අපි වාචික සන්නිවේදනය ප්‍රධානම සන්නිවේදන මාධ්‍ය හැටියට නෙමේ තවත් එක සන්නිවේදන මාධ්‍යක් හැටියට තමයි සළකන්නේ. එතකොට වාචික සන්නිවේදනය අසීරූ ඔටිසම් දරුවෙක්ට වෙනත් සන්නිවේදන ක්‍රමයන් හඳුන්වා දෙන්න ඕනේ. ඒත් ඒ හැම දේම පදනම් වෙන්නේ දරුවාගේ විවිධත්වය මත.ඔටිසම් කියන්නේ එක රාමුවක් ඇතුළේ තියන විවිධත්වයක් නෙමේ වගේම අවුරුදු 12/16 න් නැති වෙලා යන විවිධත්වයකුත් නෙමේ. මම ස්තූතිවන්ත වෙනවා ශලාට ජිත්මගේ Journey එක ගැන අපි එක්ක බෙදාගන්න එකට. ඔටිසම් දරුවෙක් ඉන්න හැම දෙමව්පියෙක්ගෙම ඒ අත්දැකීම එකිනෙකට වෙනස්. ඒත් දෙමව්පියන් එකට එකතු වෙන තැන තමයි තමන්ගේ දරුවන්ගේ හඩ සමාජගත කරන තැන. අවාසනාවට ලංකාවේ තමන්ගේ දරුවන්ගේ විවිධත්වය ගැන සමාජය දැනුවත් කරන දෙමාපියන් ඉන්නේ ඉතාම අතලොස්සක් විතරයි. ඒ නිසයි ඔටිසම් ගැන මිථ්‍යාවන් සහ නිවැරිදි නොවෙන අදහස් මහා ගොඩක් අපේ සමාජයේ තියෙන්නෙ.

ශලා Thank you ඔයාට මේ වගේ සමාජය දැනුවත් කරන අම්මා කෙනෙක් වීම ගැන. පුද්ගලිකව ශලිනි මට එමලි එක්ක මේ Journey එක යනකොට නොනැවතී ඉස්සරහට යන්න හයියක් දුන්න අම්මෙක්. ❇️ Love you Shalani Weerawardana 

💠💠💠💠💠💠💠💠💠💠

මේ Clip එකේ තියෙන්නේ Jithma ආච්චිට සීයට video call එකෙන් hi කියන ආකාරය සහ හවස් වරුවක එයාට අවශ්‍ය දේවල් මගෙන් PECS හරහා අවස්ථා කීපයකදී ලබාගත් ආකාරය.

වාචික සන්නිවේදනය අපහසු jithma එයාගෙ සන්නිවේදන අවශ්‍යථාව සපුරා ගැනීම සිදුකරන්නේ PECS, sounds, gesture, touch හරහා.

මම AAC හරහා සන්නිවේදනය හදුන්වාදීමට ගත් උත්සාහය තුන්වන වතාවට අසාර්ථක වීම නිසා පුතා APP පාවිච්චියට ready වෙනකම් කාලය දෙන්න ඕන කියල හිතුන.

Autism is a complex spectrum, and so are the parents. What works for one does not necessarily work for all. Don’t judge or compare if you are an audience.

අවුරුදු 22 ක තරුණයකුට මෙච්චර කල් මොකද කලේ කියල හිතුණ නං මට කියන්න තියෙන්නෙ Please study the full spectrum කියල තමා.

✍️ Shalani weerawardana

මුල් සබැඳිය : ජිත්මගේ Journey එක