වැස්සේ තෙමෙන එමලිගේ Clip එකක් මම අහම්බෙන් දැකපු දා ඉඳලා එමලිව Follow කරන්න ගත්තා.දිගටම එමලිගේ අම්මගේ ලිපි කියවනකොට ජිත්මට අවශ්‍ය අපේ ආදරය හා රැකවරණය විතරයි කියලා හිතන් හිටපු මම අලුත් දැනුම හරහා ජිත්මගේ අභියෝග දිහා අලුත් විදියට බලන්න ගත්තා. මම ජිත්මට සහය දෙන විදිය ඒ සියල්ල වෙනස් කරේ මේ පේජ් එකෙන් ලැබුන දැනුම මත. ඇත්තටම මට ගෲප් එකේ නයනා නංගිත් ලොකු ශක්තියක් උනා.
Profound Autism ගැන ලංකාව ඇතුලේ මානුශීයව සහ ගෞරවාන්විතව දැනුවත් කරපු එකම කෙනා මම හිතන්නේ එමලිගේ අම්මා.ඔයාට ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතියි. රමේශා නිදහසේ ජිත්ම ගැන සමාජයක් එක්ක බෙදා ගන්න මට ශක්තියක් උනේ ඔයා. කවදාවත් නොදැකපු ඔයයි මමයි හොඳ යාළුවෝ කියලා මට හැඟෙනවා.
ජිත්මට මම කලින් අභියෝග කළමනාකරනය කරන්න පාවිච්චි කරපු Approaches ටිකක් කරදරකාරී සහ පීඩාව ගෙනදෙනවා කියලා මට තේරුනා. ඔයාලා දැකලා ඇති ජිත්මගේ අතේ ලොකු කළු පැල්ලමක් තියනවා. ඒකට හේතුව තමයි සමහර වෙලාවට එයා පීඩාවට පත් උනාම එයාවම හපා ගැනීම.කාලයක් තිස්සේ හපාගෙන තමා ඒ පැල්ලම ඇති වෙලා තියෙන්නෙ. ජිත්මට යම් දෙයක් අවශ්‍ය නම් මම ඒක ලබා දුන්නේ මොනවා හරි Puzzle එකක් පාට කිරීම වගේ මට අවශ්‍ය දෙයක් කරොත් විතරයි. උදාහරණයක් විදියට කාර් එකේ යන්න පෙර එයා පාට කරන්න ඕනේ ( First Color the picture then car ride). මේක ජිත්මට සමහර වෙලාවට ඉතාම පීඩාකාරී උනා. ඒකේ ප්‍රථිපලයක් විදියට එයාවම හපා ගනිමින් තමයි පාට කිරීම සම්පූර්ණ කළේ.
මම Visual Guidance විදියට First and Then දැන් පාවිච්චි කරත් එයාට අවශ්‍ය නම් Car ride එක ගෙනියනවා.මේ පුංචි වෙනසින් ජිත්ම එයාව හපා ගැනීම සම්පූර්ණයෙන්ම නතර උනා. එයාගේ Puzzles , blocks මම කාර්පට් එක උඩ දාලා තිබුණා පේන්න.මම ඒවා එක්ක සෙල්ලම් කලා. ජිත්මට කිසිම විදියකින් ඒකට සම්බන්ධ වෙන්න බල කලේ නෑ. ටික ටික ජිත්ම ඒවා එක්ක Play කරන්න පටන් ගත්තා කිසිම පීඩනයකින් තොරව සහ එයාගෙම කැමැත්තෙන්.
කිසිම Demand එකක් නැති නිසා පුතා හරිම සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මම පින්තූර පාවිච්චි කරලා ජිත්මට Happy Emotion එක උගන්වන්න උත්සාහ කළත් ඒක අසාර්ථක උනා.මම කලේ Touch Happy කියලා ජිත්මට කියලා Happy face එක Touch කරවන්න හදපු එක.ඒ ක්‍රමය අත් හැරපු මම ජිත්ම හිනා වෙන හැම අවස්ථාවකම Happy ජිත්ම කියලා අපි දෙන්නත් හිනා වෙනවා. දැන් ජිත්ම Happy emotion එක හොඳට දන්නවා.මේ දවස් වල මම Angry / Sad ජිත්ම කියන Emotions තමා එයත් එක්ක Model කරන්නෙ.
ජිත්මට හදපු Sensory profile එකත් මට ජිත්මට සහය දෙන්න උදව් උනා. මම ජිත්මට අවශ්‍ය හැම Sensory need එකක්ම ලබා ගන්න අවශ්‍ය සහය උපරිමයටම ලබා දුන්නා.
දැන් අපේ ජිත්මගේ දවස් හරිම සාමකාමී. හැබැයි අහියෝග නැත්තේම නෑ. දවස ගානෙම මොනවාම හරි අභියෝගයක් තිබ්බත් බොහෝ දුරට ඒවා කළමනාකරණය කරගන්න හැකිවෙලා තියෙන්නේ මේ පේජ් එක හරහා ලැබුන Guidance නිසා.
ඉතිං රමේශා මේ හැමදේකටම ඔයාට ස්තූතියි.

Shalani Weerawardana