කාලෙක ඉඳන් බලන් හිටපු Social Connect වැඩසටහනට පුතාව ඇතුළත් කරන්න පුලුවන් උනා. මේක ටිකක් පරක්කු උනේ අදාල documents 6,7 ක් පිටු 60/70 ක් පුරවන්න තිබ්බ නිසා.එකම දේ ආයේ ආයේ පුරවන එක නං ටිකක් කරදරකාරී වැඩක්. විශේශයෙන් මම වගේ IT දැනුම Zero කෙනෙක් ට.

මේ වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු 18 ට වැඩි Neurodivergent ප්‍රජාවට. මේ ආයතනයේ වැඩසටහනට ගොඩක්ම සහභාගී වෙන්නේ පූර්ණ කාලීනව සහය අවශ්‍ය (high support needs) තරුණ තරුණියන් වගේම වැඩිහිටියන්. මේ ආයතනය ඇතුලේ kitchen, sensory room, disco room, gym, hydro therapy (swimming), art and craft, music, computer, theater වගේ හැම පහසුකමක්ම තියනවා. හැම කෙනෙක්ටම සහය අවශ්‍යතාවය මත 1:1, 2:1, 3:1 අනුපාතයට Support Workers ලගේ සහය ලැබෙනවා . අණ කිරීම්, පාලනය කිරීම් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. මේ වැඩඩටහනට සහභාගී වෙන අයට තමන් කැමති විදියට නිදහසේ ඉන්න අවස්ථාව තියනවා.Support Workers ලා කරන්නේ අවශ්‍ය ආරක්ෂාව සහ සහය ලබා දෙන එක විතරයි.

මේ වැඩසටහනින් විවිධ අංශවලට සහය ලැබෙනවා. 

◆ ( Health and Wellbeing)

◆  Sailing (during summer)

◆ Bike Riding

◆ Get active (health-nature walk, sports etc.)

◆ Fishing, Equine Therapy (horse riding, feed horses, help brushing them)

◆ (Community Engagement)

◆ Cafe visits, Community and Social Group (museums, galleries, parks with peers)

◆ Deliver pamphlet to local community

පුතා මේ Center එකට ගොඩක් කැමතී කියලා මට තේරුනා. එයා Dance කරලා Kitchen එකේ Cupcakes හදන තැන හැදිත් ලෙව කාලා Cupcake එකකුත් ඉවර කරා😅. ඊට පස්සේ theater එකේ Toy story විනාඩි 10 ක් විතර බලලා අපි ඉතිං සතුටින් ගෙදර ආවා.

මම දන්නවා ජිත්ම මෙතන පැය 5/6 ක් සතුටින් උඩ පැන පැන ඉදී කියලා. මට තියන සැනසීම තමයි මේ රටේ මගේ පුතාට අවශ්‍ය සහය, පිළිගැනීම සහ ගෞරවය ලැබෙන එක. ගෙදර හිර වෙලා ඉන්නවට වඩා එයාගෙම Community එකක් ඇතුළේ දරුවාගේ කුසලතා සංවර්ධනය කරගන්න සහය ලැබෙන එක විශාල උදව්වක්. මට මෙතන ගොඩක් වීඩීයෝ නං ගන්න බැරි උනා අනිත් participants ලව පේන නිසා. පුලුවන් හැම ඉඩකම මම අළුත් විස්තර පේජ් එක හරහ ඔයාලා එක්ක බෙදාගන්නම්.

සෑම දරුවෙක්ටම අවශ්‍ය සහය වගේම ගෞරවය ලැබෙන්න ඕනේ. අනුකම්පාව සහ විනිශ්චය හරහා දරුවන්ගේ ජීවිත වලට ලැබෙන දෙයක් නෑ. රටක තියෙන්න ඕනේ පැහැදිලි ක්‍රමවේදයක් සහය අවශ්‍ය තරුණ තරුණියන් , වැඩිහිටියන් හඳුනාගෙන ඔවුන්ට ගෞරවාන්විතව සහය දෙන්න. හැම මනුශ්‍ය ජිවිතයකටම ලැබෙන්න ඕනේ එක හා සමාන වටිනාකමක්.

✍️ Shalani Weerawardana

මුල් සබැඳිය : ජිත්ම සහබාගි උන Social Connect වැඩසටහන