ලංකාවේ නැති උනාට ලෝකේ බොහෝමයක් රටවල් වල ඔටිසම් ප්‍රජාව තමන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරනවා සහ අත්දැකීම් බෙදාගන්නවා. ඒ නිසා ඒ සමාජයන් ඔටිසම් කියන අන්න්‍යතාවය රෝගයක් හෝ අසාමාන්‍යතාවයක් නොවන බව දන්නවා. ඒ වගේම මේ Spectrum එක කොයිතරම් පුළුල් හැඩයකටද තියෙන්නේ කියන එක ගැන සමාජය දැනුවත්.
ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නවා ඔටිසම් කියන්නේ අසාමාන්‍යතාවයක් ,රෝගයක් ඒ නිසා ඔටිසම් ප්‍රජාවට ” සාමාන්‍ය” කියලා හිතන් ඉන්න සහ දකින ජීවිතයක් ගත කරන්න අපහසුයි කියන එක.
යුරෝපයේ අපිට ඕනේම ක්ශේත්‍රයක සේවය කරන ඔටිසම් පුද්ගලයින් දකින්න පුළුවන් වගේම සහය යම් ප්‍රමාණයකට වැඩියෙන් අවශ්‍ය ඔටිසම් පුද්ගලයින් දකින්න පුළුවන්. ඒ වගේම ඉතාමත් සීඝ්‍රයෙන් තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය තහවුරු කරගන්න උනන්දු වෙන තරුණ තරුණියන් වගේම වැඩිහිටියන් ගේ ප්‍රමාණයත් ලෝකේ වැඩි වෙනවා..
ඒ නිසා මේ Spectrum එකේ හැඩය ගැන වටහාගැනීමකින් තොරව ඔටිසම් දරුවන්ට සහ පුද්ගලයින්ට ” රෝගීන්, අසාමාන්‍ය ,අමුතුයි, එයාලා, මෙයාලා, ඒ මිනිස්සු වගේ හැඳින්වීම් වලින් ආමන්ත්‍රණය කරණකොට සෑහෙන්න පරිස්සම් වෙන්න. තමන් තමන්ගේ ඔටිසම් අන්න්‍යතාවය නොදැන ඉන්න කෙනෙක් වෙන්න සෑහෙන්න ඉඩ තියනවා. ඔටිසම් විවිධත්වය කියන්නේ මේ මාධ්‍ය හරහා කතා කරන පොදු ලක්ෂණ වලින් එහාට ගිය Spectrum එකක්.
මේ පහළ ඉන්නේ Instagram එකේ ඔටිසම් විවිධත්වය ගැන කතා කරන මවක්.මේ අම්මා තමන් ඔටිසම් කියලා තහවුරු කරගත්තේ තමන්ගේ දරුවන් දෙන්නගේ ඔටිසම් අන්න්‍යතාවය හදුනාගත්තට පස්සේ. එයා එයාගේ ජිවිතය ළමා කාලයෙ ඉදන් උපාධිය ලබා ගෙන විවාහ වෙලා දරුවන් බිහි කරලා ඒ දරුවන්ගේ විවිධත්වය හඳුනාගන්න කල්ම තමන්ගේ විවිධත්වය නොදැන යම් යම් අසීරුතා එක්ක ජීවිතය ගෙවපු මවක්. ආපස්සට හැරිලා බලනකොට එයාට වැටහී යනවා මගේ විවිධත්වය නිසා තමයි මම ජීවිතය අත්දකින සහ දැනෙන විදිය වෙනස් කියන එක.

අපි සමූහයක් විදියට මේ පේජ් එක කරන්නේ විනෝදෙට නෙමේ. ලංකාවේ ඔටිසම් ගැන පවතින අවම දැනුම නිසා අපි දෙමව්පියන් විදියට මුහුණ දීලා තියන දහසක් ගැටළු අවම කරගන්න තියන එකම මාර්ගය සමාජයට මේ පිළිබඳව නිවැරිදි අවබෝධය ලබා දීම පමණක් නිසා.
විශේශයෙන් තමන්ගේ ඔටිසම් දරුවාගේ ඔටිසම් අන්න්‍යතාවය රිවර්ස් කරගත්‍තා සහ ” ගොඩ ගත්තා” වැනි නොදැනුවත්ව ඔටිසම් අන්න්‍යතාවය ගැන වැරදි මත සමාජගත කරන දෙමව්පියන් නිසාත් වැඩි වැඩියෙන් හානි වෙන්නේ ඔටිසම් අන්න්‍යතාවය ගැන නිවැරිදි දැනුම සමාජගත කරන්න උත්සාහ ගන්නා අපි වගේ දෙමව්පියන්ගේ උත්සාහයට.


