මේ වීඩියෝ එකේ ඉන්නේ මාස කීපයකට කලින් ඔටිසම් ගැන දැනුවත් කරන්න පටන් ගත්ත අම්මා කෙනෙක්. නම Polly.වයස අවුරුදු 42 යි. Polly ට ඉන්නවා දරුවන් පස් දෙනෙක්. පස්දෙනාම ඔටිසම්. ඒ පස් දෙනා අතර දෙන්නෙක් නිවුන්නු. හැම දරුවෙක්ගෙම ඔටිසම් විවිධත්වය එකිනෙකට වෙනස්. නිවුන් දරුවන් ඔටිසම් එක්කම Tourette syndrome තත්ත්වය තියනවා. තවත් දරුවෙක් ඔටිසම් සහ dyspraxia. තව දරුවෙක් ඔටිසම් වගේම ADHD. ලොකුම දරුවට Anxiety තත්ත්වය තියනවා. මේ ෆැමිලි එක ජීවත් වෙන්නේ ඇමරිකාවේ North Carolina වල.
ලෝකයේ හැම රටකම වගේ ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් බහුතරයක් තමන්ගේ දරුවගේ ඔටිසම් තහවුරුව ලැබුණ ගමන් ඊලඟට පටන් ගන්නේ ඔටිසම් ගැන දැනුවත් කරන එක..ඒක නිකන් අනිවාර්යයෙන් සිද්ධ විය යුතු කාරණයක් විදිය හිතන එක සාමාන්‍ය දෙයක්. අපේ අල්ලපු රට ඉන්දියාවෙත් සැලකිය යුතු දෙමාපියන් පිරිසක් ඉන්නවා තමන්ගේ දරුවන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන. ඒ දැනුවත් කිරීම හරහා තමයි ඔටිසම් වටා තියන මිථ්‍යාවන් අවම වෙලා ගිහින් ඔටිසම් ප්‍රජාවට ජීවත් වෙන්න පහසු සමාජයක් ගොඩ නැගෙන්නේ.කවදාක හරි ලංකාවේ ඔටිසම් දරුවන්ගේ දෙමාපියන් වටහා ගනී තමන්ගේ දරුවන් වෙනුවෙන් සමාජය දැනුවත් කරන එක තමන්ගේ දරුවන්ගේ අනාගත ජීවිතයට කොයිතරම් වැදගත් ද කියන එක. 
