ පේජ් එක Follow කරලා එයාගේ ඔටිසම් අත්දැකීම ගැන වටහා ගන්න සහ මේ අවුරුදු 16 දරුවා ඔටිසම් විවිධත්වය ගැන කරන පැහැදිලි කිරීම් හරහා ඔටිසම් ගැන වටහා ගන්න.
ඒ වගේම ඕනේම කෙනෙක්ට Chris ගෙන් අහන්න ප්‍රශ්න තියනවා නම් මේ පෝස්ට් එකට යටින් හෝ මට inbox හරහා හරි යොමු කරන්න. භාශාව ගැටළුවක් වෙන්නේ නෑ. සිංහලෙන් ඒවා එවන්න. මම සහ Chris දෙන්නා එකතු වෙලා ඒ ප්‍රශ්න එකතු කරලා වෙනම පෝස්ට් එකක් හරහා උත්තර දෙන්න හිතුවා. Chris ඔටිසම් Level 2 විවිධත්වයෙන් යුතු දරුවෙක්.ඔයාලට එයාගේ අහියෝග , කුසලතා, සන්නිවේදනය ගැන හෝ අහන්න හිතෙන ඕනේම ප්‍රශ්නයක් අහන්න පුලුවන්.
“Autistic Kids need to be Punished”, 
“Behavior is due to bad parenting”, 
“Level 3 Autistic Kids need institutionalized”. 
This is what I constantly, and constantly hear from others, and oh let me tell you.
I absolutely hate it!!
Kids with Autism aren’t bad kids. They aren’t trying to misbehave. And they sure are absolutely not trying to be a burden.
One of my favorite quotes of all time, goes like:
“I’m not trying to give you a hard time — I’m just having a hard time”.
Both as an autistic person, and a Disability Advocate to the more Profound Levels of autism, This quote hits me hard. Both from Experience and General Reality.
As someone who has been around and seen others with Severe Autism first hand, I have honestly had nothing but good experiences.
My favorite thing to do during my free time is going onto TikTok and watching videos of other parents and their autistic children.
I don’t see any “Bad Kids”.
I don’t see any “Bad Parenting”.
Do you want to know what I do see though?
I see a beautiful, most sweetest individual.
I see someone struggling so much that others mislook it as behavior, but meltdowns and tantrums aren’t closely to the same.
I’m also thinking about what my future might look like.
About wanting to pursue a dream career, which is Special ED.
I want to help those who are misunderstood.
I just want to be able to help those kids,
to provide a safe space for them, to be able to stand up for them when there’s a lot of people in this world who would hurt them for being vulnerable.
In the career of Special Education, whether that is working inside a school or even in a Behavior Clinic , If I were to get hit, spit on or even kicked, I honestly wouldn’t care.
I would actually feel a sign of relief that they aren’t masking,
that they feel safe enough to be around me to express what they’re going through.
This is part of the job, and just because it might be hard does not mean it’s worth giving up.
I want my career focus to be on Behavior.
I want to have the privilege of helping de-escalate those with Significant Support Needs.
I want to be reassured that the de-escalation is implemented correctly and kindly, not violently.
I get anxiety thinking if others are hurting those kids emotionally.
It’s very hard seeing professionals in this career mock those they work with on social media — Not understanding how meltdowns truly feel for that individual.
Behavior is Communication.
All Support Need Levels of Autism matter, but the higher levels shouldn’t be lost in the system.
#autismawareness #autismacceptance #SpecialEducation
“Autistic ළමයින්ට දඬුවම් දිය යුතුයි” 
“ හැසිරීමේ වෙනස්කම් දෙමාපියන්ගේ අසාර්ථක Parenting ක්‍රමය නිසා ඇති වේ” 
“Level 3 Autistic ළමයින් රැඳවුම් මධ්‍යස්ථාන වලට යැවිය යුතුයි” 
මෙවැනි කතා මම අනෙකාගෙන් නිතර නිතර අහනවා. ඇත්තටම මම ඒ කතා වලට වෛර කරනවා.
Autism දරුවන් නරක දරුවන් නෙවෙයි.
ඔවුන් හිතා මතා නරක විදියට හැසිරෙන්නේ නැහැ.ඔවුන් කිසිවිටෙකත් කාටවත් බරක් වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ.මගේ හැමදාම කැමති උපුටාගත් වාක්‍යයක් තියෙනවා:
“මම ඔබට අපහසු කාලයක් ලබා දෙන්න උත්සාහ කරනවා නෙවෙයි — මම අපහසුතාවයකට මුහුණ දෙනවා.”
