නිතිශ් බබාගේ නර්සරි වීඩියෝ මම හරි ආසාවෙන් බලන්නේ. විශේශයෙන් නිතිශ්ගේ ටීචර් ගේ ඉවසීම සහ ආදරය. එතකොට අනික් බබාලා නිතිශ්ට උදව් කරන විදිය.

නිතිෂ්ගේ අම්මා ගැනත් කියන්නම ඕනේ. ඔටිසම් ගැන සමාජයේ තියන හැම මිත්‍යාවක්ම අම්මා ප්‍රතික්ශේප කරා. මුල ඉඳන් බබාව තේරුම් ගන්න විවිධත්වය ගැන ඉගෙන ගත්තා. හැම දරුවෙක්ම වෙනස් කියන එකත් කිසිම බලහත්කාරකමින්, පීඩාවකින් දරුවව එයාගේ හැඩයෙන් වෙනස් කරන්න ඕනේ නෑ කියන එක අම්මා තීරණය කරා. නර්සරි එකේ ගුරුවරියත් එහෙමයි. දරුවා සූදානම් කාලයත් එක්ක දෙන මානසික නිදහස එක්ක හෙමින් දරුවාට අභියෝග පහු කරගෙන යන්න සහය දෙනවා.

අපි දෙමාපියන් විදියට ඔටිසම් විවිධත්වය ගැන දැනුවත් කරන්නේ එකක් සමාජයට විවිධත්වය වරදක් නෙමේය කියන එක කියන්න සහ දරුවන්ට පීඩාවකින් තොරව එයාලගෙ ළමා කාලය අහිමි වෙන්න දෙන්නේ නැතුව හෙමින් අහියෝග පහුකරගෙන යන්න සහය දෙන්න කියන ඉල්ලීම කරන්න. ඉතිං නිතිෂ්ගේ අම්මටයි, ආදරණීය ගුරුවරියටයි ස්තූතියි. අපිත් එක්ක නිතිෂ්ගේ Journey එක බෙදාගන්නවට😘❤️

මුල් සබැඳිය : නිතිශ් බබාගේ Journey එක