සියන්සා ට අභියෝග දහසක් තිබ්බත් සියන්සා ගෙවන ජීවිතය ඇතුලේ දරුවාට තියනවා අසීමිත ආදරය සහ උපරිම මානසික නිදහස. තමන්ගේ අභියෝග තමන්ට පීඩාවක් හෝ ඒ නිසාම තමන්ගේ ජීවිතයේ වටිනාකමක් නැහැ කියන දැනීම කිසිම දරුවෙක්ට හෝ පුද්ගලයෙක්ට නොදැනෙන්න තමයි පවුල , සමාජය ඒ සහය සහ පිළිගැනිම ලබා දෙන්න ඕනේ. ඒ නිසයි ” අනුකම්පාව ” කියන හැඟීම වෙනුවට සහකම්පනය සහ වටහා ගැනීම අපිට අවශ්‍ය වෙන්නේ.
රටක පාලන අධිකාරිය විසින් නියමිත ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ නොයෙක් පරාසයන් වලදී සහය අවශ්‍ය ප්‍රජාවට ඔවුන්ගේ ජීවිතය වඩා පහසුවෙන් කළමනාකරණය කරගන්න.මෙන්න මේ Fact එක වටහා නොගන්නා පුද්ගලයින් තමයි මනුෂ්‍ය ජිවිත වල වටිනාකම ඔවුන්ගේ කුසලතා වලින් හා ස්වාධීනත්වයෙන් තීරණය කරන්නේ. අපි මනුශ්‍ය විවිධත්වය සියන්සාගෙන් ආයේ ආයේ සමාජගත කරන්නේම සියන්සාටත් හඩක් තියනවා කියන එක තහවුරු කරන්න.ලැබිය යුතු පහසු ජිවිතය ගත කරන්න සමාජයක් රටක් වශයෙන් වෙනස් වෙන්න ඕනේ කියන එක කියන්න.
සියන්සා හඳුනන්නේ මේ ලෝකයේ ලස්සන විතරයි. වේදනාව වෙනුවට ලැබෙන්නේ ආදරය සහ අසීමිත සෙනෙහස විතරයි. සෑම මනුශ්‍යයෙක්ටම ලැබිය යුතු ගෞරවය සහිත ජිවිතයක් ඇතුලේ සියන්සා ජිවත් වෙනවා. ඒත් එහෙම ජිවිතයක් හිමි වෙලා නැති දරුවන් සහ පුද්ගලයින් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. පුළුවන් හැම ඉඩක්ම හරහා අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ ඒ දරුවන්ට සහ පුද්ගලයින්ට හඩක්. සියන්සා නොදන්නවා උනාට එයාගේ හඩ හරහා සමාජගත කරන්න අපි උත්සාහ ගන්නා පණිවිඩය ඉතා ශක්තිමත් හා ස්ථිර එකක්. ඒකට සියන්සා ඔයාට ස්තූතියි.