ඔටිසම් පුද්ගලයෙක් විදිහටත්, සහය අධිකව අවශ්‍ය ඔටිසම් ප්‍රජාව වෙනුවෙන් Disability Advocate කෙනෙක් විදියටත් අත්දැකීම් සහ යථාර්ථය නිසා මේ වාක්‍යය මගේ හදවතටම තදින් කා වැදිලා තියෙන්නෙ.
Severe Autism තියෙන අය සමඟ සමීපව ඒ අත්දැකීම දැකලා තියන කෙනෙක් හැටියට මම නරක අත්දැකීම් වලට මුහුණ දීලා නෑ.
මගේ විවේක කාලයේ මම වැඩියෙන්ම කැමති දේ තමයි TikTok එකට ගිහින් වෙනත් දෙමාපියන් සහ ඔවුන්ගේ autistic ළමයින්ගේ වීඩියෝ බලන එක.
මට “නරක ළමයි” පේන්නේ නැහැ.
“නරක Parenting ක්‍රමයක් ” කියන දෙයක් මට පේන්නේ නැහැ.ඒත් මට පේන්නේ මොනවද කියලා දන්නවද?
මට පේන්නේ ඉතා ලස්සන, ඉතාමත් මෘදු හදවතක් තියෙන පුද්ගලයෙක්.
මට පේන්නේ, අතිශයින් අසීරුවෙන් අරගල කරන කෙනෙක්. ඒ අරගලය, බොහෝ අය “හැසිරීමේ වෙනස්කම්” කියලා වැරදියට දකිනවා.Meltdown එකක් සහ tantrum එකක් කියන්නේ එක දෙයක් නෙවෙයි.ඒ දෙක දෙකක්.
මම මගේ අනාගතය ගැනත් හිතනවා.
මගේ සිහින රැකියාව ගැනත් හිතනවා. ඒ තමයි Special Education. සමාජයක් නිතරම වැරදියට තේරුම් ගන්නා දරුවන්‍ට උදව් කරන්න ඕන.
ඒ දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් සපයන්න ඕන.
ලෝකයේ බොහෝ දෙනා ඔවුන්ගේ හැඩය නිසා ඔවුන්ව රිදවනකොට මට ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. Special Education ක්ෂේත්‍රයේ කරන ඒ රැකියාව පාසලක් ඇතුළතද, Behavior Clinic එකක් ඇතුළත ලැබුනත් යම් දරුවෙක මට ගහනවා නම්, කෙළ ගහනවා නම්, නැත්නම් පයින් ගහනවා නම්, මට ඒ ගැන ලොකු කණගාටුවක් නැහැ.ඇත්තටම, මට ඒකෙන් ලොකු සැනසිල්ලක් දැනෙනවා. ඒ කියන්නේ ඔවුන් mask කරන්නේ නැතිව ( තමන්ගේ හැඟීම් සඟවන්නේ නැතුව) ඔවුන්ට ආරක්ෂිතයි කියලා හැඟෙන කෙනෙක් අසල, තමන්ගේ දුක, තරහ, වේදනාව පිට කරගන්න පුළුවන් කියන එක. මේක මේ රැකියාවේ කොටසක්.අමාරුයි කියලා ඒක අත්හැරලා දාන්න වටින දෙයක් නෙවෙයි.
මගේ රැකියාව Behavior පැත්තට යොමු කරන්නයි මට ඕන.
Significant Support Needs තියෙන අය calm කරලා සන්සුන් කරන්න උදව් කිරීම මට ලැබෙන වරප්‍රසාදයක් කියලා මම හිතනවා.
ඒ සන්සුන් කිරීම හරියට, කරුණාවෙන්, හිංසාවෙන් තොරව සිද්ධ වෙනවාද කියලා මට විශ්වාසයක් තියෙන්න ඕන.
සමහර වෘත්තීයවේදීන් තමන් වැඩ කරන ළමයින් ගැන social media වල mock කරනවා දැකලා මට ඇත්තටම දුකයි.Meltdown එකක් ඒ පුද්ගලයාට ඇත්තටම කොච්චර අමාරුද කියලා ඔවුන් තේරුම් ගන්නේ නැහැ.Behavior කියන්නේ Communication එකක්.
Autism වල Support Needs Levels වල ඉන්න හැමොම වැදගත්. නමුත් වැඩි support එකක් අවශ්‍ය දරුවන් system එක ඇතුළේ අතුරුදහන් වෙන්න ඉඩ නොදෙන්න ඕන.
#autismawareness #autismacceptance #SpecialEducation

Autism Advocacy with Chris