කරුණාකරලා ලංකාවේ ආබාධිත ප්‍රජාව පින් පව් වලට උදාහරණයක් විදියට පාවිච්චි කරන එක ලංකාවේ බෞද්ධයින් නතර කරන්න ඕනේ. ශරීරයෙන් වැඩුණට මොළේ පුංචි මේ වගේ ගෑනූ පිරිමි කරන්නේ කොහේ හරි care home එකකට ගිහින් තමන් හරි පින්වන්තයි කියලා රටට ලෝකයට ඇහෙන්න උම්බෑ කියන එක. ඒකේ කමෙන්ට් කරලා තියන බහුතරයක් බෞද්ධයන් ටිකට උගන්වන්න ඕනේ ලංකාවේ නෙමේ ලෝකයේම ජීවත් වෙලා ඉන්න ආබාධිත ප්‍රජාවට Dignity එකක් තියනවා කියන එක.
කාක්කන්ට පාන් කෑලී දානවා වගේ රෙදි උස්සන් මේ වගේ නිවාස වලට දුවලා ගිහින් වඳුරො වගේ වීඩීයෝ කරලා පව් පින් කරුම ගැන කියන එක කොයිතරම් කැත, අසික්කිත දෙයක්ද කියන එක මේ පුංචි මොළ ගෙඩි වලට තේරෙන්නේ නෑ. ඔතන ඉන්නේ සත්තු නෙමේ. ගස් ගල් නෙමේ.නිකන් ශරීර කූඩූ නෙමේ. හැඟීම් දැනෙන මනුෂ්‍ය ජීවීන්. ඒ හැම මනුස්සයෙක්ටම ගෞරවයෙන් ජීවත් වීමේ අයිතිවාසිකම තියනවා.
පින් පව් කරුම ගැන කියලා දෙන්න පාවිච්චි කරන්න තමන්ගේ ආගමික මූලාශ්‍ර, පොත් පත්. ලංකාවේ ආබාධිත ප්‍රජාව පෙර කරුම හෝ පින් පව් වලට උදාහරණයට ගන්න එපා. යනවා නං ගිහින් අවශ්‍ය සහයක් දීලා එන්න මනුස්සයෙක් වගේ. නූගත් රිලව් වගේ ෆෝන් එකෙන් වීඩීයෝ කර කර තමන්ගේ ජීවිතය කොයිතරම් උසස්ද කියන එක උත්කර්ෂවත් කරන්න එපා. ලංකාවේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී ඉන්න නීතී සංගම්, කණ්ඩායම් මේවට විරුද්ධව පියවර ගන්න. ඒ වගේම මේ වගේ Care Home පවත්වාගෙන යන මහ උන්ටත් පොඩි මොළයක් තියනවා නං එන එකෙක්ගේ සහය ගන්න එක ගෞරවාන්විත විදියට කරන්න. හැම එකකටම ආගමක් පටලවාගෙන කරගන්න පව් ටික නං මේ නෝනලාට ගෙවාගන්න ආත්ම ගානකට බැරි වෙයි.
ආබාධිත ප්‍රජාව ඉදිරියේ ” ඇයි මෙහෙම උනේ ” කියලා හූල්ලලා රඟපාන්නේ නැතුව ස්නායු විවිධත්වය ගැන ඉගෙන ගන්න. මෙහෙව් කැත මිනිස්සුන්ගේ හුළඟක් පවා අපේ දරුවන්ගේ ජීවිත වලට නං ගෑවෙන්නවත් එපා.
