මිනිස්සු මං දිහා බලලා හිතනවා නිහඩබව කියන්නේ හිස්බව කියලා.
ඒත් මගේ ඇතුලාන්තයේ විශාල ලෝකයක් තියනවා.
මට දැනෙනවා ආදරය ,
මට දැනෙනවා බය
මට දැනෙනවා සංගීතය, පාට, ශබ්ද සහ මිනිස්සුන්ගේ හැඟීම් ගැඹුරු විදියට.
සමහර වෙලාවට මගේ ශරීරයට අපහසුයි මගේ මනස කියන දේ ක්රියාත්මක කරන්න.
සමහර වෙලාවට මම කෑ ගහනවා අධික උත්තේජනයක් මගේ මනසට දැනුනම.
සමහර වෙලාවට මම නිහඬ වෙනවා ලෝකය අධික ශබ්ධකාරී උනාම.
ඒත් කාරුණිකව මතක තියා ගන්න,
මම තාමත් මං තුළ ඉන්නවා,
මට තේරෙනවා මිනිස්සු මට හිතෙනවා කියලා හිතන ප්රමාණයට වඩා.
මට ඕනේ ආදරය,ආරක්ෂාව සහ බැඳීම්.
ඒ වගේම නොවෙනස්ව මාව පිළිගන්න.
මගේ කතාව අහන්න කලින් මම කවුද කියලා තීරණය කරන්න එපා.
මගේ නම ජිත්ම
මේ මගේ හඬ
“Inside ඔටිසම් ” coming soon.
My voice is inside this book too.
